දිනසේන රතුගමගේ –
වන අලියෙකු පහර දීම නිසා මැදවච්චිය පූනෑව නාවික හමුදා කඳවුරේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ඊයේ (29) රාත්‍රී මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ ආපදා සහන සේවා රාජකාරිවල නිරතව සිටි එම කඳවුරේ ප්‍රවාහන අංශය බාර සිටි ලුතිනන් කමාන්ඩර් ජේ.ඒ.එම්.සී. ජයකොඩි ය.
රාත්‍රී 10.30 ට පමණ මෙම වන අලි පහර දීම සිදුවී ඇත. බරපතල තුවාල ලැබූ නිලධාරියාව වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට ඇත. එහිදී ඔහු මියගොස් තිබේ.
මෙම නිලධාරියා නිට්ටඹුව මාතලාන ප්‍රදේශයේ පදිංචි අයෙකි. පූනෑව පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.







