මනම්පිටිය නිමල් ජයරත්න –
යතුරුපැදියකින් ගමන් කරමින් සිටි මව් පිය යුවලකට පොළොන්නරුව අරලගංවිල සිළුමිණ සෑය ප්‍රදේශයේදී අද ( 14) සවස සවස 4.00 ට පමණ එල්ල වූ වන අලි ප්‍රහාරයකින් එම මව මිය ගොස් පියා බරපතල තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව අරලගංවිල පොලිසිය කියයි.
සිය දියණියකගේ නිවස වෙත ගමන් කරමින් සිටිය දී මෙසේ වන අලි ප්‍රහාරයට ලක් වී ඇත්තේ වැලිකන්ද ගිනිදමන අංක 11 ලිපිනයේ පදිංචිව සිටි දෙදරු මවක වන චන්ද්‍රා පොඩි මැණිකේ නැමැත්තියකි.
ඇයගේ ස්වාමියා වන කීර්තිවංශ ජයමාන්න (60) බරපතල තුවාල ලබා අරලගංවිල රෝහලෙන් පොළොන්නරුව මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධව අරලගංවිල පොලිස් ස්ථානාධිපති එම්.එම්.එස්. පුෂ්පකුමාර මහතා ඇතුළු පොලිස් නිලධාරී කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ සිදුකරයි.







