පැය දෙක හමාරක් වැනි කෙටි කාලයක් තුළ කොව්ඩ් ආසාදිත මව්වරුන් තිදෙනකු වෙනුවෙන් කළ සිසේරියන් සැත්කම් තුනකින් නිවුන් දරුවන් සිව් දෙනකු ඇතුළු දරුවන් පස් දෙනකු සාර්ථක ලෙස ප්‍රසූත කරවීමට නැගෙනහිර කොළඹ මූලික රෝහලේ පිහිටුවා ඇති කොවිඩ් ආසාදිත මව්වරුන් සඳහා වන ජාතික ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛද්‍ය කණ්ඩායම අද සමත්විය.
අද උදෑසන 8.30ට පමණ මෙම සැත්කම් පෙළ ආරම්භ වූ අතර පෙරවරු 11 පමණ වනවිට මෙම සත්කම් තුනම අවසන් කිරීමට මෙම කණ්ඩායම සමත්විය.
කොවිඩ් මව්වරුන් සඳහා වන ජාතික ප්‍රතිකාර මධ්‍යස්ථානයේ නාරි හා ප්‍රසවවේද විශේෂඥ වෛද්‍ය මයුරමාන දෙවොලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම සැත්කම් සිදුවූ අතර එයට නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ති අලගියවන්න . සහ ළමා රෝග විශේෂඥ නොමේරු දරුවන් සම්බන්ධ විශේෂඥ වෛද්‍ය එම්.ඩී. චමින්ද රණවක ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමත් , හෙද කාර්ය මණ්ඩල ඇතුළු රෝහල් කණ්ඩායම දායකත්වය දක්වා ඇත.
මේ පිළිබඳව අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය මයුරමාන දෙවොලගේ මහතා සඳහන් කළේ කොවිඩ් සඳහා වන සෞඛ්‍යාරක්ෂිත ඇඳුම් කට්ටල පැළඳ සැත්කම් සිදු කිරීම ඉතාම බැරෑරුම් සහ දුෂ්කර කාර්යයක් බවය.
ලෝකයේ දියුණු රටවල වෛද්‍යවරුන් පවා මෙවැනි සංකීර්ණ අත්දැකීම්වලට මුහුණ නොදෙන අතර අපේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ පවතින කැපවීම හේතුවෙන් මෙසේ මෙම දරු උපත් සාර්ථක කර ගැනීමට හැකියාව ලද බව පැවසීය.
පසුගිය ජනවාරි මාසයේ පමණක් මෙම රෝහලේ කොවිඩ් ආසාදිත මව්වරුන් 46 දෙනකු සාර්ථකව දරු ප්‍රසූතීන් සිදු කළ අතර මේ දක්වා මව්වරුන් 120කට අධික කොවිඩ් ආසාදිත මව්වරුන් සාර්ථක ලෙස දරුවන් පබා ඇති බවද වෛද්‍ය දෙවොලගේ තවද