එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරය ආසන්නයේ ලෝක ගර්හාවට ලක් වූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම්, රඳවා තබා ගැනීම් සිදුකිරීම රටක් ලෙස ගත් යහපත් ප්‍රවේශයක් නොවන පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ මේ අත්අඩංගුවට ගැනීම් සිදුවන්නේ ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයින් රටට පැමිණ ඇති අවස්තාවක වීම තත්ත්වය තවත් සංකීර්ණ කරන බවය.
මහාචාර්ය ජී.එල්. පීරිස් මෙසේ ද පැවසුවේය.
“ජිනීවා නගරයේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරය සැප්තැම්බර් මස 12 වැනිදා ආරම්භ වෙනවා. දැන් අපේ රටේ සිටිනවා රජය සමග කාර්ය මණ්ඩල මට්ටමෙන් සාකච්චා කිරීම සඳහා ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින්. අපට ඒ අයගේ සහයෝගය ඉතාම වැදගත්. ඒ සහයෝගය ලබා ගැනීම සඳහා අත්‍යාවශ්‍ය සාධකය තමයි දේශපාලන ස්ථාවරත්වය. ඒ විදිහට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කරනවා නම් කිසිසේත් සාර්ථක ලෙස ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල සඳහා කාර්ය මණ්ඩල මට්ටමේ සාකච්ඡා පැවැත්වීමට උවමනා වටපිටාව ඇතිවන්නෙ නෑ“