විදුලිබල ක්ෂේත්‍රයේ යෝජිත ප්‍රතිසංස්කරණ පිළිබඳ ගැසට් නිවේදනය ඊයේ (17) ප්‍රකාශයට පත් කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
පනත් කෙටුම්පත ඉදිරි සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ච අමාත්‍ය කංචන විජේසේකර කියයි.
ජනවාරි මාසයේදී පාර්ශ්වකරුවන් විසින් යෝජනා කරන ලද සංශෝධන සංශෝධිත පනත් කෙටුම්පතට කෙටුම්පත් කර ඇති බව ද ඔහු ප්‍රකාශ කරයි.
ඒ අනුව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දිනයේ සිට එහි නීත්‍යානුකූලභාවය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමට මහජනතාවට සති දෙකක කාලයක් හිමිවනු ඇත.