බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ව්‍යාපාර සහනයට ගෙනාව මොරටෝරියම් එක මර උගුලක්!

ව්‍යාපාරිකයෙක් ලංකාසරට කියයි

by Lanka Sara Editor
සැප්තැම්බර් 1, 2021 - Updated on සැප්තැම්බර් 2, 2021
in පුවත්, ව්‍යාපාර
Share on FacebookShare on Twitter
  • මාස 6 ණය සහනයෙන් පස්සේ හිඟ වාරික ආවේ තවත් ණයක් වෙලා – දැන් ණය දෙගුණයක්
  • සියලු ව්‍යාපාර වැටෙද්දී බැංකුවලට අසීමිත ලාභ
  • වසරක්වත් ණය වාරික ෆ්‍රීස් කළ යුතුයි
  • මහබැංකුව සල්ලි අච්චු ගහලා බැංකු හරහා දුන්නට ජනතාවට සෙතක් නෑ

 

කොවිඩ් වසංගතය හේතුවෙන් අර්බුදයට ලක්වූ ව්‍යාපාර සඳහා මහ බැංකුවෙන් ලබා දෙන සහනය දීර්ඝ කළත් එය ලබා ගැනීම මර උගුලක පැටලීමක් බව අම්පාරේ ව්‍යාපාර නායකයකු වන මෙත්තානන්ද රූපසිංහ මහතා පවසයි. මානව හිතවාදියකු ලෙස රට හඳුනාගත් මෙත්තානන්ද රූබසිංහ මහතා මීට වසර කිහිපයකට පෙර රටම හදුනාගත්තේ තම මුද්‍රණාලයේ සේවකයකුගේ අතක් හදිසි අනතුරක් හේතුවෙන් එහි වටිනා යන්ත්‍රයකට හසුවීමෙන් පසුව එම පුද්ගලයාගේ අත නැවත සුවපත් කළ හැකි ආකාරයට බේරාගැනීම සඳහා කෝටි ගණනක් වටිනා තම යන්ත්‍රය කපා දැමීමට ඉදිරිපත් වූ ව්‍යාපාරිකයකු ලෙසිනි.

අම්පාරේ ව්‍යාපාර සංගම් ගණනාවකද නිලතල හෙබවූ රූබසිංහ මහතා,  පසුගියදා ලංකාසර සමඟ ඔහු පවතින අර්බුද හමුවේ ව්‍යාපාරවල තත්වය පිළිබඳව කළ පිළිසඳර මෙසේය.

ප්‍රශ්නය – පසුගිය කාලයේ මුළු රටම ඔබ ගැන කතා කළා. කොහොමද මේ වනවිට ව්‍යාපාරවල තත්ත්වය?

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

පිළිතුර – ඔව්. මීට වසර දෙකකට විතර ඉස්සර මගේ ආයතනයේ වැඩ කළ සේවකයකු මුහුණ දුන් හදිසි අනතුරක් වෙලාවේ මම දැඩි තීරණයක් ගත්තා, මම පණ වගේ රකින මගේ කර්මාන්තයේ ජීවය වුණු කෝටි ගණනක් දීල ගෙනාපු මුද්‍රණ යන්ත්‍රය කපල හරි මේ මනුස්සය බේරගන්නවා. කියල. මේ කැප කිරිම කළේ ලකුණු දාගන්නවත් ප්‍රසිද්ධ වේන්නවත් නෙවෙයි. මට මේ මනුස්සයාගේ ජීවිතේ වටිනාකම දැනුණු නිසයි. නමුත් මේ නිසා මට රටේ විතරක් නෙවේ ලොක්යේම ප්‍රසිද්ධියක් ලැබුණා.

මේ ප්‍රසිද්ධියත් සමඟ මම අප්‍රසිද්ධියේ ගැටලු රාශියකට මුහුණ දුන්නා. කර්මාන්තය අඩාළ වුණා. යන්ත්‍රය හැදුවත් එය මුල් තත්ත්වයට පත් කරන්න බැහැනේ. මේ නිසා කාර්යක්ෂමතාව අඩුවුණා. ඒ එක්කම ආදායම් අඩු වීම නිසා මම ඒ වෙනවිට ලබාගෙන තිබුණු බැංකු ණය ටික ගෙවා ගැනීමේ ලොකු දුෂ්කරතා ආවා. මගේ මනුස්සකමට මිනිස්සු සැලකුවාට බැංකු ඒ ගැන සලකන්නේ නැහැනෙ. ඉතින් මාව ඒ දවස්වල අගය කරපු පසුගිය රජයේ මැති ඇමැතිවරුන්ටත් මගේ ප්‍රශ්නය කිව්වා. කාගෙන්වත් ලොකු විසඳුමක් ලැබුණේ නෑ. ඒ අතරේ අර අත බේරගත්ත මගේ සේවකයාත් මගෙන් වන්දි ඉල්ලලා මේ වනවිට නඩු දාල තියෙනවා. අද මට ඒවටත් මුහුණ දෙන්න සිදුවෙලා. කොහොමත් මේ සියලු ප්‍රශ්න මැද අපේ ධෛර්යයෙන් යළිත් යම් මට්ටමකට ව්‍යාපාරය හදාගෙන එනකොට තමයි කොවිඩ් වසංගයෙන් අපිට ලොකු බලපෑමක් වුණේ.

මගේ ව්‍යාපාර ක්ෂේත්‍රය මුද්‍රණ ක්ෂේත්‍රය . ඔබ දන්නවා රටේ පවතින වසංගතය එක්ක වැටුණු ව්‍යාපාර අතර මුද්‍රණ කර්මාන්තයත් එකක්. සංචාරක, පොදු මගී ප්‍රවාහන සේවා වගේ ව්‍යාපාර අතර මුද්‍රණ කර්මාන්තයත් එකක්.

ප්‍රශ්නය – ව්‍යාපාරවලට කොවිඩ් ණය සහනයක් දැන් වසරකට එහා කාලයක සිට ක්‍රියාත්මක වුණානේ?

පිළිතුර – ඒ ගැන නම් කියන්න කණගාටුයි. මේක කිසිසේත් ණය සහනයක් නෙවෙයි. කිව්වේ මොරටෝරියම් කියල. නමුත් මේක ඇත්තටම මර උගුලක්. එයින් වුණේ ව්‍යාපාරිකයන් තවත් ණයකාරයන් වුණ එක පමණයි.

ප්‍රශ්නය – ඇයි ඔබ එහෙම කියන්නේ රජය බිලියන 60ක පමණ මුදල් මේ සඳහා නිදහස් කළා කියනවා?

පිළිතුර – රජය ව්‍යාපාරිකයන්ට සහනයක් කියල දෙයක් දුන්නා. නමුත් ඒක සහනයක් වත් ආධාරයක්වත් නොවෙන මට්ටමින් තමයි ක්‍රියාත්මක වුණේ. අන්තිමේදී වුණේ තිබුණු ණය කන්දට තවත් ණයක් එකතුවෙලා තිබුණටත් වඩා ණය බරත් මාසිකව ගෙවන්න සිද්ධ වුණු එක විතරයි. මේ නිසයි මම කියන්නේ මේක තවත් ණය උගුලක් පමණක් කියල.

ප්‍රශ්නය – කොහාමද ඒක වුණේ?

පිළිතුර – මේ ණය සහනය බැංකුවලට සහ ලීසිං ඇතුළු බැංකු නොවන ව්‍යාපාර ආයතනවලට ආදළ වුණා. මේ අනුව මාස හය බැංකු අපට ණය කියන සහන කාලයේදි ණය වාරික නොගෙවා ඉන්න පුළුවන් වුණා. නමුත් ඊට පස්සේ මොකද වුණේ අර නොගෙවා හිටි කාලයට හිග වුණු මහ හැරුනු වාරික හය වෙනත් ණයක් ආකාරයෙන් තවත් පොලියකුත් එක්ක අපට ලබා දුන්නා. මාස හය පසුවෙනකොට වැටිල ඉන්න ව්‍යාපාරිකයා ව්‍යාපාරය ආරම්භ කළ ගමන් අනෙක් ඔක්කොම පුශ්න අමතක කරල මේ ණය ගෙවන්න සල්ලි හොයන්න වුණා. සමහර ව්‍යාපාරවලට ආදායම් ප්‍රමාණවත් නොවුණු නිසා මේ ණය ගෙවා ගන්න බැරිව හිරවෙලා. ඉතින් කොහොමද මේක සහනයක් වෙන්නේ. එයින් වුණේ ව්‍යාපාරිකයො මර උගුලකට කොටු වීම. තිබුණු ණය තවත් වැඩි වීම .

මෙයින් වාසියක් වුණේ ඉතා අධික පොලියක් අය කර ගත්ත බැංකු සහ මූල්‍ය ආයතන අසීමිත ලෙස ලාබ ලැබීම. රටේ සියලුම ව්‍යාපාර වැටිල තියෙද්දී බැංකු විතරක් ලාබ ලබා තිබෙන්නේ එහෙමයි. ඉතින් ආණ්ඩුව දුන්නු බිලියන 60ක සහනේ වැඩිම ලාබයක් ලැබුවේ එම ව්‍යාපාර ආයතනයි.

ප්‍රශ්නය -අද අපි මේ කතා කරන්නේ තීරණාත්මක දවසක. ඊයේ වනවිට මහ බැංකුවෙන් ලබා දුන් සහන කාල සීමාව ඉවරයි. නමුත් වසංගතයවත් රටේ ව්‍යාපාරවල ප්‍රශ්නවත් අහවර වෙලා නෑ. මේ වැඩේ අසාර්ථක නම් ඔබ කරන යෝජනාව මොකක්ද?

පිළිතුර – මම කියන්නේ අපට සහනයක් දෙනව කිව්ව නම් දෙන්න ඕන සහනයක්. එක්කෝ එම සහන කාල සීමාව තුළ කිසිදු පොලියක් අය කර ගත යුතු නැහැ. එම කාල සීමාව තුළ අදාළ ණය වාරික නිශ්චිත කාලයකට පැත්තකට කර (ෆ්‍රීස් කර) තැබිය යුතුයි. පසුව මාස හයකින් පසුව යළිත් ණය සුපුරුදු ආකාරයට ගෙන යන්න ඉඩ දෙන්න ඕන. අර හිග මාස හයට පොලියකින් තොරව පසුව ණය අය කර ගත හැකියි. මීට අදාල පොලිය බැංකු වෙත රජයෙන් ලබා දිමයි වඩාත් සුදුසු. මම හිතන්නේ මේ රටේ බැංකු පද්ධතියට මේ තත්ත්වය දරා ගත හැකියි. ඊට අදාළ පහසුකම් සහ සහන මහ බැංකුවට මුදල් මුද්‍රණය කර හෝ දුන්නාට කමක් නැහැ. කියලයි මගේ අදහස. එහෙම නැතිව සහන දෙනවා කියල මහ බැංකුව මුදල් අච්චු ගහල මේ බැංකු පද්ධතිය හරහා ජනතාවට හෝ ව්‍යාපාරවලට ලබා දීමෙන් කිසිම සෙතක් වන්නේ නෑ. ඔබ කිව්ව වගේ අද මේ සහන කාලය නිමා වෙනවා. නමුත් මම රජයට යෝජනා කරන්න කැමතියි රටේ ව්‍යාපාර ටික බේර ගෙන ඔවුන්ට අනාගතය හදා ගන්න නම් මේ තියත තත්තවය අනුව මම ඉහත කී ආකාරයට අඩුම ගණනේ වසරක කාලයක්වත් සහනයක් ලබා දිය යුතුයි.

ප්‍රශ්නය – රජයත් මේ මොහොතේ ඉන්නේ ආර්ථික අර්බුදයක එවැනි ත්ත්වයක අපට මෙවැනි සහනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?

පිළිතුර – රජයට ආර්ථික අභියෝයක් තිබෙනවා කියන එක ඇත්ත. නමුත් මේ වසංගතයෙන් පසුව අපි නව සාමාන්‍ය රටාවක් තුළ එම වසංගතයෙන් ඉගෙන ගත්ත පාඩම් අභියෝග එක්ක යළි ව්‍යාපාර පටන් ගන්න ඕන.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බෘෘස්ලී ඝාතනනයට සැක පිට ආවා නායකයා අත්අඩංගුවට…

Next Post

60ට වැඩි අයට කලින් 30ට වැඩි අයට එන්නත් දෙන්න තීන්දු කළ අය කවුදැයි ඇමතිවරයෙක් කියයි

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.