සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වාහනයම ව්‍යාජ එකක්… මල්වතු හිරිපිටිය පන්සලේ හිමිනම ඝාතනයට පැමිණ ඇත්තේ පොලිස් විමර්ශන ගැන හොඳ අවබෝධයක් ඇති පිරිසක් බව විමර්ශකයෝ කියති…  

by editor
ජනවාරි 25, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

හේනේගම කහටාන ශ්‍රී  ගණාරාම විහාරස්ථානයේ දී පෙරේදා (23) දහවල් ඝාතනය කළ කලපළුවාවේ ධම්මරතන හිමියන් ඝාතනයට පැමිණි  මෝටර් රථය  ගලෙන්බිඳුණු වැව පදිංචි ගුරුවරයකුට අයත් මෝටර් රථයක චැසි අංකය, ඇංජින් අංකය සහ ලියාපදිංචි අංකය යොදාගෙන පරිහරණය කර ඇති බව  විමර්ශන අංශ අනාවරණය කරයි.

වෙඩික්කරුවන් පරිහරණය කළ මෝටර් රථය   කළු පැහැයට හුරු තද නිල් පැහැති වාහනයක් බවත්,  ගලෙන්බිඳුණු වැව ගුරුවරයාට අයත් මෝටර් රථය සුදු පැහැති එකක් බවත්  ඒ අනුව අනාවරණය වන්නේ එකම අංකය සහ චැසි හා ඇංජින් අංක   සහිත මෝටර් රථය දෙකක් භාවිතයේ තිබීම බවත් විමර්ශන අංශ කියයි.

වෙඩික්කරුවන් විහාරස්ථානයේ වැඩ සිටි කලපලුවාවේ ධම්මරතන හිමියන්ට වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසු පළාගොස් ඇත්තේ කඩුවෙල දෙසටය. කඩුවෙල ගොඩැල්ල  කැලෑබද ප්‍රදේශයේ වෙඩික්කරුවන් ගමන් කළ මෝටර් රථය නතරකර ගිනි තබා ඇති බව පොලිසිය කියයි.

වාහනය ගිනි තබා ඇත්තේ ඇඟිලි සලකුණු ඇතුළු සාක්ෂි විනාශ කිරීමේ අරමුණින් විය හැකි බව පොලිසිය කියයි.

මෙම හිමිනමට අයත් බව කියන බැංකු ගිණුම් කිහිපයක සහ උන්වහන්සේගේ දුකට සැපට සිටින ගිහි ගෝලයකුගේ බැංකු ගිණුමක විශාල වශයෙන් මුදල් ඇති බවටද පොලිසියට තොරතුරු රැසක් ලැබී තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ සම්බන්ධයෙන්ද අධිකරණයෙන් නියෝගයක් ලබාගෙන ඉදිරියේ දී විමර්ශන පැවැත්වීමට පොලිසිය පියවර ගැනීමට නියමිතය. ගිණුම්වලට විශාල ලෙස මුදල් බැරවී තිබේනම් එතරම් මුදලක් ගිණුම්වලට ලද ආකාරය ගැන අනතුරුව විමර්ශන පවත්වන බවත් මෙම ඝාතනය හා ඒ අතර සම්බන්ධයක් තිබේදැයි සොයා බලන බවත් විමර්ශන අංශ පවසයි.

මෙම ඝාතනය සිදුවී ඇති අකාරයත් ඔවුන් මේ සඳහා භාවිත කළ වාහනයත් එම වාහනය සාක්ෂි විනාශ කිරීම සඳහා ගිනි තබා විනාශ කිරීමත් විශ්ලේෂණය කිරීමේ දී පොලිස් විමර්ශන ගැන හොඳ අවබෝධයක් ඇති අය මෙම ඝාතනය හා සම්බන්ධව සිටින බව පෙනී ගොස් තිබේ.

ඒ අය යම් ආරක්ෂක අංශයකට සම්බන්ධකම් ඇති හෝ ආරක්ෂක අංශයක සිට ඉවත්වූ අය විය හැකි බවට අනුමාන කෙරේ.

මේ ඝාතනයට  හේතුව  මත්ද්‍රව්‍ය හෝ නිදන් වස්තු සම්බන්ධව පැනනැගුණු ආරාවුලක් විය හැකි බවට ද සැක කෙරේ.   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ලෙස පැමිණ යම් දෙයක් කොල්ලකෑමට ගත් තැතක් වැර දී හිමිනමට වෙඩි තබා ඇති බවට සැකයක්ද ඇත.

හිමිනමට වෙඩි තබා ඇත්තේ උන්වහන්සේ වෙඩික්කරුවන්ට බියක් නොදක්වා ඔවුන් සමඟ ගැටීමකට යාමේ දී බව ද විමර්ශනයේ දී පෙනී ගොස් තිබේ.

වෙඩි තැබූ කල්ලිය පාතාල කල්ලියකට සම්බන්ධකමක් ඇති අයද යන්න පිළිබඳ ද සොයා බැලීමක් මේ වන විට සිදුකරමින් පවතී. වෙඩික්කරුවන්ව මෙහෙයවනු ලැබුවේ ඩුබායි හී රැඳී සිටින පාතාල අපරාධකරුවන්ද යන්න ගැනද සොයා බැලීමක් මේ වන විට බුද්ධි අංශ සොයා බැලීමක් කරයි. ඒ විවිධ සැකකටයුතු තොරතුරු රැසක් බුද්ධි අංශ වෙතද ලැබී ඇති බැවිනි.

විමර්ශන පවත්වන ගම්පහ පොලිස් කණ්ඩායම් භාර ප්‍රධානියකු සඳහන් කරනු ලැබුවේ මෙම ඝාතනයට සම්බන්ධ කණ්ඩායම ගැන මෙතෙක් නිශ්චිත තොරතුරක් අනාවරණය වී නැති බවය.

ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ, සහකාර පොලිස් අධිකාරි එස්. කේ.උපාලි හා පොලිස් අධිකාරි චින්තක පිරිස්ගේ අධික්ෂණය යටතේ මල්වතුහිරිපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ගැමුණු ගුණරත්න හා අපරාධ මර්දන විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ආනන්ද යන නිලධාරීහු වැඩිදුර විමර්ශන මෙහෙයවති. – දිනමිණ

Tags: නවතම
Share69Tweet43
Previous Post

කන්දකාඩු කඳවුර යළිත් ඇවිලෙයි… රැඳවියන් 200ක් පලා යති… පලා ගිය රැඳවියන් 57ක් අත් අඩංගුවට…

Next Post

රාජ්‍ය  ඇමති සනත් නිශාන්තගේ අවසන් කටයුතු ඉරිදා…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.