පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීම සඳහා ඉදිරිපත් කර ඇති “කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පත ” ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා තවත් පාර්ශව කීපයක් අද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගොනු කළහ.
මුලින්ම පෙත්සමක් ගොනු කරනු ලැබුවේ තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන් ගේ සංගමයේ සභාපති ජී.කමල් රේණුක පෙරේරා වසිනි. ඒ සිය නීතීඥ දර්ශන වේරදූවගේ මගිනි.
ඉන් අනතුරුව එක්සත් ජාතික පක්ෂය , ජනතා විමුක්ති පෙරමුණ , ඇතුළු පාර්ශව කිහිපයක් අද (15) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ පෙත්සම් ගොනු කරනු ලැබූහ.
එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන සහ එම පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර ,ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් එහි දේශපාලන මණ්ඩල සභික හා අන්තර් සමාගම් සේවක සංගමයේ කැදවුම්කරු වසන්ත සමරසිංහ , තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන් ගේ සංගමයේ සභාපති ජී.කමල් රේණුක පෙරේරා , විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු මෙම පෙත්සම් ගොනු කළහ.
ඔවුන් සිය පෙත්සම්වලින් වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කරනු ලැබූහ.
එක්සත් ජාතික පක්ෂයේ ලේකම්වරයා සහ සභාපති වරයා විදාන පතිරණ නීතීඥ සමාගම මගින් ද , තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන් ගේ සංගමයේ සභාපති ජී.කමල් රේණුක පෙරේරා නීතීඥ දර්ශන වේරදූවගේ මගින් ද , ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ නීතීඥ සුනිල් වටගල මගින් ද පෙත්සම් ඉදිරිපත් කළහ.
එම පනත් කෙටුම්පත නීතියක් බවට පත් වීමට නම් පාර්ලිමේන්තු වේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සහ ජනතාව විසින් ජනමත විචාරණයක දී සම්මත කළ යුතු බවට තීන්දු කරන ලෙස සිය පෙත්සම් මගින් පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියහ.
ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවය හා ස්වෛරිත්වයට හානි කරමින් වරාය නගර කොමිසම පනත යටතේ කොමිසම ස්ථාපිත කර බලය පැරීමට කටයුතු කර ඇති බව පෙත්සම් පෙත්සම් කරුවෝ පෙන්වා තිබුණහ.
ලංකාදීප







