පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ සිසු පිරිසක් නවක සිසුන්ට වට්ස් ඇප් ඔසසේ නවක වදය ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් විනයාරක්ෂක නිලධාරිවරයා විසින් ලබාදුන් දුරකතන අංකය ඔස්සේ පේරාදෙණිය පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන විනය පාලක නිලධාරිවරයා වෙත නවක සිසුවෙකු විසින් කරන ලද පැමිණිල්ලකින් පසු ඔහු විසින් අදාළ සිදුවීම පිළිබඳව පොලීසියට ඊයේ (05) දැනුම් දී තිබේ.
නවක සිසුන්ගේ දුරකතන අංක සම්බන්ධ කර ගනිමින් වට්ස් ඇප් සමූහක් ගොඩ නගා එයට අසභ්‍ය වෙබ් අඩවි වල ලිපිනයන් යොමුකර එම ලිංගික දර්ශන නැරඹීමෙන් පසු තමන්ට ඒ සම්බන්ධව ඇතිවන හැඟීම විස්තර කරන ලෙස නවක සිසුන්ට බලපෑම් කර තිබෙන බව පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.
විශ්වවිද්‍යාල සිසුන්ට නිර්නාමිකව අන්තර් ජාලය ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා පහසුකම් සලසා තිබෙන බවත් එම පැමිණිලි ද්වාරයට සිසුවෙකු විසින් සාක්කි සහිතව ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලක් පදනම් කර ගනිමින් විශ්වවිද්‍යාලයේ ප්‍රධාන විනයාරක්ෂක නිලධාරිවරයා පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන බවත් මේ සම්බන්ධව කළ විමසීමකදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් පැවසීය.







