බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැටුප් වැඩිවීමේ දී රජය ඉදිරිපත් කළ ක්‍රමයට කැමති නැති සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අයට අයිතිය ආරක්ෂා කරලා දෙන්න පුලුවන් විදිහ ජනාධිපතිවරයා කියයි…

by editor
මාර්තු 21, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

වැටුප් වැඩි කිරීමත් සමග වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රය විසින් මතු කර ඇති අයිතිය සහ අභිමානය පිළිබඳ ප්‍රශ්නයට ලබා දිය හැකි විසඳුම ගැන අද (21) ජනාධිපති අනුර කුමාර දිසානායක පැහැදිලිවම ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මේ විසඳුම ගැන ප්‍රකාශ කරන්නේ අද මුදල් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කළ විවාදයට එක් වෙමිනි.

එහිදී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පිරිස් මතුකළ ගැටලුවට ලබා දිය හැකි විසඳුම ජනාධිපතිවරයා මෙසේ කීවේය.

ක්ෂේත්‍ර කීපයක ප්‍රශ්නයක් පැන නැගුනා. විශේෂයෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ. ඒ ගොල්ලන්ගේ ඕටී පැය සහ අමතර රාජකාරි ගණනය කළ ක්‍රමයක් තිබුණා. වෛද්‍යවරුන්ගෙ මේක ගණනය කළා 80න් බෙදලා. නර්සස්ලගෙ ගණනය කළා 160න් බෙදලා. එහෙම ගණනය කරපු තත්ත්වයක් තිබුණා.

හැබැයි එදා තිබුණ මූලික වැටුප 80න් බෙදපුවාම අද තියන මූළික වැටුප 120න් බෙදපුවාම අද තියන එක 120න් බෙදුවත් එදාට වඩා වැඩියි. ඒ තරම් වැඩි කරලා තියනවා මූලික වැටුප.

RelatedPosts

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

අමතර රාජකාරි පැය, අමතර කාලය, අතිකාල මේවට සූත්‍රයක් තිබුණා. මේ 80න් බෙදපු එක 120න් බෙදන්න තීරණය කළා. 120න් බෙදපු එක 160න් බෙදන්න තීරණය කළා. 160න් බෙදපු එක 200න් බෙදන්න තීරණය කළා. 200න් බෙදපු එක 240න් බෙදන්න තීරණය කළා.

එතකොට සමහර වෘත්තීන්ගේන් ආවා අපේ අයිතිවාසිකම් කප්පාදුව පිළිබඳව. අපට ඕන නම් තව අමතර යෝජනාවක් තිබුණා. 80න් බෙදන එකම ආරක්ෂා කරගෙන මූලික වැටුප ඒකට හරියන්න තියන්න තිබ්බා. මූලික වැටුප 80න් බෙදපුවාම ඒ ලැබෙන එක ලැබෙන්නම අපට තියන්න තිබුණා. හැබැයි අපි මුහුණ දුන්නා ප්‍රශ්නයකට. මොකක් ද?…

අපි එකට හතර වැටුප් අනුපාතයේ තියන්න ඕන. 1 කියන්නේ පහළම කෙනා. ඉහළම කෙනාට දැනෙන විදිහට වැටුප් වැඩි වුනේ නැතිනම් පහළම කෙනාට ඒ වැටුප් වැඩිවීම දැනෙන්නේ නෑ. ඒ නිසා උඩ ඉන්න කෙනාගේ වැටුප වැඩි වුනොත් විතරයි පහළම ඉන්න කෙනාගේ වැටුප වැඩි වෙන්නේ. ඒ නිසා තමයි උඩ ඉන්න කෙනාගේ වැටුප වැඩි කරන්න වැඩි බරක් තිබ්බේ.

එතකොට තමයි අපි කියන්නේ දැනටමත් අවම වැටුප 15550කින් වැඩි වෙන්නේ. මොකද එතන තියෙන්නේ උපරිම වැටුපෙන් හතරෙන් එකයි. උපරිම වැටුප අඩු වුනොත් අවම වැටුප ලැබෙන කෙනාගේ වැඩි වීම අඩු වෙනවා. ඒ නිසා අපි කළේ උපරිම වැටුප වැඩි කළා. වැඩි කරලා කිව්වා ඔයගොල්ලන්ට දෙන දීමනාවන් අපි මේ විදිහට සංශෝධනය කරන්නම් කියලා.

මෙන්න මේක පිළිබඳව පොඩි සංවාදයක් මතුවෙලා තියනවා. අපි අවශ්‍යනම් ඒක සංශෝධණය කරන්නම් මෙන්න මේ විදිහට. මේ බෙදීම ගණනය කරන්නේ 2027 ජනවාරි මාසයේ ලැබෙන වැටුපට. ඒ කියන්නේ 120න් බෙදන්න යෝජනා කළේ අප්‍රේල් මාසයේ ලැබෙන වැටුප නෙමෙයි. එයට අවසානයේ ලැබෙන පූර්ණ වැටුප තමයි 120න් බෙදන්නේ.

අපි යම් සංශෝධනයක් ගේන්න කැමතියි මෙහෙම. මූලික වැටුප 80න් බෙදන අයගෙන් 80න් බෙදලා ඒකෙන් තුනේන දෙකක් ලබා දෙනවා. 120න් බෙදපු එක 160 උනානේ. ඒක 120න්ම බෙදලා හතරෙන් තුනක් ලබා දෙනවා. 160 ට 200 උනා නේ. 200 නොකර එය 160න්ම බෙදලා පහෙන් හතරක් ලබා දෙනවා. 200 ය 240 උනානේ. ඒ ගොල්ලන්ට 200න්ම බෙදලා හයෙන් පහක් ලබා දෙනවා. ඉතිරි ටික ආර්ථිකය ඉතාම හොඳ ස්ථාවරයක් ආවට පස්සේ අපි ලබා දෙනවා.

ඒ ගොල්ල කියනවා නම් ඒ ගොල්ලන්ගේ 80න් බෙදීම අයිතියක් කියලා අපි ඒ අයිතිය ආරක්ෂා කරලා දෙන්නම්… හැබැයි මේ වැටුප් වැඩිවීමෙන් දෙන්නේ තුනෙන් දෙකයි. 120 බෙදීම අයිතියක් නම් අපි 120න් බෙදන්නම්. මේ අවරුද්දේ ලබා දෙන්නෙ වැටුප් වැඩිවීමෙන් හතරෙන් තුනයි. 160න් බෙදීම ඔවුන්ගේ අයිතියක් නම් 160න් බෙදන්නම්. ලබා දෙන්නේ පහෙන් හතරයි. 200න් බෙදීම ඔවුන්ගේ අයිතියක් නම් 200න් බෙදන්නම්. ලබා දෙන්නේ හයෙන් පහයි.

එතකොට මම හිතන්නේ ඒ ගොල්ලන්ගේ මූලධර්මය අපි ආරක්ෂා කරලා දිලා තියනවා. අභිමානය ඇතුළු සියල්ල රැකිලා දීලා තියනවා.

ජනාධිපතිවරයා අවසන් වශයෙන් කීවේ රටක් වශයෙන් දේශපාලන ක්ෂේත්‍රය තුළ කැපකිරීම් රාශියක් සිදුකරන්නට සැරසෙන අවස්ථාවක රාජ්‍ය සේවකයින් අභිමානය වැනි සිල්ලර කෑලිවල එල්ලී නොසිට සිය රාජකාරිය කිරීමට සූදානම් විය යුතු බවය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සැකය මත පදනම්ව ආර්ථිකයට විනාශකාරී ප්‍රකාශ කරන්න එපා… සැකයක් ඇතිනම් කතා කරන්න… අපි නොදන්න අය නොවෙයි… ජනපති විපක්ෂයට කියයි!

Next Post

ඝාතකයින් කණ්ඩායමක් දෙවිනුවර දී තරුණයින් දෙදෙනෙක් වෙඩි තබා මරා දමයි…

Related Posts

rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.