බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වගා කරන බීජ ටිකවත් හදා ගන්න බැරිව හිඟා කන රටක්…

විගණනයෙන් හෙලිවන බීජ මාෆියාවේ නොපෙනෙන පැත්ත...

by editor
පෙබරවාරි 12, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • රට තුළ නිශ්පාදනය කළ හැකි බීජවර්ග වෙනුවෙන් 2019 දි කෝටි  657ක් වියදම් කරලා…

  • කෝටි ගණන් වියදම් කරලා ගේන බීජවර්ග පැලවෙනවද කියලා සහතිකයක් නෑ…. ගොවීන් අනාථයි…

ලලිත් චාමින්ද –

අපේ රටේ දේශීය එළවළු ගොවීන්ගෙන් සියයට 70ක් පමණ  ආනයනික දෙමහුන්  එළවළු බීජ වගා  කරති. මේ බව සඳහන් වන්නේ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ ආයතනය මගින්  2018 වර්ෂයේ දී පලකරනු ලැබු පර්යේෂණ  වාර්තාවකය. රට තුළ ගොවිතැනට අවශ්‍ය බීජ ටිකවත් නිශ්පාදනය නොවන පසුබිමක ගොවීහු ආනයනික බීජ සොයාගෙන යති. කරුමය වන්නේ ගිනි ගණන් දී රටට ගෙන්වන එම බීජත් පැලවන බවට සහතිකයක් නැති වීමය.  මේ සංවාදය ගොඩනගන්නට උත්සාහ කරන්නේ රටේ බීජ නිශ්පාදනය නොවීම, දැවැන්ත විදේශ විනිමය ප්‍රමාණයක් වැය කර ගෙන්වන බීජ පැල නොවීම, ඒ වෙනුවෙන් සම්ම අණ පණත් කුජීත වී තිබීම වැනි හේතු කාරණා ගණනාවක් පදනම් කරගනිමිනි.

බීජ පනත සම්මත කිරීම

ඉල්ලුමට සරිලන ලෙස  ගොවින් වෙත බීජ සැපයිමට අවශ්‍යතාවය නිසා 1984 වර්ෂයේ දි රජය මගින්  බීජ නිෂ්පාදනයට හා ආනයනයට  පෞද්ගලික අංශය දායක කරගනු ලැබීය. මේ සමග දේශීය බීජ නිෂ්පාදනය හා ආනයනය සිඝ්‍රලෙස ඉහළ ගියේය. බීජ නිෂ්පාදනයේ දී හා ආනයනයේ දී විවිධ ගැටලු මතුවිය. එම ගැටලු අවම කිරිමේ අරමුණින් 2003 අංක 22 දරණ බීජ පනත සම්මත කරණු ලැබිය.

ඒ අනුව ලංකාවේ බීජ සම්බන්ධව ක්‍රියාත්මකවන ප්‍රධාන භාරකාරයා වන්නේ  බීජ හා රෝපණ ද්‍රව්‍ය මධ්‍යස්ථානයයි. මෙය කෘෂිකර්ම දේපාර්තමේන්තුව යටතේ ස්ථාපිත කොට ඇත්තේය. එය පිහිටුවීමේ අරමුණ වුයේ  ගුණාත්මක බීජ හා රෝපණ ද්‍රව්‍ය කලට වේලාවට  පහසු ස්ථානවලදී සාධාරණ මිල ගණන් යටතේ ගොවීන් වෙත ලබාදිමටය. එමෙන්ම උද්‍යාන භෝග පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය මගින්  දේශිය වගාව සඳහා අවශ්‍ය අභිජනන බීජ නිෂ්පාදනය  කිරීම හා නව එළවළු ප්‍රභේද හඳුන්වාදිම සඳහා පර්යේෂණ සිදුකරයි.

විගණනයෙන් හෙළි වූ කරුණු

මෙවැනි තත්වයක් තුළ   එළවළු බීජ දේශීය වශයෙන් නිෂ්පාදනය කිරිමේ ක්‍රියාවලියේ කාර්යසාධනය පිළිබඳ ජාතික විගණන කාර්යාලය මගින් ඇගයිමක් සිදුකරනු ලැබිය. මෙතැන් සිට මෙම ලිපිය දිගහරුණුයේ එම වාර්තාවේ සඳහන්ව ඇති කරුනු පදනම් කරගෙනය.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

බීජ පනතේ දක්වා ඇති කාර්යයන්  ඉටුකිරීමෙහිලා  ජාතික බීජ සභාව  ස්ථාපිත කරනු ලැබිය.   ජාතික බිජ සභාව පළමුවට රැස්වී  ඇත්තේ  බීජ පනත සම්මත කිරීමෙන් වසර 14කට පමණ පසුවය. එනම් 2017 නොවැම්බර් මස 29 වැනි දිනය.    ඉන්පසු 2019 වර්ෂයේ දෙසැම්බර් 31 වැනිදින දක්වා කාලසිමාව තුළ රැස්ව තිබුණේ  අවස්ථා තුනක දී පමණි.. මෙම තත්වය තුළ දේශීය බීජ නිෂ්පාදනයේ ප්‍රගතිය ඇගයිම  ඇතුළු  අදාළ අනිකුත් ප්‍රතිපත්ති  සැකසීම හා අවශ්‍ය තිරණ ගැනීමේ ක්‍රියාවලිය  ක්‍රියාකාරිව සිදුවි නොතිබු බව  විගණනය මගින් අනාවරණය කොට ඇත.

රුපියල් කෝටි හතරක බීජ විනාශ වෙලා

ඒ විතරක් නොව 1997 වර්ෂයේ දි බිජ හා රෝපණ ද්‍රව්‍ය කර්මාන්තය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තිය  බීජ සම්බන්ධ ප්‍රතිපත්තිය ලෙස  සලකනු ලබන බව සඳහන් කර තිබුනද  2021 ජනවාරි 01 වැනිදින වනවිටත් එය ගැසට් මගින් ප්‍රකාශයට පත්කර නොතිබුණි. එමෙන්ම වාර්ෂිකව අවශ්‍ය බීජ ප්‍රමාණය පිළිබඳ  නිවැරදි ප්‍රරෝකථනයක් සිදුකර නොතිබීම, අවශ්‍යතාවයට ගැලපෙන පරිදි බීජ නිෂ්පාදනය නොකිරීම, බීජ තොග ගබඩා කිරීමේ ගැටලු පැවතීම, හේතුවෙන් 2014 සිට 2019 වර්ෂය දක්වා  රුපියල් මිලියන 38ක් වටිනා එළවළු බීජ පැළවිම දුර්වලවීම මත අපහරණය කිරිමට නියමිතව තිබු බවද විගණනය මගින් අනාවරණය කොට තිබේ.

එළවළු බීජ සම්බන්ධව ප්‍රමාණවත් පර්යේෂණයක්  සිදුනොකිරිම ද  විගණනයේ දී අනාවරණය වී ඇත. බීජ අලෙවි කිරිමේදී  ආයතනයේ සමස්ත අලෙවි ජාලය තුළ පවතින  අලෙවි ගබඩා සතුව පවතින තොග ප්‍රමාණය  තොරතුරු ඉතා ඉක්මනින් දැන ගැනීම සඳහා පරිගණකගත වැඩසටහනක් ක්‍රියාත්මක කොට නොතිබුණි. බීජ අලෙවිකර ගැනිම සඳහා ගොවිජන සේවා මධ්‍යස්ථාන සම්බන්ධකරගැනීමට විධිමත් ක්‍රමවේදයක් ද අනුගමනය කිරීමට කටයුතු කර නොතිබුණි.  කෙසේවුවද දේශිය වශයෙන් නිෂ්පාදනය කළහැකි එළවළු බීජ  මෙන්ම අනිකුත් එළවළු බීජ  විශාල ප්‍රමාණයක් ආනයනය කෙරේ.

පාරම්පරික බීජ වෙනුවට බීජ ආනයනය

අපේ පාරම්පාරික ගොවීහු  තමන් විසින්ම දේශිය බීජ සකස්කරගෙන වගාකටයුතු කළහ. 50 දශකය පමණ වනවිට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ සංවිධානාත්මක  බීජ ක්ෂේත්‍රයන් ආරම්භකරණු ලැබිය. 80 දශකයේ මුල්භාගය වනතෙක්ම  ලංකාවේ ප්‍රධාන බීජ සැපයුම්කරුවා වුයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවය. එහෙත් විවෘත ආර්ථිකයත් බහුජාතික සමාගම් බිහිවීමත් සමග සියල්ල කණපිට පෙරළුණි.

2015 වර්ෂයේ දී එළවළු බීජ ආනයනය කිරීම සඳහා රුපියල් මිලියන 962.7 ක මුදලක් වැයවි ඇත. 2019 වර්ෂයේ දී එළවළු බීජ ආනයනය කිරිම සඳහා වැයවී ඇති මුදල රුපියල් මිලියන 1491.6කි. 2016 හා 2017 වර්ෂවල කෘෂිකර්ම අමාත්‍යංශයේ අයවැය ඇස්තමේන්තු අනුව  එළවළු හා අනිකුත් භෝග ආනයන ප්‍රමාණය තුනෙන් එකක් අඩුකරගැනීමට   අපේක්ෂා කළ තිබුණද එම අරමුණ ඉටුකරගැනීමට නොහැකිවිය. 2015 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා රුපියල් මිලියන 6567ක් වැය කරමින් එළවළු  බීජ කිලෝග්‍රැම් 1,193,807ක්  ආනයනය කරතිබුණි.

කෙසේවුවද 2015 වර්ෂයට සාපේක්ෂව 2019 වර්ෂයේ දී ආනයනය කළ බීජ කිලෝග්‍රැම් ප්‍රමාණය  සියයට 13කින් අඩු වී තිබුණි. එය හොඳ ප්‍රවණතාවයකි. එහෙත් බීජ ආනයන වියදම සියයට 55කින් වැඩි වී තිබේ. බීජ හා රෝපණ ද්‍රව්‍ය මධ්‍යස්ථානයේ  එළවළු බීජ නිෂ්පාදනය හා මිල දී ගැනිම 2019 වර්ෂයේ කිලෝග්‍රෑම්  37042කි. එම වර්ෂයේ ආනයනය කරණු ලැබු බිජ ප්‍රමාණය කිලෝග්‍රැම් 1,98,595කි. 2017 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා  දේශිය එළවළු බීජ දේශීයව නිෂ්පාදනය කිරීම  සියයට 05ක් 16ක් අතර පරාසයක පවතී. ගොවින්ගෙන්  සියයට  84 – 95ක් තවමත්  ආනයනික බිජ මත  යැපෙති. දේශිය එළවළු බීජ වලට වඩා  ආනයනික එළවළු බීජ වැඩි බව නිරික්ෂණය වී ඇත. මේ සඳහා ගොවින්  ආනයනික බීජවලට යොමුවී ඇත්තේ  පාරිභෝගික අවශ්‍යතාවය සැපයිමට තරම් දේශීය වශයෙන් එළවළු බීජ නිෂ්පාදනය නොවිමය.

ආනයනික බීජ බලපත්‍ර

කෘෂිකර්ම දේපාර්තමේන්තුවේ දත්තවලට අනුව  වර්ග 11කට අයත් එළවළු බීජ  ආනයනය කිරීම සඳහා බලපත්‍ර නිකුත්කොට තිබුණි. එළවළු බීජ ආනයනය කිරීමට   බලපත්‍ර නිකුත් කිරීමේ දි බෝංචි සඳහා පමණක් උපරිම ආනයන  සීමා පැනවීමට කටයුතු කරනු ලැබිය. වර්ෂ 2017 දී බෝංචි බීජ මෙට්‍රික් ටොන්   187.1ක් 2018 වර්ෂයේ දී මෙට්‍රික් ටොන් 108.6ක්, 2019 වර්ෂයේ දී  මෙට්‍රික්ටොන්  163ක් ආනයනය කිරීම සඳහා අවසර ලබා දි තිබුණි. පතෝල, වට්ටක්කා, බෝංචී, පිපිඤ්ඤා, කරවිල, තක්කාලි, මාළු මිරිස්, දඹල. මෑ, බණ්ඩක්කා, මිරිස් යන  එළවළු  බීජ 2017, 2018 හා 2019 යන වර්ෂවල දී  පිළිවෙළින් මෙට්‍රික්ටොන් 464, 359, 459ක් වශයෙන් ආනයනය කොට තිබුණි.

එමෙන්ම මෙම වර්ෂවල  එක් එක් එළවළු වර්ගයෙන් ආනයනය කළ එළවළු බීජ ප්‍රමාණය පිළිබඳ දත්ත  ශ්‍රි ලංකා රේගුව හා කෘෂිකර්ම දේපාර්තමේන්තුව සතු නොවීය. මේ හේතුවෙන් බීජ නියාමන කාර්ය සතුටුදායක අන්දමින් සිදුකිරීමට  බාධාවක්ව පැවතුණු බවද විගණන වාර්තාවේ සඳහන් වේ. 2019 වර්ෂයේ දී ආනයනික බීජ ප්‍රමාණය 1,193,807කි. ආනයනික වියදම රුපියල් මිලියන 6,568කි. එම වර්ෂයේ බීජ කිලෝග්‍රෑමයක සාමාන්‍ය ආනයන වියදම  රුපියල් 7,507කි.

දේශීය වශයෙන් නිෂ්පාදනය කරගත හැකි එළවළු බීජ ආනයනය කිරිම සඳහා කෙතරම් වියදමක් දරා ඇද්ද යන්න පිළිබඳ මෙම සංඛ්‍යාලේඛණ මගින් පැහැදිළිවේ.

බීජවල ප්‍රමිතිය

එළවළු බීජවල ප්‍රමිතිය පිළිබඳ ගොවින් නිරතුරුව මැසිවිලි නගති.  එහෙත් අසාධාරණයට ලක්වන ගොවින් වෙනුවෙන් මැදිහත් විමට  පාරිභෝගික අධිකාරියට බලයක් නැත. මක්නිසාදයත් 2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනතේ 10 වැනි වගන්තිය ප්‍රකාරව  බීජ ආනයනය කිරීම, බේදා හැරීම, මිල කිරීම, අලෙව් කිරීම, ලේබල් කිරීම, පිළිබඳ විශේෂ විධි විධාන නිකුත්කර නොතිබුණි. මේ කරුණු සම්බන්ධයෙක් බලය පැවරි ඇති 2003 අංක 22 දරණ බීජ පනතේ 18 වැනි වගන්තිය අනුව  මෙම කරුණු සම්බන්ධයෙන් නියෝග සකස්කොට ක්‍රියාවට නැංවිය යුතුය. එහෙත් එම කටයුතු සිදුවී නොතිබුණි.

නඩු ගියත් දඩ නෑ….

2017 හා 2018 වර්ෂවල දී  වෙළෙඳපොළෙන් මීලදී ගත් බීජ සම්බන්ධයෙන්  ගොවීන් කිහිප දෙනෙකු විසින්  පාරිභෝගික අධිකාරියට පැමිණිලි කොට තිබුණි. එම අධිකාරිය විසින්  බීජ පනතේ 14 (02) වගන්තිය අනුව  බීජ සම්බන්ධ වාර්තාවක්  කෘෂිකර්ම දෙපාර්මේන්තුවේ බීජ සහතික කිරීමේ  පරික්ෂණාගාරයකින් ලබාගනු ලැබිය.  අලාභය ලෙස අක්කරයකට රුපියල් 140,792 මුදලක් තක්සේරුකොට  ගොවින්ට අදාල මුදල ගෙවන ලෙස වගඋත්තරකාර ආයතනයට දන්වා තිබුණි. එහෙත් 2020 ජුනිමස 25 වැනිදින වනවිට වසර 02කට වඩා වැඩිකාලයක් ගතවී තිබුණ ද එම අලාභය අයකරදීමට  පාරිභෝගික අධිකාරියට නොහැකිවිය.

වෙළදපොළ තුළ අලෙවිය සඳහා ඇති එළවළු බීජවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ගැටලු පවතින බව  පර්යේෂණවලදි අනාවරණය වි තිබේ. බීජ සහතික කිරීමේ සේවය මගින් 2018, 2019 වර්ෂවල  පිළිවෙළින් පුද්ගලික අංශයේ  බිජ අලෙවි සල් 260ක් හා 220ක් පරීක්ෂාවට ලක්කරනු ලැබීය. එමගින් වී, එළවළු, අතිරේක ආහාර භෝග හා ආනයනික භෝග සම්බන්ධයෙන්  ගැටලු සහගත තත්වයක්  නිරික්ෂණය කර තිබුණි.

ආනයනික බීජවල තත්වය

මේ වනවිට විශාල වශයෙන් එළවළු බීජ ආනයනය කෙරේ. කටුනායක ගුවන්තොටුපොළේ පිහිටි ශාඛ නිරෝධායන සේවය මගින් 2016/2017 මහ කන්නයේ දී  ආනයනික බීජ එළවළු වලින් ලබාදුන්  නියදි බීජ සහතික කිරීමේ සේවය මගින්  ක්ෂේත්‍රයේ වගා කරනු ලැබිය. එහිදි ලබාගත් නිරික්ෂණ අනුව  කරවිල ප්‍රභේද වගාකිරිමෙන්  සති 03 04 කාලවල දි රෝගවලට ගොදුරුවිය. තක්කාලි පළුදාව  ආසන්නයේ  රෝගවලට ගොදුරු වී විනාශ විය. විශාල වියදමක් දරා එළවළු බීජ  ආනයනය කළ ද  එවායේ ගුණාත්මක භාවය පිළිබද ගැටලු  දේශීය එළවළු වගාවට අහිතකර ලෙස බලපාන බව තහවුරු වුනේය.

දේශීය බීජ නිශ්පාදනයේ ඛේදවාචකය

දේශිය  එළවළු බීජ නිෂ්පාදනය කිරීම සඳහා  බීජ හා රෝපන ද්‍රව්‍ය මධ්‍යස්ථානය සතුව  බීජ නිෂ්පාදන ගොවිපොළවල් 27ක් ඇත. බීජ නිෂ්පාදන වැඩසටහන අනුව රජයේ බීජ නිෂ්පාදන ගොවිපොළ මගින්  එළවළු බීජ නිෂ්පාදනය කිරීම පිළිබඳ බීජ ගොවිපොළවල් 09ක තොරතුරු අනුව බීජ ඉලක්ක නිෂ්පාදන සපුරාගැනීම ඉතා දුර්වල  මට්ටමක පැවති බව විගණන වාර්තාවේ දැක්වේ. එමෙන්ම ගොවිපොළවල පවතින වැඩි භුමි ප්‍රමාණයෙන් බීජ නිෂ්පාදන කටයුතු සඳහා  භුමිය උපරිම වශයෙන් යොදාගෙන නොතිබුණි.

දේශිය එළවළු බීජ සම්බන්ධයෙන් ඇති ගැටලුවට විසඳුම් වශයෙන්  අනායනික එළවළු බීජ සමග තරග කළ හැකි දේශීය එළවළු බීජ හඳුන්වාදිම, සිදුකරන පර්යේෂණ ප්‍රමාණය වැඩි කිරීම, රටේ අවශ්‍යතා මත  ආරක්ෂිත බිජ තොග  පවත්වාගෙන යාම  විගණනය මගින් නිර්දේශකොට ඇත.

එමෙන්ම  බීජ ගොවිපොළවල් සඳහා අවශ්‍ය පුහුණු ශ්‍රමය දිගු කාලීනව පවත්වාගෙන යාම, ජල ගැටලුවට විසඳුම් ලබාදීම, බීජ ගොවිපොළවල් සතු පහසුකම් පුළුල් කිරීම, විගණනය මගින් නිර්දේශකොට ඇත.

කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කොට ඇත්තේ දේශීය වශයෙන් නිෂ්පාදනය කළ හැකි බීජ දේශීයව නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භකොට ඇති බවය.  මෙය තවත් එක් දේශපාලන ප්‍රකාශයක් පමණක් නොවේ නම් එය රටට යහපත්ය.

 

 

 

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කොච්චිකඩේ පල්ලියට ප්‍රහාර එල්ල කරන බවට ඇමතුම් දුන්නේ මන්ද මානසික පුද්ගලයෙක්…

Next Post

පැය දෙක හමාරක් තුළ කොවිඩ් මව්වරුන් තුනකගෙන් නිවුන් දරුවන් හතරක් ඇතුළු දරුවන් පහක්

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.