බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වනස්පතීන් බිම හෙළා වන අඩවි නිලධාරීන්ම වන සංහාරයක… ගම්මු චෝදනා කරති!

වන වගා කරන්න කියලා පරිසරයේ තිබෙන ගස් කපනවා... හිටවන පැල ලොකු වුනාම ඒවත් කපාගෙන යනවා..

by editor
ඔක්තෝබර් 25, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

පොලොන්නරුව මනම්පිටිය මහවැව ගම්මානයේ අක්කර 60 කින් යුත් ඖෂධීය ශාක ඇතුළු පලු, වීර, කුඹුක්, සහ තවත් අහස  උසට වැඩුණු ශාක වර්ග සහිත රක්ෂිතයක් දිඹුලාගල අඩවි වන කාර්යාලය මගින්ම යාන්ත්‍රික කියත්   යොදා ගනිමින්    විනාශ කර ඇති බව මහවැව ගම්වාසීහු පවසති.

මීට දින  5කට පමණ පෙර සිදුකර ඇති මෙම දැවැන්ත පරිසර විනාශය හේතුවෙන්   එහි සිටි මොනරුන්, ඉබ්බන්,  හාවුන්, මීමින්නන් ඇතුලු විශාල තත්ත්ව ගහණයකගේ වාසස්ථාන විනාශ වී ඇති බවත්,   මාදං කොන් ඇතුළු  තවත් ශාක වර්ග රැසකට ගිනි තබා විනාශ කර ඇති බවත්    මනම්පිටිය මහවැව ගම්වාසීහු චෝදනා කරති.

“ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතුව ඇති   අක්කර  60කින්  පමණ යුත් මේ  රක්ෂිතය 1998  වසරේදී දිඹුලාගල අඩවි වන කාර්යාලය මගින්  වන වගාවක් කිරීම සඳහා තාවකාලිකව   ලබා ගත්තා. එම ඉඩම් කොටසේ  ඔවුන් විසින් රෝපණය කළ ගස් 2018 වසරේ දී එම  වන අඩවි කාර්යාලය නිල නිළධාරින්ම  කපාගෙන ගියා. දැන් ,නැවත වරක් මෙම ස්වභාවික රක්ෂිතයෙ තියන ගස් ටික මුලින්ම කපාගෙන  නැවත  වන වගාවක් කරන්න හදනවා. මේ මොකක්ද මේ අය කරන්නෙ.  ගම්මානයටත්, සතා සිවු සිවුපාවන්ටත් පරිසරයටත් දැඩි හානියක් මේ මිනිස්සු සිදු කරන්නෙ.“  මහවැව ඩී  6 මහසෙන් බෙදුම් ඇළ ගොවි සංවිධානයේ  සභාපති  ඩී.ආර්.ජේ.පී.දසනායක   ලංකසරට කීවේය.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

“මෙම රක්ෂිතයේ තිබූ ඖෂධීය ගුණයක් ඇති යකිනාරං ඇතුළු තවත්   ඖෂධ වර්ග රැසක් යාන්ත්‍රික කියත් යොදා විනාශ කළා. තවත් ප්‍රදේශයක්, ඩෝසර් කර විනාශ කළා. “   මහවැව ගොවීහු කීහ.

මහවැව රක්ෂිතයේ  විනාශ   කර ඇති පරිසරය නැරඹීම් සඳහා දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී පූජ්‍ය දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් සහ මහවැව ශ්‍රී ශාන්ති නිකේතනාරාමාධිපති වල්පනේ ධම්මවංශ නාහිමියන් වහන්සේ වැඩම කර සිටියහ.

සංවිධානයේ  සභාපති  ඩී.ආර්.ජේ.පී.දසනායක කපා දැමූ යකිනාරං ගසක් අසල..

මනම්පිටිය මහවැව  ප්‍රදේශයේ  ඩෝසර් කර ඇති භූමිය පිළිබඳවත්, යාන්ත්‍රික කියත් මගින් විනාශ කර ඇති පරිසරය සම්බන්ධවත් අප දිඹුලාගල අඩවි වන කාර්යාලයෙන් දුරකථනයෙන් කරන ලද විමසීම්කදී එහි  නිලධාරියකු මෙලෙස පැවසීය.

“නැහැ… අපි ඩෝසර කරලා නෑ එව්වා. ඒක බොරුවක්. ගමේ කට්ටිය තමයි ඔය වන  වගාව කරන්නේ. ඔතන එක්කෙනෙක්ගේ ඉඩමක් තමයි ඩෝසර කරලා තියෙන්නෙ. අක්කර 60ක් ගණන් ඩෝසර කරල නෑ.“

“වන වගාවක් කරන්න ඔය ගමේ ඉඩම් දෙකක මිනිස්සු ඕක ඩෝසර් කළා. පස්සේ අපි එක නතර කළා. දැන් අතින් තමයි සුද්ද  කරන්නේ.“ ඔහු කීවේය.

මේ සිදු වී ඇති වන විනාශය පිළිබඳ  ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ  මහවැලි බී කලාපීය නේවාසික ව්‍යාපාර   කළමනාකාර නොයෙල් ජයසිරි විමසීමේ දී ඔහු කීවේ මෙවැනි කතාවකි.

“ඔය ඉඩම නැවත වරක් මහවැලියට බාර දෙන්න කියලා ඉල්ලීමක් කළා. ඒ ඉඩම් කට්ටි ටික ගමේ අයට ලබා දෙන්න කියලා  ගමේ අයගෙන් ඉල්ලීමකුත් තිබෙනවා. කැලේ කපලා  ගස්   වවන එකේ තේරුම්ක් තියෙනවද.“

“මා ඔය ගැන වහාම හොයා බලනවා. මහවැලි ඇමතිතුමත් ඔය සම්බන්ධව දැනුවම්ත් වෙලා මට දැනුම් දී තිබෙනවා ඒ   සම්බන්ධව හොයා බලන්න කියලා.“

Tags: නවතම
Share69Tweet43
Previous Post

HIPPO SPIRIT කොළඹ එන ගමන් හෙළි කළ චීන කෙවිටට නටන දේශපාලන රිලවුන්ගේ පැටිකිරිය…

Next Post

රතන සාදුගේ සහ පාදෙනිය දොස්තර ගේ කාබනික පරීක්ෂණ රටටම ඇන්නූ හැටි  කෘෂි විද්වත්හු හෙළි කරති!

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.