සුමිත් පොතුපිටිය –
බොල්ගොඩ ගගේ විනෝදයට ජෙට් ස්කි පදිමින් සිටි පුද්ගලයකු ගග හරහා දිවෙන පාලම් පාරුව ගැටගස තිබෙන කඹයේ පැටලී අද (25) දියේ ගිලී මියගොස් ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .
පානදුර දිග්ගල ශ්‍රීයා මාවතේ පදිංචිව සිටී එෂාන් විතාන නමැති 42 හැව්රිදි අවිවාහකයකු මෙලෙස මියගොස් ඇති බව පොලිසිය කීය.

මියගොස් ඇති තැනැත්තා පුරුද්දක් වශයෙන් රස්කින් දූපත ආසන්නයේ බොල්ගොඩ ජලාශයේ විනෝදාංශයට ජෙට් ස්කි පදිමින් සිටින අයෙකු බව සදහන් වේ.
ඔහු අද දිනයේද ජෙට් ස්කි පදිමින් විනෝද වෙමින් සිටියදී පෙරවරු 10.05 ට පමණ ගග හරහා දිවෙන පාළම් පාරුවේ ගැටගසා තිබූ කඹයේ ගැටී දියේ ගිලී ඇති බව පොලිසිය කීය.
ධීවර යාත්‍රා සහ ජෙට් ස්කි මගින් අතුරුදන් පුද්ගලයා සොයා මෙහෙයුම් කල අතර , පැය දෙකකට පමණ පසුව ඔවුන් විසින් සිරුර දිග්ගල තොටුපොලට රැගෙන විත් ත්‍රීරෝද රථයකින් පානදුර මූලික රෝහලට රැගෙන ගිය නමුත් ඔහු ඒ වනවිටත් මියගොස් සිටී බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
පානදුර උතුර ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල් ගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක ආර්.ඩබ්. රන්කොත් සහ කොස්තාපල් අමරසිරි (64845) පරීක්ෂණ පවත්වති.







