බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදුලි සැර වැදී අභ්‍යන්තර අවයවවලට හානි වෙලා… පාලිත තෙවරප්පෙරුමගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු වෙයි…

by editor
අප්‍රේල් 17, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සුමිත් පොතුපිටිය –

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ මරණය විදුලි සැර වැදීමෙන් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් වලට සිදුවූ බරපතළ හානි   හේතුවෙන්  සිදුවූ මරණයක් බව  පශ්චාත් පරීක්ෂණයේදී තහවුරු වී තිබේ.

කළුතර නාගොඩ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී  කේ එම් .ටී .බී. ගුණතිලකගේ ප්‍රධානත්වයෙන් අද (17 ) කළුතර  නාගොඩ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේ දී  පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්විණි.

අමාත්‍යවරයා අනතුරට ලක්වූ   යටදොළවත්ත , නවුත්තුඩුව කරම්පෑතර පිහිටි ස්ථානය කළුතර විශේෂඥ  අධිකරණ වෛද්‍ය නිලධාරී  කේ.එම්.ටී.බී. ගුණතිලක නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරනු ලැබීය.

මරණ පරීක්ෂණය සිදු කළ ස්ථානය..

හිටපු අමාත්‍යවරයාගේ බිරිඳ වන අමිතා නාලිංගනී අමරතුංග විසින් කළුතර ශික්ෂණ  රෝහලේදී මෘත දේහය හඳුනාගන්නා ලදී.

අනතුරුව කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් අමාත්‍යවරයා අනතුරට ලක් වූ ස්ථානය නිරීක්‍ෂණය  කරන ලද අතර, මතුගම අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් ස්ථානීය පරීක්ෂණයක්ද සිදුකරන ලදී .

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට පෙර කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් නීතා හේමමාලි හාල්පාන්දෙනිය විසින්ද මෘත දේහය පරීක්ෂා කරනු ලැබීය.

අමාත්‍යවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංග බණ්ඩාර ඇතුළු එම පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් ද කළුතර ශික්ෂන් රෝහලට පැමිණ සිටි අයුරුද දැකගත හැකි විය.

එජාප ප්‍රධානීන්…

පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව පස්වරු 3.30 ට පමණ මෘත දේහය අමාත්‍යවරයාගේ බිරිඳ වෙත භාරදීමෙන් පසු කළුතර පිහිටි ජනප්‍රිය මල් ශාලාවක් වෙත රැගෙන යනු ලැබීය.

මතුගම පොලිසියේ සැරයන්වරුන් වන 48471 ජේ ඒ එන් එස් ජයලත් සහ  27739 නිමල් ශාන්ත  පොලිසිය වෙනුවෙන් සාක්කි මෙහෙයවිය.

පාලිත තෙවරප්පෙරුම ගේ අභාවය පිළිබඳ ශෝකය පළ කරමින් දොඩංගොඩ සහ යටදොළවත්ත ඇතුළු ප්‍රදේශවල මග දෙපස සුදු කොඩිවලින් සහ ශෝක ප්‍රකාශිත බැනර් වලින් පිරී  තිබූ අතර , විශාල පිරිසක්  මතුගම, යටදොළවත්ත නිවසට පැමිණෙමින් සිටින අයුරුද දැකගත හැකි විය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටුකිරීමට පොරොන්දුවෙන ජාතික ජනබලවේගයේ ප්‍රතිඥාව හෙට අගරදගුරු හිමිපාණන්ට…

Next Post

විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සහිත ගැසට් නිවේදනය නිකුත් වේ… ලබන සතිය තුළ පාර්ලිමේන්තුවට…

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.