දිනසේන රතුගමගේ –
වවුනියාව මුස්ලිම් මහා විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු වතුර පිරුණු වළකට වැටීමෙන් අද (17) සවස මිය ගොස් තිබේ.
මෙම සිසුන් එල්ලේ තරගයක් සඳහා වව්නියාව විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණය වෙත ගොස් ඇති අතර එම තරගයෙන් අනතුරුව ඔවුන් ක්‍රීඩා කිරීමට වැටක් පැන යාබද වත්තකට යන අවස්ථාවේදී මේ අනතුරට ලක් වී ඇත.
මියගිය පාසල් සිසුන් දෙදෙනාගේ සිරුරු ගොඩගෙන ඇති අතර මෘත ශරීර වව්නියාව රෝහලේ තැන්පත් කර තිබේ.
මියගිය සිසුන් දෙදෙනා වයස අවුරුදු 14 හා 15 වයස් වලට අයත්ය.
ප්‍රදේශයේ ජනතාව පැමිණ වතුර පිරුණු වලේ මඩේ එරී සිටි සිසුන් දෙදෙනා ගොඩ ගෙන වවුනියාව රෝහල වෙත රැගෙන ගොස් ඇතත් ඒ වන විටත් එම සිසුන් දෙනා මියගොස් සිටි බව වාර්තා වේ.
මියගිය සිසුන් දෙදෙනාගේ මෘත ශරීර දෙක වවුනියාව රෝහලේ මෘත ශරීරාගාරයේ තන්පත් කොට ඇති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් පූවරසන්කුලම පොලීසිය පරීක්ෂණ පවත්වා ගෙන යයි.







