සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වතු කම්කරුවන්ට වැඩිකළ රුපියල් 1700ක වැටුප ලබාදී මේ අවසන් තීරණය සඳුදා… දැනට සමාගම් 07ක් 1700 ගෙවන්න කැමතියි… ජනපති වතු කම්කරුවන්ට කියයි!

by editor
අගෝස්තු 10, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1700ක වැටුපක් ලබාදීමට රජය ගත් තීරණය සමඟ දැනට වතු සමාගම් 07ක් එකඟතාව පළ කර තිබෙන බවත්, වත්මන් කම්කරු අමාත්‍යවරයා ලෙස එළැඹෙන සඳුදා පඩි පාලක සභාව කැඳවා ඒ පිළිබඳ වැඩිදුර සාකච්ඡා කරන බවත්, එම තීරණය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අවශ්‍ය නම් විශේෂ නීති ගෙන ඒමට ද තමන් සූදානම් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

වසර ගණනාවක් කම්කරු ජනතාවට ගෙවා නැති අර්ථක සාධක අරමුදල් ගෙවීමට බලාපොරොත්තු වන බවත් දැන් රටේ ආර්ථිකය ප්‍රකෘතිමත් වෙමින් තිබෙන නිසා එම මුදල් ලබාදීමේ හැකියාව රජයට ඇති බවත් ජනාධිපතිවරයා කීවේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ ලංකා කම්කරු කොංග්‍රසය විසින් අද (10) මහනුවර කරළිය සම්මේලන හා රංග කලා මධ්‍යස්ථානයේ සංවිධානය කර තිබු මහනුවර දිස්ත්‍රික් වතු කම්කරු වෘත්තිය සමිති හා තරුණ නායක හමුවට එක් වෙමිනි.

.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය.

RelatedPosts

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

මේ රටේ සියලු ජනතාව පසුගිය වසර දෙක තුළ දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දුන්නා. කෙසේ හෝ අපට දැන් රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට හැකියාව ලැබී තිබෙනවා. රටේ ආර්ථික ගැටළු සම්පූර්ණයෙන් විසඳි නොමැති නමුත් බොහෝ දුරට ජනතාවට සහන ලබාදීමට අපට හැකි වී තිබෙනවා. ඒ අනුව 2022 වසරට වඩා මේ වන විට ජනතාවගේ ජීවන බර සැහැල්ලු වී තිබෙනවා.

අපට මෙවන් තත්ත්වයක් උදා කර ගැනීමට හැකිවූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් ගිවිසුම නිසයි. ඒ වගේම අපට ණය ලබාදුන් රටවල් සමඟ සාකච්ඡා කර එකඟතාවකට පැමිණිමට ද අපට හැකි වි තිබෙනවා. ඒ අනුව අප ලබාගත් ණය ආපසු ගෙවීමට 2042 වසර වන තෙක් කල් ලැබී තිබෙනවා. අප මේ ගිවිසුම්වලින් ඉවත් වුවහොත් හෝ එය සංශෝධනය කිරීමට උත්සාහ කළොත් අපට එම සහන අහිමි වෙනවා. එවිට අප රටක් ලෙස නැවත පරණ තත්ත්වයට පත් වෙනවා. නැවත පෝලිම් යුගයකට මුහුණ දීමට සිදු වෙනවා. ඒ නිසා මෙම වැඩසටහන ඉදිරියට ගෙන යනවාද, නැද්ද කියා අප තීරණය කළ යුතුයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන සාර්ථක කර ගැනීමෙන් පමණක් අපට සෑහීමකට පත්විය නොහැකියි. ඉන්දියාව වැනි ආර්ථික දියුණුවක් කරා අපද ගමන් කළ යුතුයි. 2048 වසර වන විට එම සීග්‍ර දියුණුව ඇති කර ගැනීට අප සැලසුම් කර තිබෙනවා.

ඒ වගේම රට භාර ගැනීමට නායකයන් හොයනවද ඔලිම්පික් තරගවලට දුවන අය හොයනවද කියා ජනතාව තීරණය කළ යුතුයි.

වසර ගණනාවක් කම්කරු ජනතාවට හිමි සේවක අර්ථක සාධක අරමුදල් ගෙවා නැහැ. ලබන වසරේ සිට එම අරමුදල් ගෙවීමට අප බලාපොරොත්තු වෙනවා. දැන් රටේ ආර්ථිකය ප්‍රකෘතිමත් වෙමින් තිබෙන නිසා එම මුදල් ලබාදීමේ හැකියාව රජයට තිබෙනවා

ඒ වගේම පසුගිය වසර දෙක තුන තුළ වතුකරයේ ජනතාව විශාල ලෙස දුක් වින්දා. අනිත් පිරිස් වෙත වැටුප් වැඩි කිරීම් හිමි වුණා. ඒ වගේම ගොවි ජනතාව වෙනුවෙන් හොඳ ආදායමක් ලබා දී තිබෙනවා. නමුත් වතුකරයේ ජනතාව වෙනුවෙන් එම සහනය ලබාදීමට අපට තවමත් හැකි වී නැහැ.

වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1700ක වැටුපක් ලබාදීමට රජය ගත් තීරණය සමඟ වතු සමාගම් 07ක් මේ වන විට එකඟතාව පළ කර තිබෙනවා.

මනුෂ නානායක්කාර අමාත්‍යවරයාගෙන් පසු එම අමාත්‍යාංශයේ වගකීම පැවරී තිබෙන්නේ ජනාධිපතිවරයා ලෙස මටයි. ඒ නිසා මේ පිළිබඳ එකඟතාවකට පැමිණිම සඳහා එළැඹෙන සඳුදා පඩි පාලක සභාව සමඟ සාකච්ඡා කර, එම තිරණය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අවශ්‍යනම් විශේෂ නීති ගෙන ඒමට මා සූදානම් බව කිවයුතුයි.

එම නීති ගෙන ආ විට ජිවන් තොණ්ඩමන් අමාත්‍යවරයා මෙන්ම පි. දිගම්බරන් මන්ත්‍රීවරයා යන දෙදෙනාම එය සම්මත කර ගැනීමට සහය වනු ඇතැයි මම විශ්වාස කරනවා.



Tags: නවතම
Share69Tweet43
Previous Post

ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ විසංවාදයක් ඇති කළ ඉමාන් කලීෆා ඔලිම්පික් රන් පදක්කමින් තරගය නිමා කරයි! ( තරගයේ වීඩියෝ සහිතයි)

Next Post

මේ පනින පැනිල්ලට මේ අය අනතුරක් කරගන්නේ පනිනකොට හැප්පිලා…. අනුර කුමාර දිසානාය !

Related Posts

dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !
  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.