බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ පනින පැනිල්ලට මේ අය අනතුරක් කරගන්නේ පනිනකොට හැප්පිලා…. අනුර කුමාර දිසානාය !

by editor
අගෝස්තු 10, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ලංකාවේ දේශපාලන ඉතිහාසයේ මේ තරම් නිහීන දේශපාලන විගඩමක් නොදුටු බවත්, පක්ෂ මාරුකරන්න පමණක් නොව පක්ෂ තුළ රැඳී ඉන්නත් මුදල් අයකරන මේ නින්දා සහගත පිළිකුල් දේශපාලන ක්‍රමය රටක් ලෙස නිමා කිරීමේ අවශ්‍යතාවය ඇති බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසුවේය.

මේ අශිෂ්ට දේශපාලනය ඉතිහාසයේ මුල්ම අවස්ථාවට තිගැස්සී ඇති බව ඔහු පෙන්වා දුන්නේය. පාර්ලිමේන්තුව තුළ කරනම් ගසමින් ඔවුන් මේ උත්සාහ කරන්නේ තර්ජනයට ලක් වී ඇති ස්වකීය බලය ආරක්ෂා කරගෙන එම බලය තුළ තම දූෂිත පැවැත්මට ආවරණයක් ගැනීමට බව ඔහු පැහැදිලි කළේය.

රටේ පාලන බලය පමණක් නොව, දිස්ත්‍රික්කවල දේශපාලන බලයත් රැඳී ඇත්තේත් පවුල් වටා බව පෙන්වා දුන් අනුර කුමාර දිසානායක නිදහස ලබා ගතවූ 76 වසරින් වසර 54ක්ම මන්ත්‍රී, ඇමති, අගමැති, විධායක ජනාධිපති ලෙස මහින්ද රාජපක්ෂ සිටියේ පාර්ලිමේන්තුවේ බවත්, රනිල් වික්‍රමසිංහ අවුරුදු 47ක් ආන්ඩු කරමින් විශාල වාර ගණනක් අගමැති ධූරය ද අනතුරුව ජනාධිපති ධූරය ද දැරූ බවත් ඒ පාලනය අවසානයේ උරුම වූයේ පොහොර ටික, කෘෂි යෙදවුම් ටික, තබා බෙහෙත් ටික හෝ කෑම ටික හොයා ගැනීමට නොහැකිව මිනිස්සු මිය යන රටක් බංකොලොත් රටක් බවත් ඔහු පෙන්වා දුන්නේය.

යළිත් මේ මිනිස්සුන්ට රට හදන්න අපි බාර දිය යුතු ද?. අනුර කුමාර දිසානායක ජනතාවගෙන් මේ ප්‍රශ්නය විමසුවේ ඊයේ (09) කැබිතිගොල්ලෑවේ පැවති පුනරුදයට රටම එකට ජන රැලිය අමතමිනි.


එහිදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මෙසේ ද පැවසුවේය.

සැප්තැම්බර් 21 ඡන්දෙ පවත්වනවා. ගන්න ඕන තීරණය මොකක්ද කියලා පසුගිය දින කිහිපයේ සිදුවීම් දෙස බැලුවත් තේරුම් ගන්න පුළුවන්. දැන් පොහොට්ටුවේ පෙති හැලිලා. එක කෑල්ලක් නාමල් රාජපක්ෂ එක්ක. එක කෑල්ලක් රනිල් වික්‍රමසිංහ එක්ක. තව කෑල්ලක් සජිත් පේමදාස එක්ක ඉන්නවා.

මේ රට බිඳ වට්ටන්න විශාල වැඩ කොටසක් කළ ඒ පක්ෂය දැන් කෑලිවලට කැඩිලා. ස.ජ.බ.යේ සභාපති එළියේ. පොහොට්ටුවේ සභාපති ස.ජ.බ.යේ ඇතුලේ. “මහ බැංකු මහ හොරා රනිල්” කියපු මහින්දානන්ද අලුත් ගමගේ අද රනිල් එක්ක. මේ එහෙට මෙහෙට පනින, එහෙන් මෙහෙන් ගන්න දේශපාලනය නතර කරන්න ඕනෑ නැද්ද?

අද උසාවියෙන් තීන්දුවක් ලැබුණා ස.ජ.බ. පැනපු මන්ත්‍රීවරු දෙන්නෙකුගේ මන්ත්‍රී ධුරය අහෝසි වුණා. එය හොඳ තීන්දුවක්. හැබැයි තීන්දුව ලැබෙන්න වසර දෙකක් ගත වුණා. ජනතාවගේ ඡන්දෙ අරගෙන එහෙට මෙහෙට පනින එක හරිද? 19 සංශෝධනය හදන අවස්ථාවේ අපි පැන්නොත් මන්ත්‍රී ධුරය අහෝසියි කියන සංශෝධනය ගෙනාවා. විජේදාස රාජපක්ෂ එය ඉදිරිපත් කළත්, දිනේෂ් ගුණවර්ධන එය අහෝසි කරන්න බැරිද කියා විමසුවා. විජේදාස ඒක අයින් කළා.

සල්ලිවලට, තනතුරුවලට, අමාත්‍ය ධුරවලට එහෙට මෙහෙට පනින දේශපාලනයක් තිබෙනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව, පැන්නොත් මන්ත්‍රී ධුරය අහෝසි වෙන නීතියක් සම්පාදනය කරනවා. සමහර අය පනින්න විතරක් නොවෙයි, තියාගන්නත් සල්ලි ගන්නවා. දුන්නේ නැතිනම් යනවාලු. මේ දේශපාලනය නතර කරන්න ඕනෑ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව, මේ ගඳගහන පොර පිටිය සුද්ද කරන බවට ඔබට පොරොන්දු වෙනවා.

ඒ වගේම මේගොල්ලන්ගේ දේශපාලනය යන්නේ පවුල්වලින් පවුල්වලට. මේ ඡන්දෙ දිහා බැලුවත්, ජනාධිපති මහින්දගේ පුතා, ජනාධිපති ප්‍රේමදාසගේ පුතා, ජනාධිපති, ජේ.ආර්.ගේ බෑනා. පොර පිටියේ. මම විතරක් තඹුත්තේගම. මේ පවුල් දේශපාලනය නතර කරන්න ඕනෑ.
බණ්ඩාරනායක පවුල අවුරුදු 27ක් පාලනයේ හිටියා. සේනානායකලා දශකයකට වැඩි කාලයක් පාලනය කළා. ජේ.ආර්.ලා, රනිල්ලා අවුරුදු 20ක් විතර හිටියා. අවුරුදු 76ක් රට පාලනය කර තිබෙන්නේ උඩ ඉන්න පවුල් හතරක්. දිස්ත්‍රික්ක ගත්තත් එහෙම තමයි. අනුරාධපුරේ මහින්දසෝම, එයාගේ මල්ලි, ලාල් ගමගේ, දැන් පුතා ඉන්නවා. බර්ටි දිසානායකගෙ පුතා දුමින්ද දිසානායක ඉන්නවා. අනෙක් දිස්ත්‍රික්කවලත් එහෙමයි. එහෙම වෙලා රට හැදුවාද?

1950 දකුණු කොරියාව පිටරට භාණ්ඩ යවලා උපයා ගත්තේ ඩොලර් කෝටි දෙකහමාරයි. ඒ කාලේ ලංකාවේ අපි භාණ්ඩ පිටරට යවලා ඩොලර් කෝටි 42ක් උපයා ගත්තා. අද අපි ඩොලර් කෝටි 1200ක් උපයද්දී කොරියාව ඩොලර් කෝටි 68,500ක් උපයනවා. මේ පවුල් කණ්ඩායම් කිහිපයක් රට පාලනය කරලා මේ රට හැදුවාද? ලෝකෙ රටවල් අපිව පහුකරලා ගියා.

1980 ගණන්වල නිෂ්පාදන කර්මාන්තයක් නොතිබුණු ඉන්දියාව අද හඳට යනවා. වාහන නිෂ්පාදනය කරනවා. ආසියානු කලාපයට අවශ්‍ය වන බිත්තර, බීජ, ඖෂධ නිෂ්පාදනය කරනවා. මහින්ද රාජපක්ෂ අවුරුදු 54ක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. මොනවාද කළේ? ඉන්දියාව අවුරුදු 54 තුළ ඉදිරියට එනවා. රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට ඇවිත් අවුරුදු 47ක් වෙනවා. රටක් හදන්න මේ කාලය හොඳටම ඇති. මේ පාලකයන් රට විනාශ කළා. හැබැයි ඒගොල්ලන් විනාශ වුණේ නැහැ. ජනතාවට අමාරු වුණාට ඒගොල්ලන්ට අමාරු වුණේ නැහැ කවදාවත්. මැදවච්චියේ ගේ මදිවෙනකොට කොළඹිනුත්, සීතලට ඉන්න නුවරඑළියෙනුත්, හුළං වදින්න වැල්ලෙනුත්, දරුවන්ට උගන්වන්න එංගලන්තෙනුත් ගෙවල් ගත්තා. ගොඩක් ඇමතියන්ට ඔස්ට්‍රේලියාවේ, එංගලන්තයේ ගෙවල්, ඩුබායිවල එපාර්ට්මන්ට් තියෙනවා. ඡන්දෙ කරන්න ගමේ ගෙයකුත් තියෙනවා. රට හැදුවේ නැහැ. ඒගොල්ලන් හැදුණා.

ග්‍රාමීය දුප්පත් භාවය තුරන් කරන රටක්

එයාලා කවදාවත් හදන්නෙත් නැහැ. ජනතාවට ස්වාධීනව ආර්ථික හයියක් ආවොත්, ඒ කියන්නේ රස්සාවක් තියෙනවා, ගෙයක් හදා ගන්න, ජීවත් වෙන්න, සතුටින් ඉන්න පුළුවන්, හොඳ ආදායම් මාර්ගයක් තිබෙනවා. එහෙම වුණොත් හාල් කිලෝ 10ට පස්සෙන් යන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලන්ට ගම්වල ජනතාව හැමදාම දුප්පත්භාවයෙන් ඉන්න ඕනෑ. දුප්පත්භාවයෙන් හිටියොත් තමයි බෙදලා ඡන්දෙ ගන්න පුළුවන් වෙන්නේ. සාරි, උදලුතල, කෑම පාර්සල්, සිල් රෙදි, ගිනිපෙට්ටි බෙදුවා; බෙදනවා. තමන්ට වත්කමක් තිබෙනවා නම්, ගිනිපෙට්ටියක් ගන්න, සාරියක් ගන්න, පෝලිමේ යන්නේ නැහැ. කෑම පාර්සලේට, රුපියල් 500ට ඡන්ද වැඩවලට යන්නේ නැහැ. ඒ ගොල්ලන්ට මේ ගම් හැමදාම දුප්පත්භාවයෙන් තියන්න ඕනෑ. ගම දුප්පත් වෙලා හිටියොත් ඒ ගොල්ලන්ට ඡන්ද කරන්න පුළුවන්. මේ ආණ්ඩු හදන්නෙ ජනතාව දුප්පත්භාවයට පත්කරන්න, පාලකයා පොහොසත් වෙන්න.

ග්‍රාමීය ජනතාව දුප්පත්භාවයෙන් තුරන් කරන රටක් අපි හදනවා. ආරම්භය ලෙස අපි 10,000ක සිට 20,000 දක්වා වූ සහනාධාරයක් දෙනවා. 2048 වෙනකම් ජනතාවට කන්නෙ නැතිව ඉන්න පුළුවන්ද? ජාතික ජන බලවේගය රට හදනවා, එතකම් ජනතාව බලාගන්නවා. අනිවාර්යයෙන් අධ්‍යාපනය, සෞඛ්‍යය, ආහාර ලබාදෙන වැඩපිළිවෙළක් අපි ආරම්භ කරනවා.

ග්‍රාමීය ජනතාව දුප්පත්භාවයෙන් එළියට ගේන්න ඕනෑ. එහි ප්‍රධාන කාර්යය තමයි අධ්‍යාපනය. දරුවා ඉගෙනගෙන ලෝකයට විවෘත වුණොත් දරුවා ගමේ ආර්ථිකයෙන් නිදහස් වෙනවා. අපේ රටේ පළමුවැනි වසරේ සිට දහය වසර දක්වා වූ දරුවන්ගෙන් සෑම වසරකම 30,000ක් පාසල් අතහැර යනවා. අපි සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම නිලධාරීන් කිහිපදෙනෙක් පත්කරනවා. අඛණ්ඩව දින තුනකට වඩා පාසල් නොඑන දරුවන් පිළිබඳ සොයා බලා ඒ දරුවා පාසලට ගෙන්වා ගැනීමේ වගකීම ඒ නිලධාරීන්ට පවරනවා. එක දරුවෙකුටවත් පාසල අත්හැර යන්න අපි ඉඩ තබන්නේ නැහැ.

අපේ පාසල්වල ඉංග්‍රීසි, ගණිත, විද්‍යාව විෂය සම්බන්ධ දැනුම ඇති ගුරුවරුන්ගේ හිඟයක් පවතිනවා. ඉතා හොඳින් පුහුණු කරන ලද, මැනවින් දරුවන්ට ඉගැන්වීමේ හැකියාව ඇති ගුරුවරුන් පත් කරනවා. අදත් පාසල්වල ගුරු පුරප්පාඩු 33,000ක් තිබෙනවා. රැකියා නැති උපාධිධාරීන් 35,000ක් එළියේ ඉන්නවා.

අද අධ්‍යාපනය දෙමව්පියන්ට බරක්. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකදී අධ්‍යාපනය දෙමව්පියන්ගේ බරක් වෙන්න ඉඩ තියන්නේ නැහැ. අධ්‍යාපනය රජයේ වගකීමක් බවට පරිවර්තනය කරනවා.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ගොඩ නන්වන කෘෂිකර්මාන්තය

ග්‍රාමීය ජනතාවගේ දුප්පත්භාවය නැති කරන්න නම්, ගමේ ජනතාවගේ ආර්ථිකය හොඳ වෙන්න ඕනෑ. මේ කැබිතිගොල්ලෑවේ ජනතාවගේ ප්‍රධාන ආර්ථිකය ගොවිතැන. ගොවිතැන පාඩු රස්සාවක් නොවෙයි. ලෝකයේ සෑම රටකම කෘෂිකර්මාන්තය සඳහා සහනාධාර දෙනවා. ඉන්දියාවෙ ගොවියාට තෙල්, විදුලිය නොමිලේ ආණ්ඩුවෙන් දෙනවා. කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා හොඳම බීජ ලබා දෙන්න ඕනෑ. පිටරටින් අධික මිලට බීජ ගෙනත් වගා කිරීමෙන් වැඩක් නැහැ. ඒ නිසා අපි අපේ බීජ පර්යේෂණායතන දියුණු කර, හොඳ බීජ සොයා ගන්නවා. ඒ බීජ ගොවිපොළවල්වල වැඩි දියුණු කරනවා. ඒ බීජ ගොවීන්ට ලබාදී ගම්වල බීජ නිෂ්පාදනය කරන ගොවීන් හදනවා.

සමහර අය ආහාර සඳහාත් සමහර අය බීජ නිෂ්පාදනය සඳහාත් වගා කරනවා. හොඳ බීජ අඩු මිලට ගොවියාට ලබාදෙන වැඩපිළිවෙළක් හදලා, බීජ ව්‍යසනයෙන් ගොවි ජනතාව මුදා ගන්නවා. අනෙක, කෘෂිකර්මාන්තය සඳහා යන යෙදවුම් මිල ඉහළයි. කෘමිනාශකවල, පොහොරවල මිල ඉහළයි. මේ ඉහළ මිල දරාගත නොහැකියි. තෙල් පිරිපහදු කරන කොට, ඒකෙන් එන අතුරු ඵලවලින් කෘමිනාශක නිපදෙව්වා. ‘සිපෙට්කෝ’ කියන කෘමිනාශක හැදුවේ ලංකාවේ, සපුගස්කන්දේ. රනිල් වික්‍රමසිංහ ඒවා වහලා දැම්මා. ඒ නිසාම අද වල්නාශක, කෘමිනාශක පිටරටින් ගෙන්වන්න සිදුවෙලා තිබෙනවා. ඩොලරය ඉහළ යන කොට ඒවායේ මිලත් ඉහළ යනවා. ඒ නිසා අපි කෘමිනාශක, වල්නාශක හදන්න නැවත පර්යේෂණ ආරම්භ කරනවා.

1982 සපුගස්කන්දේ තෙල් පිරිපහදු කරන කොට එන අතුරු ඵලවලින් පොහොර නිෂ්පාදනය කළා. මෙට්‍රික් ටොන් 50,000ක් පාකිස්ථානයට පැටෙව්වා. රනිල්ගේ බියගම ආසනයේ ඒ පොහොර ෆැක්ටරිය තිබුණේ. බටලන්දේ වධකාගාරය කියන්නේ පොහොර කර්මාන්ත ශාලාවේ නිල නිවාස. ඒ කර්මාන්ත ශාලා වහලා දැම්මා. කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය යෙදවුම් සාධාරණ මිලකට ලබාදීමට අවශ්‍ය වැඩපිළිවෙල ජාතික ජන බලවේගයේ අපි හදනවා.

අපේ වගාවන්වල පසු අස්වනු නාස්තිය අති විශාලයි. වගාවෙදි අලි කාලා විනාශ වෙනවා වගේම එළවළු පටවලා කොළඹට ගෙනත් විකුණන කොට නිෂ්පාදනය කරන එවායින් විශාල ප්‍රමාණයක් අපතේ යනවා. බී ළුෑණු කිලෝ 100ක් ගෙන ගියොත් ඉතිරි වෙන්නේ කිලෝ 62යි. ප්‍රවාහනයේදී අපතේ යනවා. මේ වගේ අපතේ යාමක් ලෝකයේ කොහේවත් සිදුවන්නේ නැහැ. නිෂ්පාදන නාස්තිය අවම කර ගැනීමට ඇසුරුම් කරණය, ගබඩාකරණය වැඩපිළිවෙළවල් ලෝකයේ තිබෙනවා. මේගොල්ලෝ මේවා හැදුවේ නැහැ. නෙළා ගන්නා අස්වැන්න නාස්තිවීම වැළැක්වීම සඳහා වැඩපිළිවෙළක් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවෙන් අපි හදනවා.

අපේ නිෂ්පාදන දෙකෝටි විසිලක්ෂයට විතරක් නොවෙයි, පිටරට යවන්නත් හදන්න ඕනෑ. අපනයන ගම්මාන අපි හදන්න ඕනෑ. යලට, මහට විතරක් වගා කරලා පිටරට යවන්න බැහැ. සතිපතා අඛණ්ඩව යවන්න ඕනෑ. වසර පුරාම අස්වැන්න නෙළා ගන්න පුළුවන් විදිහට අපනයන කෘෂිකර්මාන්තය නවීකරණය කරන්න ඕනෑ.

නෙදර්ලන්තය භූමියෙන් වර්ග කිලෝමීටර් හතළිස් එක්දහසක වගේ ප්‍රමාණයක් තිබෙන්නේ. අපේ රටට වඩා කුඩා රටක්. ලෝකයේ කෘෂි නිෂ්පාදන අපනයන කරන රටවලින් දෙවැනි රට නෙදර්ලන්තයයි. අපට සාරවත් පොළොවක්, ප්‍රමාණවත් වැසි, හොඳින් සූර්යා ලෝකය ලැබෙන රටක්. ගොඩක් රටවල්වලට එහෙම නැහැ. කෘෂිකර්මාන්තය නඟා සිටුවන්න පුළුවන් රටක් මේක. ග්‍රාමීය ජනතාව දුප්පත්භාවයෙන් මුදා ගැනීම සඳහා ජාතික ජන බලවේගයේ අපි කෘෂිකර්මාන්තය නවීකරණය කරනවා.

වෙනත් ආර්ථික අවස්ථා

ඒ විතරක් මදි. තවත් ආර්ථික අවස්ථා හදන්න ඕනෑ. අපේ ප්‍රධාන කර්මාන්තකරුවන් එක්ක අපි කතා කළා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආරම්භ කළ හැකි කර්මාන්ත හා සේවා මොනවාද? සංචාරක කර්මාන්තයට ඉතා හොඳ ඉඩක් ලංකාව තුළ තිබෙනවා. අලුත් ආර්ථික අවස්ථා අපි හදන්න ඕනෑ. දරුවන්ට දැනුම දීලා, ඥානය දීලා අලුත් අවස්ථා හදනවා. එතකොට දියුණුවෙන්න පටන් ගන්නවා. ගම්වල ජනතාව දුප්පත්භාවයෙන් මිදෙනවා. තමන්ට හොඳ ආහාර වේලක් ගන්න, වාතාශ්‍රය සහිත නිවසක් හදාගන්න, සතුටු සාමීචියේ යෙදෙන්න පුළුවන් .තැනක්… අද අපේ ගම්වල සිනා පොදක් නැති මුහුණුවලට සිනාවක් ගේන්න ඕනෑ. ජාතික ජන බලවේගය හදන්නේ පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්.

අද පවුල් විනාශ වෙලා තියෙන්නේ. මේ පවුල් අතර බැඳීම් වැඩිකර, ශක්තිමත් කරන්න ඕනෑ. පවුල් අතර සුන්දරතාවය ඇති වෙන්න ඕනෑ. එදා මිනිසුන්ට තිබුණු නිදහස අද නැතිවෙලා. ආගම් පිළිබඳ භක්තිය නැති වුණා. දැහැමි ජීවිතය අහිමි වුණා. මිනිස්සු අතර වෛරය, කෝපය වැඩිවුණා. දරුවන්ගෙ ආරක්ෂාව නැතිව ගියා.

මේ ආණ්ඩු මාරුවක් විතරක් නෙමෙයි…

අපට තියෙන්නේ හුදු ආණ්ඩු මාරුවක් නොවෙයි. නායකයෙක් වෙනුවට නායකයෙක් ගේන එක නොවෙයි. තමන්ගෙ ජීවිතය තමන්ට එපා වෙලා තියෙන්නේ. තමන්ගෙ ජීවිතය අහිමි වෙලා යනකම් බලාගෙන ඉන්න ජීවිතවලට පණ දෙන, හිනාව දෙන, සමාජයක් ගොඩනැගීම තමයි අපේ සැලසුම තිබෙන්නේ. මේ ජීවිතේ මීට වඩා හොඳ ජීවිතයක් බවට පත්කරන ආණ්ඩුවක්. දරුවන්ගේ අනාගතය ගැන විශ්වාසයක් නැතිව දෙමාපියන් හූල්ලනවා. අපි හදන්නේ දරුවන්ට අලුත් අනාගතයක් නිර්මාණය කරන ආණ්ඩුවක්. කඩා වට්ටපු කෘෂිකර්මාන්තය වෙනුවට දියුණු කෘෂිකර්මාන්තයක් දක්වා පරිවර්තනය කරන ආණ්ඩුවක් අපි හදනවා. ඒ කියන්නේ අපේ රට වෙනස් කරන, රට පොහොසත් කරන, ලස්සන ජීවිතයක් උරුම කර දෙන ආණ්ඩුවක්.

මේක මේ වෙලාවේ කරන්නම ඕනෑ. ජාතික ජන බලවේගය යනු ජනතාවට අලුත් ජීවිතයක් අරගෙන දෙන ජනතාවගේ ආණ්ඩුවක්. අපේ මේ සැලසුම් ක්‍රියාත්මක කරන්න අපට බලය ඕනෑ. මෙතන පොහොට්ටුවට, අලියට කතිරෙ ගහපු අය ඉන්නවා. ඒ අතීතය, පැත්තකින් තියන්න. මේ ඉන්නේ ජාතික ජන බලවේගය දිනවීම සඳහා එකතු වුණු බලකායක්. අපි ඔක්කෝම එකට පොර බදමු. අපේ මේ උත්සාහයේ අවසන් ප්‍රතිඵලය ලබාගත හැකි වෙන්නේ, ගමේ ඡන්ද පෙට්ටිය මාලිමාවට කතිර ගහලා වැඩිම ඡන්ද ප්‍රමාණයකින් පිරෙව්වොත් විතරයි. අපි මේ වැඩේ සාර්ථකව කරමු.

සැප්තැම්බර් 22 දා වන විට ලංකාවේ අලුත් ආණ්ඩුවක්; අලුත් පාලනයක්. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක්. ඒ වෙනුවෙන් අපි හැමදෙනාම වැඩ කරමු; මහන්සි වෙමු.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වතු කම්කරුවන්ට වැඩිකළ රුපියල් 1700ක වැටුප ලබාදී මේ අවසන් තීරණය සඳුදා… දැනට සමාගම් 07ක් 1700 ගෙවන්න කැමතියි… ජනපති වතු කම්කරුවන්ට කියයි!

Next Post

මනුෂ වෙනුවට බන්දුලාල් බන්ඩාරිගොඩ… පත්කිරීම ජනාධිපතිවරණයෙන් පසු!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.