දිනසේන රතුගමගේ –
යාපනයේ සුප්රසිද්ධ හා ධනපති ස්වර්ණාභරණ වෙළෙන්ඳකුගේ බිරිදක් ස්වාමියාට හොරෙන් නිවස තුළ හෙරොයින් අලෙවි කරමින් සිටියදී පොලිස් කණ්ඩායමක් විසින් ඇයව 8 දා අත් අඩංගුවට ගෙන තිබේ.
ඇයගේ නිවසේ තිබී හෙරොයින් ග්රෑම් 80 ක්ද පොලිසිය විසින් සොයා ගෙන තිබේ.
හෙරොයින් අලෙවි කළ කාන්තාව පොලිසියට රැගෙන යාමෙන් පසුව සිද්ධිය සැල වූ ඇයගේ සවාමියා පොලිසියට පැමිණ කාන්තාවට පහර දෙන්නට පටන්ගත් අවස්ථාවේදී පොලිසිය මැදිහත් වී එය නතර කරගෙන ඇත.
මෙම කාන්තාව ස්වාමියාට හොරෙන් නිවස තුළ හෙරොයින් ජාවාරම කාලයක් තිස්සේ කරගෙන ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබේ.
යාපනයේ ආනේකෝට්ටේ පාලම් පාරේ පිහිටි නිවසේ සිටි 36 හැවිරිදි කාන්තාවක් මේ අන්දමට හෙරොයින් අලෙවි කිරීමේ නිරතව සිට ඇති අතර ඇය පොලිසියට පවසා ඇත්තේ තමන් ස්වාමියාට හොරෙන් ලබා ගෙන ඇති විශාල ණය මුදලක් පියවීම සදහා මෙම ජාවාරමේ නිරත වූ බවයි.
සැකකාරිය යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට යාපනය පොලිසිය පියවර ගෙන තිබේ.







