කතානායකවරයාට වත්කම් බැරකම් ප්‍රකාශ බාර දිය යුතු මන්ත්‍රීවරුන් 169 දෙනාගෙන් එම ප්‍රකාශ ඉදිරිපත් කර ඇත්තේ මන්ත්‍රීවරුන් 69 දෙනෙකු පමණක් බව වාර්තා වේ.
සෑම මන්ත්‍රීවරයකුම සෑම වසරකම ජුනි මස 30 වැනිදාට ප්‍රථම සිය වත්කම් බැරකම් ප්‍රකාශ කතානායකවරයාට භාරදිය යුතුවෙයි. කතනායකවරයාට වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරන්නේ මන්ත්‍රීවරුන් පමණක් වන අතර ඇමතිවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරන්නේ ජනාධිපති ලේකම්වරයාටය.
වත්කම් බැරකම් ප්‍රකාශය ඉදිරිපත් නොකළ මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය පාර්ලිමේන්තු ප්‍රධානීන් විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට බාර දෙනු ලැබ ඇතැයි ඉරිදා ලංකාදීප වාර්තා කර තිබේ.
වත්කම් බැරකම් ප්‍රකාශ භාර නොදුන් මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට මේ අනුව එම කොමිෂන් සභාවට බලය ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කළේය. ( සුජිත් හේවාජූලිගේ )







