සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වසන්ත මුදලිගේ ඇතුලු තිදෙනා ගැන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන කරන්නේ ඇයි?

by editor
අගෝස්තු 25, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

බීබීසී –

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, හෂාන් ජීවන්ත ගුණතිලක සහ පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි ගැන විමර්ශනය කිරීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කිරීමේදී 2004 ඔක්තෝම්බර් 1566 දරන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ යෝජනාව අදාළ බව පොලිසිය සඳහන් කරයි.

පොලිසිය එසේ සඳහන් කරන්නේ මෙම ශිෂ්‍ය ක්‍රියාකාරීන් ඇතුලු පසුගිය මාස කිහිපය තුළ රට තුළ පැවැත්වූ විරෝධතාවයන්ට සම්බන්ධ වූ ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීමට 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත උපයෝගී කරගැනීම පිළිබඳව දෙස් විදෙස් මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ දැඩි විවේචනයට ලක්වී ඇති මොහොතකය.

පොලිස් මූලස්ථාන නිවේදනය කළේ වසන්ත මුදලිගේ, හෂාන් ජීවන්ත ගුණතිලක සහ පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි මේවන විට තංගල්ල පැරණි බන්ධනාගාර රඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තබා විමර්ශනය කරන බවයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය මේ බව නිවේදනය කළේ,මොවුන් තිදෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන විමර්ශනය කිරීම පිළිබඳ කරුණු පැහැදිලි කරමින් දීර්ඝ නිවේදනයක් නිකුත් කරමිනි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ මහියංගනය, දඹාන, උල්පත නිවාස පදිංචි මුදලිගේ වසන්ත කුමාර සහ මාතුපොල, පල්ලම පදිංචි ගුණතිලක සිරිවර්ධනලාගේ හෂාන් ජීවන්ත ගුණතිලකගේ කැලණිය පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් කොළඹ නව හෙට්ටි වීදියේදී යතුරු පැදියකින් පලා යමින් සිටියදී අගෝස්තු 18 වැනිදා අත්අඩංගුවට ගත් බවයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන්ව සිටියදී වරදක් කළ බවට සැකය මත 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතහි විධිවිධාන යටතේ ඔහුන් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්විය හැකි බවද පොලිසිය සඳහන් කළේය.

හංවැල්ල කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ වැඩ වෙසෙන පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි, නාරාහේන්පිට ප්‍රදේශයේදී බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගත බවත් පොලිසිය පවසයි.

ඒ 2022.06.09 වන දින පොලිස් මූලස්ථානය ඉදිරිපිට නීති නීති විරෝධී රැස්වීමක සාමාජිකයෙකු වීමේ චෝදනා මතයි.

අගෝස්තු 22 වනදා අත්අඩංගුවට ගත් උන්වහන්සේ එදිනම කොටුව පොලිස් ස්ථානයේ භාරකාරත්වයට පත් කර ඇත.

අනතුරුව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක B 50948ට අදාලව පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි තලංගම පොලිස් ස්ථානය භාරයට මාරු කර යැවු බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

මේ අතර වසන්ත කුමාර මුදලිගේ සහ හෂාන් ජීවන්තට එරෙහිව, කැලණිය කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත පැය 72ක කාලයක් පෑලියගොඩ පොලිස් ස්ථානයේ රඳවා තබා ගැණුනි.

1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතේහි 6(1) වගන්තිය ප්‍රකාරව වැඩිදුර විමර්ශන පැවැත්වීමේ අදහස මත පූර්ණ පරිමානයේ පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාවයෙන් මෙම සැකකරුවන් දෙදෙනා දින 90 ක කාලයක් රඳවා තබා ගැනීමේ නියෝග ලබා ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

එමෙන්ම පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි නුගේගොඩ කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විසින් පැය 72ක කාලසීමාවක් තලංගම පොලිස් ස්ථානයේ රඳවා තබන ලෙසට නියෝග කර ඇත.

එමෙන්ම සැකකාර හිමිනමට එරෙහිව සිදුකෙරෙන විමර්ශනවලින් මතුව ඇති කරුණු අනුව පූර්ණ පරිමානයේ පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාවය මත දින 90 ක කාලයක් රඳවා තබාගෙන විමර්ශනය කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පරීක්ෂණ පැවැත්වීමට හේතු

වසන්ත කුමාර මුදලිගේ

  • 2022.05.09 සිට මේ දක්වා කාල සීමාව තුළ කොළඹ සහ බස්නාහිර පළාතේ අනෙකුත් අවදානම් ස්ථානවල ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා සාමාන්‍ය ජනතාව උසිගැන්වීමට හා උත්සාහ කිරීමට වසන්ත කුමාර මුදලිගේ කටයුතු කර ඇත්දැයි සොයා බැලීම සඳහා විමර්ශනය කෙරේ. එසේ උසිගන්වන ලද සාමාන්‍ය ජනතාවගේ එවැනි ප්‍රචණ්ඩ හැසිරීම් 2022.05.09 දින පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරලගේ ඝාතනයට හේතු වී ඇති බවත්,ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඒ පිළිබඳ විමර්ශනය කළ හැකි බවටත් පොලිසිය පවසයි.
  • එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට බලහත්කාරයෙන් ඇතුලුවීම සහ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ අනර්ථකාරී වරද සඳහා සාමාන්‍ය ජනතාව පෙළඹවීම සහ නීත්‍යානුකූලව තේරී පත් වූ රජය පෙරලා දැමීමේ අවසාන දැක්ම ඇතිව පුද්ගලික සහ පොදු දේපල වලට හානි කිරීමට සම්බන්ධද යන්න පිළිබඳවඳ
  • 2022.07.09 දින පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තහවුරු කිරීමට යොදවා සිටි පොලිස් නිලධාරීන්ට සහ ත්‍රිවිධ හමුදාවට පහරදී තුවාල සිදුකිරීම සහ එසේ යොදවා ඇති ආරක්ෂකයින් සන්තකයේ තිබි නිල අවි දෙකක් මංකොල්ලකෑම සම්බන්ධයෙන් ද
  • මහජන සාමය ස්ථාපිත කිරීමේ අරමුණ කරමින් අධිකරණය ලබා දී ඇති නියෝගවලට අකීකරු වීම සහ උල්ලංඝනය කිරීම සඳහා ජනතාව උසිගැන්වීම සම්බන්ධයෙන් සහ
  • අධිකරණ නියෝග උල්ලංඝනය කිරීම යන කරුණු සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විමර්ශනය කළ හැකි බව පොලිසිය වැඩිදුරටත් දක්වා තිබේ.

හෂාන් ජීවන්ත ගුණතිලක

  • 2022.05.09 සිට මේ දක්වා කාල සීමාව තුළ කොළඹ සහ බස්නාහිර පළාතේ අනෙකුත් අවදානම් ස්ථානවල ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා සාමාන්‍ය ජනතාව උසිගැන්වීමට හා උත්සාහ කිරීමට හෂාන් ජීවන්ත ගුණතිලක කටයුතු කර ඇත්දැයි සොයා බැලීම සඳහා විමර්ශනය කෙරේ.එසේ උසිගන්වන ලද සාමාන්‍ය ජනතාවගේ එවැනි ප්‍රචණ්ඩ හැසිරීම් 2022.05.09 දින පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරලගේ ඝාතනයට හේතු හේතු වී ඇති බවත්, ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඒ පිළිබඳ විමර්ශනය කළ හැකි බවටත් පොලිසිය පවසයි.
  • එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට බලහත්කාරයෙන් ඇතුලුවීම සහ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ අනර්ථකාරී වරද සඳහා සාමාන්‍ය ජනතාව පොළඹ වීම සහ නීත්‍යානුකූලව තේරී පත් වූ රජය පෙරලා දැමීමේ අවසාන දැක්ම ඇතිව පුද්ගලික සහ පොදු දේපල වලට හානි කිරීමට සම්බන්ධ ද යන්න පිළිබඳවඳ
  • 2022.07.09 දින පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තහවුරු කිරීමට යොදවා සිටි පොලිස් නිලධාරීන්ට සහ ත්‍රිවිධ හමුදාවට පහරදී තුවාල සිදුකිරීම සහ එසේ යොදවා ඇති ආරක්ෂකයින් සන්තකයේ තිබි නිල අවි දෙකක් මංකොල්ලකෑම සම්බන්ධයෙන්ද
  • නීත්‍යානුකූලව තේරී පත්වු ආණ්ඩුව පෙරලා දැමීමේ අදහසින් කථා කරන ලද හෝ කියවීමට අදහස් කරන වචන හෝ සංඥා මඟින් හෝ දෘශ්‍යමාන නිරූපණයන් හෝ වෙනත් ආකාරයකින්, ප්‍රචණ්ඩ ක්‍රියා හෝ අයහපත් හැඟීම් ඇති කිරීම සඳහා ජනතාව උසිගැන්වීම සම්බන්ධයෙන්ද
  • හෂාන් ජීවන්ත සමඟ සම්බන්ධ වූ වෙනත් පුද්ගලයන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව සාක්ෂි එකතු කිරීම සඳහා මෙන්ම ත්‍රස්තවාදී ක්‍රියා කිරීමට සහ නීති විරෝධී ක්‍රියාකාරකම් පිළිබඳව සහ තවත් ත්‍රස්තවාදී ක්‍රියා හෙළි කිරීමට, ඔහු විසින් උසිගන්වන ලද සාමාන්‍ය ජනතාව සමඟ නීත්‍යානුකූලව තේරී පත් වූ රජය පෙරලා දැමීම සඳහා ප්‍රචණ්ඩකාරී ලෙස ඕනෑම ක්‍රියාවක් කළ හැකි බවට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විමර්ශනය කළ හැකි බව පොලිසිය වැඩිදුරටත් දක්වා තිබේ.

පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි

  • 2022.05.09 සිට මේ දක්වා කාල සීමාව තුළ කොළඹ සහ බස්නාහිර පළාතේ අනෙකුත් අවදානම් ස්ථානවල ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා සාමාන්‍ය ජනතාව උසිගැන්වීමට හා උත්සාහ කිරීමට පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමිකටයුතු කර ඇත්දැයි සොයා බැලීම සඳහා විමර්ශනය කෙරේ.එසේ උසිගන්වන ලද සාමාන්‍ය ජනතාවගේ එවැනි ප්‍රචණ්ඩ හැසිරීම් 2022.05.09 දින පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරලගේ ඝාතනයට හේතු වී ඇති බවත්, ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඒ පිළිබඳ විමර්ශනය කළ හැකි බවටත් පොලිසිය පවසයි.
  • එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට බලහත්කාරයෙන් ඇතුලුවීම සහ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ අනර්ථකාරී වරද සඳහා සාමාන්‍ය ජනතාව පොළඹ වීම සහ නීත්‍යානුකූලව තේරී පත් වූ රජය පෙරලා දැමීමේ අවසාන දැක්ම ඇතිව පුද්ගලික සහ පොදු දේපල වලට හානි කිරීමට සම්බන්ධ ද යන්න පිළිබඳවඳ
  • 2022.07.09 දින පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තහවුරු කිරීමට යොදවා සිටි පොලිස් නිලධාරීන්ට සහ ත්‍රිවිධ හමුදාවට පහරදී තුවාල සිදුකිරීම සහ එසේ යොදවා ඇති ආරක්ෂකයින් සන්තකයේ තිබි නිල අවි දෙකක් මංකොල්ලකෑම සම්බන්ධයෙන්ද
  • මහජන සාමය ස්ථාපිත කිරීමේ අරමුණ කරමින් අධිකරණය ලබා දී ඇති නියෝගවලට අකීකරු වීම සහ උල්ලංඝනය කිරීම සඳහා ජනතාව උසිගැන්වීම සම්බන්ධයෙන්ද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විමර්ශනය කළ හැකි බව පොලිසිය වැඩිදුරටත් දක්වා තිබේ.

මේ අනුව පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 2022 අංක 12 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනතෙහි විධිවිධාන යටතේ ඉදිරියට යාමට වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත. දැනට සැකකරුවන් තිදෙනාම තංගල්ල පැරණි බන්ධනාගාර සංකීර්ණයේ රඳවා සිටින බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනාධිපති සමාවෙන් එළියට එන රන්ජන් එජාපය සමග දෙශපාලන ගමනකට සූදානම්!

Next Post

ත්‍රස්ත පනත ක්‍රියාත්ම කිරීමේ ආදිනව ගැන ජී.එල්  ආණ්ඩුවට අනතුරු අඟවයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.