දිනසේන රතුගමගේ –
යාපනයේ ගුරුනගර් ප්රදේශයේදී බෲස්ලී නමින් හදුන්වන තරුණයාව කඩුවකින් කපා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් ආවා කල්ලියේ හිටපු නායකයෙකු වන විනෝද් නැමැත්තා සමග ඔවුන්ගේ සහායකයින් තුන් දෙනෙකු ඊයේ ( 31 ) යාපනයේදී අත් අඩංගුවට ගෙන තිබේ.
යුද හමුදාවේ බුද්ධි අංශයේ නිලධාරීන් විසින් සිදු කරන ලද විමර්ශනයකදී මේ පිරිස සැගව සිටින ස්ථානය හඳුනාගෙන ඇති අතර ඔවුන් යාපනය චුන්නාකම් පොලීසියට කළ දැණුම් දීමක් මත පොලීසිය විසින් ඔවුන් හතර දෙනාව අත් අඩංගුවට ගෙන තිබේ.
යාපනයේ මරදනාමඩම් ප්රදේශයේදී යාපනයේ බෲෂ්ලි නමින් හැදින්වූ පුද්ගලයාට කඩුවකින් කොටා පසුගිය 28 දා ඝාතනය කොට තිබුණේ මේ පිරිස බවට පොලීසියට තොරතුරු ලැබී තිබේ.
දැනට අත් අඩංගුවේ සිටින විනොද් නැමැත්තා යාපනයේ ක්රියාත්මක ආවා කල්ලියේ නායකයා වසහ්යෙන් සිට ඉන් පසුව ඉන් ඉවත් වී විනොද් කල්ලිය පිහිටුවා ගන්නා ලද පුද්ගලයාය.ඔහුගේ සගයින් වන නිශාන්තන් කෞෂිකන් හා තවත් අයෙකු පොලිස් අත් අඩංගුවට පත්ව තිබේ.
යාපනය චුන්නාකම් පොලීසිය සැකකරුවන් හතර දෙනාගෙන් ප්රශ්න කර ගෙන යයි.