ශ්‍රියානි විජේසිංහ –
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාව අද(17) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට සුදානම් බව සංගමය සදහන් කරයි.
මෙවර අයවැය මගින් වෛද්‍යවරුන්ට හිමිවිය යුතු වරප්රසාදනයන් කිසිවක් ලබා නොදීම සම්බන්ධයෙන් විරෝධය පලකරමින් මෙම සාකච්ඡාව පවත්වන බව සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස සඳහන් කරයි.
සාකච්ඡාව තුලදී වෛද්‍යවරුන්ගේ ගැටලු හදුනා ගෙන එයට සාර්ථක විසදුමක් ජනාධිපතිවරයා සමඟ පවත්වන සාකච්ඡාවේදී නොලැබුණහොත් තම සංගමය අද (17) සිට ආරම්බ කර තිබෙන වෘත්තීය ක්‍රියාමාර්ගයන් තවදුරටත් දැඩි කරමින් වෙනත් විකල්ප ක්‍රියාමාර්ගයන්ටද එළඹෙන බව ලේකම්වරයා පවසා සිටියි.
කෙසේ නමුත් සංගමය රජයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සමඟ මේ සතිය තුළදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විමටද කටයුතු කරන බව වෛද්‍ය සුගතදාස පවසයි.
විශේෂඥ වෛද්‍යවරුන්ගේ බහුතරයක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරන අය බැවින් රජයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පමණක් වෛද්‍යවරුන්ට හිමි වෘත්තීය ඉල්ලීම් ලබා ගැනීම සඳහා වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට යොමුවීම මගින් සාධනීය පිලිතුරක් ළගාකර ගත නොහැකි වනු ඇති බව වෛද්‍ය සුගතදාස පවසා සිිටියි.







