කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිහිටි නිවාසවලටම ගොස් වැඩිහිටියන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහා ලෝක බැංකුව ණය ආධාර ලබාදි ඇතැයි කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන .ගජනායක සඳහන් කරයි.
නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කර ඇති මෙම වැඩසටහන් පසුව දිවයිනපුරා ව්‍යාප්ත කිරීමට නියමිත බව හෙතෙම පැවසීය
මෙම වැඩසටහන යටතේ වැඩිහිටියන්ගේ ඇස්පෙනීම කන් ඇසීම , මානසික සෞඛ්‍ය , පෝෂණය සහ බෝනොවන රෝගයන් පිලිබඳව සොයා බලා ඒවාට නිසි ප්‍රතිකාර ලබා දෙන බව වෛද්‍ය ගජනායක පැවසුවේය.
වැඩිහිටි නිවාසවල සිටින වැඩිහිටියන් ප්‍රතිකාර සඳහා රජයේ රෝහල්වෙත යාම මේ අනුව නතර වන අතර කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය රෝහල්වල සිටින වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් මේ අනුව රෝගී සත්කාර සේවාවන් සපයන බවද හෙතෙම සඳහන් කළේය..







