හැටන් – රන්ජිත් රාජපක්ෂ –
මධ්‍යම පලාත් මාරගස්ථ ප්‍රවාහන අධිකාරියේ මුද්‍රා සහිතව ව්‍යාජ ලෙස සකස් කරන ලද මගී ප්‍රවාහන අවසර පත්‍රයක් ලඟ තබා ගනිමින් ධාවනය කල පෞද්ගලික සුපෝකභෝගි බස් රථයක් අද (27) අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය පවසයි.
කිසිවෙකුට සැක නොසිතන ආකාරයට සකස් කළ මෙම ව්‍යාජ බලපත්‍රය සමග හැටන් නුවරඑළිය මාර්ගයේ අදාල සුඛෝපභෝගී පෞද්ගලික බස් රථය කාලයක් තිස්සේ ධාවනය කර ඇති බව හැටන් පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සිරාජ් කුලසුරිය පැවසිය.
මේ වනවිට බස්රථය පොලිස් භාරයට ගෙන රියදුරු සහ කොන්දොස්තර වරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
ව්‍යාජ මගි ප්‍රවාහන අවසර පත්‍රයක් සහිතව නීති විරෝධී ලෙස බස් රථයක් ධාවන කිරිමේ චෝදනාව යටතේ බස් රථයේ අයිතිකරුට, රියදුරු සහ කොන්දොස්තරට එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ නෛතික පියවර ගන්නා බව හැටන් පොලිසිය කියයි.







