පවතින වර්ෂාවත් සමග ලෙප්ටොෆයිරොසියාව හෙවත් මී උණ රෝගීන්ගෙ සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩිවන බව වසංගත රෝග ඒකකය සඳහන් කරයි.
මේ වසර තුළ මේ දක්වා දක්වා කාලයේ දී රෝගීන් 4400ක් දෙනා වාර්තා වී ඇති අතර 70 පමණ දෙනා මරණයට පත්ව ඇතැයි වසංගත රෝග ඒකකයේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ තුෂානි පෙරේරා සඳහන් කළාය.
රත්නපුරය, කෑගල්ල, ගාල්ල, මාතර, කලුතර හම්බන්තොට ආදිය ප්‍රදේශවලින් වැඩිවශයෙන් රෝගීන් වාර්තා වී ඇතැයි වෛද්‍යවරිය සඳහන් කරයි.
කුඹුරු ආශ්‍රිත රැකියාවන්හී සහ පතල් කර්මාන්තයේ නිරතවන පුද්ගලයින් වැඩිවශයෙන් මී .උණ රෝගයට ගොදුරු වන බැවින් රෝගය පිලිබඳව ඔවුන් වඩාත් කල්පනාකාරී වීම වැදගත් බව ඇය පෙන්වාදේ.
උණ රෝගය වැළදුණ පුද්ගලයින් වෙල්ආශ්‍රිතව සෙල්ලම්කර, හෝ ,දියකඩිතිවල මාළු බෑම හෝ ස්නානය කර ඇතැනම් ඒ පිලිබඳව වෛද්‍යවරයා දැනුවත් කරන්නැයි වෛද්‍ය තුෂානි ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
මෙම රෝගය පහසුවෙන් වලක්වා ගත හැකි බැවින් අවදානම් රැකියාවන් හී යෙදෙන පුද්ගලයෙක් නම් වෛද්‍ය උපදෙස් මත ප්‍රතිජීවක /ඖෂධ ලබා ගැනීමට කටයුතු කරන්නැයිද එම ඖෂධ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා මගින් ලබා ගත හැකි යැයිද ඇය පෙන්වාදේ.







