දිනසේන රතුගමගේ –
යාපනයේ සිට අක්කරෙයිපත්තු බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයකට ඊයේ (10 ) රාත්‍රියේ වවුනියාව ශාන්තසෝලේ ප්‍රදේශයේදී ගල් ප්‍රහාරයක් එල්ල වීම නිසා බස් රථයේ රියදුරු තුවාල ලබා බස් රථයටද අලාභ හානි සිදුව තිබේ.
තුවාල ලැබූ රියදුරු වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට ඇති අතර බස් රථය වවුනියාව පොලීසිය බාරයට ගෙන ඇත.
යාපනයේ සිට බස් රථයෙන් පැමිණි පිරිස වවුනියාව ලංගම ඩිපෝවට අයත් වෙනත් බස් රථයකින් අක්කරෙයිපත්තු බලා යාමට අවස්ථාව සලසා දීමට වවුනියාව පොලීසිය හා වවුනියාව ලංගම ඩිපෝව පියවර ගෙන තිබේ.
බස් රථයට අවම වශයෙන් ගල් ප්‍රහාර හතරක් හෝ එල්ල වී ඇති බව පවසන වවුනියාව පොලීසිය ගල් ප්‍රහාරය එල්ල කළ පිරිස අත් අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇත.







