වත්මන් ජනාධිපතිවරයා මේ වන විට රාජපක්ෂ පවුල ප්‍රමුඛ පොහොට්ටුවේ ප්‍රාණ ඇපකරුවකු වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කලේ අද (15) අම්පාර සමගි ජනබලවේගයේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමෙන් පසු ජනතාව අමතමිනි.
විපක්ෂ නායකවරයා කීවේ වත්මන් ජනාධිපතිවරයා විසින් යූඇන්පී සාමජිකයටන් පහර දුන් සහ යූඑන් පී සාමාජිකයන් ඝාතනය කළ පුද්ගලයන්ට ඇමතිකම් ද ලබා දුන් බවය.







