දේශපාලන බලය සහිතව මල්වතු මහා විහාරය සහ ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක් අතර කලක පටන් පවත්වාගෙන ගොස් තිබුණු සුපිරි ගණිකා නිවාසයක සේවා සැපයූ 22 හැවිරිදි තරුණියකගේ ඇතැම් දිනෙක ආදායම රුපියල් පනස් දහස ඉක්මවා ඇතැයි විමර්ශන ආරංචි මාර්ග කියයි.
පොලිස් උපාය දූතයෙක් යොදවා මහනුවර දූෂණ මර්ධන අංශය විසින් පසුගිය 06 වැනිදා කළ වැටලීමක දී අත්අඩංගුවට ගත් මෙම තරුණිය මහනුවර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක විද්‍යා අංශයෙන් උසස් පෙළ හැදෑරූ තරුණයකි.
එක් අයෙකු සමග පැයක කාලයක් සඳහා ලිංගිකව හැසිරීමට ඇයව යොදවා ඇත්තේ රුපියල් දස දහසක මිලකට බවත්, ඇතැම් දිනෙක ඇය පුද්ගලයින් 05 දෙනෙකුට සේවා සපයා ඇති බවත් පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී ඇත.
පැයක් සඳහා රුපියල් 5000ක් ගෙවා හෝටල් කාමරයක් වෙන් කරගැනීමෙන් පසු ජංගම දුරකථනය මගින් මිල ගණන් දන්වා තරුණියන් සම්බන්ධ කරදීමෙන් මෙම ගණිකා ජාවාරම පවත්වාගෙන ගොස් ඇත.
උපාය දූතයා මාර්ගයෙන් කළ වැටලීමේ දී අත්අඩංගුවට ගත් ගණිකා ජාවාරම පවත්වාගෙන ගිය පුද්ගලයා සහ මෙම තරුණිය මහනුවර අතිරේක මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප මත මුදා හැර තිබේ.
සැකකරුවන් මේ මස 13 දා යලි අධිකරණයේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.