අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විමල්ගේ පිටපතට ආණ්ඩුවෙන්ම විරෝධය…

by editor
අප්‍රේල් 4, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සමස්ථ කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස්වුවද   යළි නව කැබිනට් මණ්ඩලයක් පත් වන්නේ මෙම ආණ්ඩුවේ දේශපාලන පක්ෂවලින්ම බව වාර්තා වේ. ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ එකොළහ යළි එකතු වී කැබිනට් මණ්ඩලයක් යළි පිහිටවා ගැනීමට නියමිත බව අභ්‍යන්තර  ආරංචි මාර්ග පෙන්වා දෙයි.

පවතින ආර්ථික අර්බුදයට නිශ්චිත වැඩපිළිවෙළක් හෝ  සාධාරණ  සංවාදයක් ඇතිවී නැති බැවින්  විමල් වීරවංශ විසින්  අන්තර්වාර පාලනය ලෙස නම් කළ දේශපාලන ව්‍යාපෘතියක් සඳහා  ටී.එන්.ඒ, ජාතික ජන බලවේගය, සමගි ජනබලවේගය, ඇතුළු ප්‍රධාන විපක්ෂය ප්‍රතික්ෂේප කර ඇති  බව වාර්තා වේ.

කෙසේ වෙතත් ආණ්ඩුවෙන් ඉවත් වූ විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු කණ්ඩායම යෝජනා කළ පරිදි මේ වනවිට සමස්ථ කැබිනට් මණ්ඩලය ඉවත්වීම සඳහා පත්‍රිකාවකට අත්සන් කර ඇත. ඊට මුලින්ම අත්සන් කර ඇත්තේ මහින්ද අමරවීර බව වාර්තා වේ.

නාමල් රාජපක්ෂ සහ අධිකරණ ඇමති අලි සබ්‍රි සිය තනතුරුවලින් ඉල්ලා අස් වී තිබෙද්දී බැසිල් රාජපක්ෂ තනතුර හැර නොයෑමේ දැඩි ස්ථාවරයක සිටි බවත් දිනේෂ් ගුණවර්ධන සහ ජී.එල් පීරිස් ද එම ස්ථාවරයේ සිටි බවත්  දැනගන්නට ඇත.

කෙසේ වෙතත් මේ වනවිට විමල් වීරවංශ ඇතුළු කණ්ඩායම යළි සිය බලය තහවුරු කරගෙන ජනතා විරෝධය යටපත් කරමින්  රාජපක්ෂ පාලනය තහවුරු කර පවත්වා ගැනීම සඳහා කරන ලද සැලසුමක තොරතුරු ද  අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග හෙළිදරව් කරමින් ඇත.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

වාර්තා වන පරදි සිද්ධිය මෙසේය.

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල පසුගිය 02 දා උදේ  වරුවේ අගමැති මහින්ද රාජපක්ෂත්, සවස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂත් හමුවී දීර්ඝ ලෙස සාකච්ඡාවක් පවත්වා තිබිණි. එම සාකච්ඡාවෙන් පසු විමල් වීරවංශ මාධ්‍ය අමතා කීවේ දැන් කැබිනට් මණ්ඩලය ඉවත් වී සියලු දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කර අන්තර්වාර පාලනයක් වෙත යා යුතු බවය.

ඔහු විශ්වාසභංගය සම්බන්ධ අදහස අත්හැර මෙම අන්තර්වාර පාලනය ගැන කතා කරන්නේ අගමැති හා ජනපති හමුවී කළ සාකච්ඡාවෙන් පසුවය.

වාර්තාවන  පරිදි විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර සහ ටිරාන් අලස් සම්බන්ධ වූ මෙම සාකච්ඡා වට දෙකෙහිදීම අවධානය යොමු කර ඇත්තේ රාජපක්ෂ පවුලට එල්ල වී ඇති විරෝධය පාලනය කරගන්නා ආකාරය ගැනය. එහිදී විමල් ඇතුළු කණ්ඩායම අවධාරණය කර ඇත්තේ බැසිල්ට සහ නාමල්ට රට තුළ දැඩි විරෝධයක් ඇති තිබෙන බවත්, එම විරෝධය සමනය කිරීම සඳහා ඔවුන්ට ඉල්ලා අස්වන ලෙස දැනුම් දෙන ලෙසත්ය.

ඔවුන්ගේ  ඉල්ලා අස්වීමෙන් පසු ජනතාව සන්සුන් වනු ඇති බවත්, ඉන් පසුව මතුව ඇති ගැටලු විසඳාගෙන පහසුවෙන් ඉදිරියට යා හැකි බවත් විමල් සහ උදය දීර්ඝ ලෙස කරුණු දක්වා ඇතැයි එම දේශපාලන ආරංචි මාර්ග කියයි.

ඒ අනුව මේ ගැන තීරණයක් ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ  මැති ඇමතිවරු ඊයේ (03)  රාත්‍රියේ පැය තුනකට ආසන්න කාලයක් සාකච්ඡා කර ඇත.

එම සාකච්ඡාවට බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයා සහභාගී නොවූ බව ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ග සනාථ කරයි.

එහෙත් ඊට සහභාගී වූ නාමල් රාජපක්ෂ සිය ඇමති ධුරයෙන් ඉවත්වන බව ප්‍රකාශ කරමින් පිටත්ව ගිය පසු බැසිල් රාජපක්ෂට තාවකාලිකව  සිය ඇමති ධුරයෙන් ඉවත් වන ලෙස ජනාධිපතිවරයා  සහ අගමැතිවරයා ලවා හිතවතුන් දෙදෙනෙක් අතේ පණිවිඩ යවා ඇතත් ඒ පණිවිඩ කිසිවක් ඔහු මුලින් භාරගෙන  නැති බව දැනගන්නට ඇත.

කෙසේ වෙතත්  බැසිල් රාජපක්ෂ තම හිතවතුන් හා පවුල් සාමාජිකයන් සමග සාකච්ඡා කර ඉන් අනතුරුව සිය  කැමැත්ත පල තිබුණු බව පැවසිනි. අනතුරුව බැසිල් හදිසියේ කැඳවූ කැබිනට් හමුවට එක් වී සිටියේය.

මෙම කැබිනට් හමුවත් උනුසුම් වාද විවාද සහිතව පැවැත්වෙමින් තිබුණේ විමල් උදය ඇතුළු කණ්ඩායමේ අභිප්‍රායම ඉෂ්ඨ කිරීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයාය මැදිහත් වී ඇති බවට ඇති වී තිබුණු මතයත් සමගය.

කෙසේ වෙතත් ආණ්ඩුවට එල්ලවන  ජනතා විරෝධය පාලනය කරන අතර  ගිලිහී ගිය සිය බලය  ස්ථාවර කරගැනීමට විමල් වීරවංශ ඇතුළු කණ්ඩායම දියත් කළ ගැඹුරක් නැති දේශපාලන ගනුදෙනුවකට වැඩි යමක් මේ සියල්ල තුළ නැති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

බඩගින්නේ මැරෙන්න නියමිත මිනිසුන් සහිත රටට   බරපතල ආර්ථික ප්‍රතිසංස්කරණ සහිත  කළමනාකරණ වෙනසක් අවශ්‍ය මොහොතක මේ දේශපාලන විගඩම් පවතින තත්වය තවත් උග්‍ර කරනු ඇතැයි බොහෝ දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඇමතිවරු අස්වෙති ! ඒත් ප්‍රශ්නයට  විසඳුම් නැතිව තවදුරටත් සාකච්ඡා  !

Next Post

ස්වාධීන වූ ශ්‍රී.ල.නි.ප.ය ඉදිරිය ගැන තීන්දු ගන්න අද රැස් වෙයි…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.