ඇහැටුවැව නිතලව වෙල්යායේ කපා තිබූ වගා ළිඳකට වන අලි පැටවෙක් වැටි වැටි තිබේ.
ගල්ගමුව වනජීවී නිලධාරීන් ප්රදේශවාසීන් සමඟ එක්ව අලි පැටවා ගොඩ ගැනීමට උත්සාහ දරමින් සිටිති.
අලි පැටවා ළිඳට වැටී ගොඩ ඒමට උත්සාහ දරන අයුරු වීඩියෝවෙන් දැක්වේ.මේ දිනවල ගල්ගමුව , ඇහැටුවැව .අඹන්පොල , මහව ප්රදේශවල විශාල වශයෙන් වන අලි රංචු සැරිසරමින් සිටිති.
මින්නේරිය කවඩුල්ල ජලාශවල ජල මට්ටම් ඉහළ ධාරිතාවකින් පවත්වා ගැනීමත් සමග ආසියාවේ එක් තැනක රොක්වන විශාලම වන අලි ගහණය ලෙස සැලකෙන මින්නේරිය කවුඩුල්ල වෑ පිටියේ අගෝස්තු සැප්තැම්බර් මාසවල එක්වන වන අලි ගහණය ගල්ගමුව, ප්රදේශයට විතැන් වී ඇති බව වනජීවී බලධාරීහු විශ්වාස කරති.







