බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විනාඩි තිහක දුරකථන ඇමතුම අතරතුර ඇමරිකාව, ඊශ්‍රායලය ට කල අනතුරු ඇඟවීම….

by lankasara-editor
අප්‍රේල් 6, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අමායා උඩුවැරැල්ල –

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පසුගිය බ්‍රහස්පතින්දා දින ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමග දුරකථනයෙන් සම්බන්ධ වී ගාසා තීරයේ සිවිල් වැසියන් සහ සේවකයින්ට සහාය වීමට ඊශ්‍රායලය ස්ථිර පියවර නොගතහොත් තමන් සිය ප්‍රතිපත්ති ප්‍රවේශය පිළිබඳව නැවත සලකා බලන බවට අනතුරු ඇඟවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ගාසා තීරයේ සිටි සහන සේවකයන් හත් දෙනෙකු  ඊශ්‍රායලය විසින් , හමාස් සමාජිකයන් යැයි සිතා ප්‍රහාර එල්ල කර ඝාතනය කල සිදුවීමෙන් අනතුරුව රාජ්‍ය නායකයින් දෙදෙනා දුරකථන ඇමතුමක් ඔස්සේ විනාඩි 30 ක පමණ කාලයක් සංවාදයක නිරත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන් වනවා.

දුරකථන ඇමතුම අවසන් වීමෙන් පසුව ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ ජනාධිති බයිඩන් ඊශ්‍රායලයේ ක්‍රියා පිළිවෙත සම්බන්ධයෙන් කලකිරීමට පත්ව ඇති බවත් පවතින තත්ත්වය පිළිගත නොහැකි බවත් ය.

ඊශ්‍රායලයට සහයෝගය දක්වන හිතවත්ම ආධාරකරුවෙකු වන එක්සත් ජනපද ජනාධිපතිවරයා, මෙලෙස ඊශ්‍රායලයට අනතුරු ඇඟවූයේ ප්‍රථම වතාවට බව සඳහන් වනවා.

ගාසා තීරයේ යුධ ගැටුම් හේතුවෙන් දුක් විඳින සිවිල් ජනතාව

දුරකථන සංවාදයෙන් පැය කිහිපයකට පසු, ඊශ්‍රායලය ද ප්‍රකාශයක් නිකුත් කරමින් තමන් ගාසා තීරයේ උතුරු මායිමේ Erez හරස් මාර්ගය විවෘත කරන බව කීවා. ඒ  අනුව  අෂ්ඩොඩ් වරාය හරහා තාවකාලිකව ආධාර බෙදා හැරීමට ඉඩ දෙන බැවින් තවත් මානුෂීය ආධාර ගාසා තීරයට යවන ලෙසත් දන්වා තිබෙනවා. එමෙන්ම කෙරෙම් ෂැලොම් දේශසීමා හරස් මාර්ගය හරහා පැමිණෙන ජෝර්දාන ආධාර ප්‍රමාණය වැඩි කරන බවද එම ප්‍රකාශයේ සඳහන් ව තිබෙනවා.

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

එම ප්‍රකාශය සම්බන්ධව ධවල මන්දිරය යහපත් ප්‍රතිචාරයක් දක්වා ඇති නමුත් ධවල මන්දිර ප්‍රකාශක ඇඩ්‍රියන් වොට්සන් පැවසුවේ එම පියවර සම්පූර්ණයෙන් හා වේගයෙන් ක්‍රියාත්මක කළ යුතු බවයි.

දුරකථන ඇමතුම අතරතුර, බයිඩෙන් ගාසා හි මානුෂීය තත්වය ස්ථාවර කිරීමට සහ වැඩිදියුණු කිරීමටත් අහිංසක සිවිල් වැසියන් ආරක්ෂා කිරීමටත් ක්ෂණික සටන් විරාමයක් අත්‍යවශ්‍ය බව අවධාරණය කල බවත් ධවල මන්දිරය පවසා තිබෙනවා. කෙසේ වෙතත් එක්සත් ජනපද නිලධාරියෙකු පවසා ඇත්තේ බයිඩන් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති වෙනස් කිරීමේ තර්ජනය අදාළ වන්නේ, ඊශ්‍රායලය සිවිල් වැසියන් ආරක්ෂා කිරීමට සහ ඔවුන්ට ආධාර කිරීම සඳහා වැඩි යමක් කළ යුතු බවට කෙරුනු එක්සත් ජනපදයේ ඉල්ලීමට පමණක් වන බවත් සටන් විරාමයක් සඳහා බයිඩන් හදිසි ප්‍රතිචාරයක් බලාපොරොත්තු නොවන බවත් ය.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්, හමාස් සංවිධානයට එරෙහිව ඊශ්‍රායලය සිදු කරන ප්‍රතිප්‍රහාරයන් ට මුල් අවධියේ දී  දැඩි ලෙස සහයෝගය දැක්වූ නමුත් ගාසා තීරයේ සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ලෙබනනයේ සහ යේමනයේ නව පෙරමුණු සමඟ යුද්ධය පුළුල් වූ විට, ඔහු සටන් විරාමයක් සහ මානුෂීය ආධාර ප්‍රවේශයක් සඳහා ඊශ්‍රායලය යොමු කිරීමට උත්සාහ කර තිබෙනවා.

පසුගිය මාසයේදී එක්සත් ජනපදය සටන් විරාමයක් ඉල්ලා, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ පැවති ඡන්දයෙන් වැළකී සිටි අතර එය ඊශ්‍රායලයේ කෝපයට පත් කරන්නක් වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා. එලඹෙන නොවැම්බරයේ පැවැත්වීමට නියමිත මැතිවරණ තරඟයේදී බයිඩන්ට ලැබෙන සහයෝගය අඩපණ කළ හැකි ගාසා තීරයේ යුද්ධය, ඔහු හැසිරවීම සම්බන්ධයෙන් වන ඩිමොක්‍රටික් පක්‍ෂයේ කෝපයට ද බයිඩන් මුහුන දෙමින් සිටිනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන්!

Next Post

රටේ ක්‍රිකට් අලුත් කළ මොණරාගල “බට්ටී…”  

Related Posts

පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.