බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වරුණ දීප්ත රාජපක්ෂ ගම්පහ ආසන සංවිධායක ධූරයට පත් කළ සජිත්ගේ ක්‍රියාවට එරෙහිව අජිත් මාන්නප්පෙරුම මහ මැතිවරණයෙන් ඉවත් වෙයි!

by editor
ඔක්තෝබර් 12, 2024
in පුවත්
Ajith-Mannapperuma
Share on FacebookShare on Twitter
  • කතා කරනකොට බුදු හාමුදුරුවො වගේ… වැඩ දේවදත්තයෙක් වගේ… ප්‍රශ්නයක් එනකොට හැංගෙන මේ වැනි බියගුල්ලෙක් ජනාධිපති කරන්න පසුගිය ජනාධිපතිවරණයේ දී කැපවීම පිළිබඳ මම ජනතාවගෙන් සමාව ඉල්ලනවා… අජිත් මාන්නප්පෙරුම් කියයි!

සජිත් ප්‍රේමදාසගේ ක්‍රියාකලාපය පිළිබඳව තමන් දැඩි ලෙස කළකිරුණු බැවින් ගම්පහ නාමයෝජනා ලැයිස්තුවේ සිය නම තිබුණත් මෙවර මැතිවරණයට තරග නොකරන බව අජිත් මාන්නප්පෙරුම මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ප්‍රකාශ කළේය.

ඔහු කියා සිටින්නේ කිසිම ගම්පහ පුරවැසියෙක් තමන්ට ඡන්දය ප්‍රකාශ නොකරන ලෙස ඉල්ලා සිටින බවය.

නාමයෝජනා අත්සන් කළ පැය 24ක් යන්නට ප්‍රථම සදාචාර විරෝධී ලෙස දශක දෙකක් තිස්සේ තමන් ගම්පහ ආසන සංවිධායකවරයා ලෙස දැරූ වගකීම තමන්ගෙන් ඉවත් කර එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් රනිල් වික්‍රමසිහට වැඩකළ පුද්ගලයෙකුට පවරාදීම සම්බන්ධව තමන් දැඩි ලෙස කළකිරී සිටින බවය.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස විසින් මෙතෙක් කාලයක් එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහගේ දේශපාලනය කළ වරුණ දීප්ත රාජපක්ෂ මීට දින කීපයකට පෙර සමගි ජන බලවේගයේ ආසන සංවිධායක ධූරයට පත් කර තිබිණි.

අජිත් මාන්නප්පෙරුම මාධ්‍ය හමුවේ පැවසුවේ මෙවැන්නකි.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මම සජිත් ප්‍රේමදාස අපේ නායකයා ගැන දැඩි ලෙස කළකිරිලා මම කතා කරන්නේ. මට නොමිනේෂන් අත්සන් කරන්න දුන්නා. නොමිනේෂන් අත්සන් කරලා පැය 24ක් යනකොට මගේ ගම්පහ ආසනය, මම නගරාධිපතිවරයා වශයෙන් අවුරුදු 09ක් ආසන සංවිධායකවරයා වශයෙන් කටයුතු කළා. පළාත් සභා මන්ත්‍රීවරයෙක් වශයෙන් අවුරුදු 04ක් ආසන සංවිධායකවරයා වශයෙන් කටයුතු කළා. පාර්ලිමේන්තුවේ අවරුදු 12ක් ගම්පහ ආසන සංවිධායකවරයා වශයෙන් කටයුතු කළා.

නමුත් මම නොමිනේෂන් අත්සන් කරලා ගෙදර ඇවිත් පැය 24ක් යනකොට මගේ ආසන සංවිධායක ධූරය සජිත් ප්‍රේමදාසටවත් වැඩ කළ නැති, එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහට වැඩ කරපු පුද්ගලගයෙකුට ආසන සංවිධායක ධූරය මට හොරෙන් මට කියන්නේ නැතිව ලබා දීම මගේ දැඩි කළකිරීමට හේතු වුනා.

මම මේ සඳහා මට විශ්වාස කරන්න බැරි වුනා. නායකයෙක් වුනාම මට කතා කරලා මේ වෙනස කරන්න ඕන. මට කතා කරන්නේ නැතිව, මගේ ටෙලිෆෝන් එකට ආන්සර් කරන්නේ නැතිව අද වෙනකල්ලවත් මම කෝල් එකක් ගත්තට ආන්සර් කරන්නේ නෑ.
ඒ හින්දා මේ බිය ගුලුව හැංගෙන ප්‍රශ්නයකට මුහුන දෙන්න බැරි නායකයෙක් වෙනුවෙන් තව දුරටත් වැඩ කරන්න බෑ කියන එක තීරණය කරලා මෙම අපේක්ෂක ලයිස්තුවෙ නම තිබ්බත් මම ඡන්ද සටනින් ඉවත් වෙනවා කියලා තීරණය කළා.
ඒ වගේම මම සියලු ජනතාවට කියනවා මම පසුගිය මැතිවරණයේ සජිත් ප්‍රේමදාස මහත්මා ජයග්‍රහණය කරවීම සඳහා දැඩි ලෙස කැප වෙලා වැඩ කළා. ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රමාණය කලින් මැතිවරණයට වඩා පන් දහසකින් ඉදිරියට ගෙනාව.
නමුත් මම කතා කණගාටු වෙනවා මෙවැනි බියගුලු ලෙස හැංගිලා යට ඉඳන් කුමන්ත්‍රණය කරන කතා කරද්දි බුදු හාමුදුරුවො වගේ කතා කරන ක්‍රියාවේදී දේවදත්තයා වගේ ක්‍රියා කරන නායයෙක් ජනාධිපති කරවීමට උත්සාහ කිරිම ගැන මම දැඩි ලෙස කම්පා වෙනවා. මේ සියලු දෙනාගෙන් මම සමාව ඉල්ලනවා.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බන්ධනාගාරගතව සිටින බැඳුම්කර වංචා චූදිතයෙක් සෞඛ්‍ය හේතු හදමින් ඇප ලබා ගැනීමේ උත්සාහයක! බන්ධනාගාර රෝහල් ආරංචි මාර්ග හෙළි කරයි!

Next Post

කුරහන් සාටකය වැළලෙයි… අවුරුදු 88කට පසු හම්බන්තොටින් රාජපක්ෂ පවුල විසිවෙයි…

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.