දැනට පවතින වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක් සිදු කරමින් දිනයිනේ ප්‍රදේශ කිහිපයක වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව නැගෙනහිර සහ ඌව පළාත්තවලත්, පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි ඇති වේ.
මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ක පමණ තරමක තද වැසි ද ඇති වේ.
එසේ ම උතුරු පළාත හා අනුරාධපුරය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති වේ.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මාතලේ, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත්
ස්ථාන කිහිපයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවියැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු
අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට අවධාරණය කෙරේ.







