දිනසේන රතුගමගේ –
වන්නි දිස්ත්රික්කයේ සර්ව සාමයික සංවිධානයේ අනුශාසක වවුනියාව කුඩීඉරිප්පු ගණදෙවි කෝවිලේ ප්රධාන කුරුක්කල් එස්.කන්දසාමී කුරුක්කල්වරයා කොරෝනා රෝගය වැළදීම හේතුවෙන් අද ( 1 ) දා මියගොස් තිබේ.
මියයන විට 75 වෙනි වියේ පසු වූ කන්දසාමී කුරුකල්වරයා වවුනියාවේ ජෙයෂ්ඨතම කුරුක්කල්වරයාවන අතර පළාතේ ආගමික සංවිධාන ගණනාවක ඔහු විවිධ නිලතල හොබවනු ලබයි.
කොරෝනා රෝගයෙන් මියගිය කුරුක්කල්වරයාගේ ආදාහන කටයුතු සෞඛ්යය නීතිරීතිවලට අනුකූලව 1 දා සවස වවුනියාව පූන්තෝට්ටම් ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතය.