අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෝකයේම ප්‍රාර්ථනා සුන් වෙයි ද?… අතුරුදහන් ටයිටන් සබ්මැරිනය බේරා ගැනීමට ඇති කාලය අවසන්!

by editor
ජූනි 22, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මුලු ලොවම අවධානයෙන් යුතුව බලා ගෙන සිටි අතුරුදහන් වූ ටයිටන්   සබ්මැරිනය  බේරා ගැනීමට ඇති කාලය අවසන් වෙමින් පවතී.

දිය යට කිමිදෙන යානයේ පැය 96ක පමණ හදිසි ඔක්සිජන් ප්‍රමාණයක් තිබූ අතර එය අද උදෑසන  උදෑසන දක්වා පැවතිය හැකි විය.

එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය බදාදා රාත්‍රියේ ප්‍රකාශ කළේ ඔවුන්ට  බදාදා සෙවුම් ප්‍රදේශයේ තවත් දිය යට ශබ්ද හඳුනාගෙන “ශුභවාදී සහ බලාපොරොත්තු සහගතව සිටින” බවය.

බ්‍රිතාන්‍ය ගවේෂක හමිෂ් හාඩිං බ්‍රිතාන්‍ය ව්‍යාපාරික ෂාසාදා ඩාවුඩ් සහ ඔහුගේ පුත් සුලේමාන් සමඟ අතුරුදන් වූ පිරිස පස් දෙනෙකි.

අතුරුදහන් වූ අනෙක්  දෙදෙනා නම් සබ්මැරීනයේ ප්‍රංශ හැකි නියමු, පෝල් හෙන්රි නාජෙලට්  (Paul-Henri Nargeolet ) සහ OceanGate Expeditions හි ප්‍රධාන විධායක, ස්ටොක්ටන් රෂ්  (Stockton Rush) ය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ටයිටන් යානය 

අතුරුදහන් වූ ටයිටන් සබ්මැරීනය….

ටයිටන් යනු මුහුදු මට්ටමේ සිට මීටර 4000ක් යටට  මිනිසුන් සහිතව කිමිදිය හැකි ලොව ඇති එකම පුද්ගලික සබ්මැරීන් යානයය.

ටයිටන් යානයේ අයිතිය ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ OceanGate සමාගමටය.  මෙම සමාගම වර්ෂ 2015 සිට  Cyclops නැමැති තවත් සබ්මැරීනයක් හසුරුවන්නේය. එය නොගැඹුරු මුහුදේ සංචරණයන් සඳහාය. ටයිටන් යානය නිපදවනු ලැබුවේම ටයිටැනික් නෞකාවේ නටබුන් නැරඹීම සඳහා සංචාරකයින්ට ඉඩ හසර සැලසීම සඳහාය.

සමාගමට අනුව ටයිටන් යාත්‍රාව රත්තල් 23000ක් පමණ බරය. ගොලාකාර ටයිටේනියම්වලින් කළ ඉදිරි සහ පසුපස අන්ත දෙකෙන් සහ සෙන්ටිමීටර 13ක් ඝනකම් සහිත කාබන් ෆයිබර් බඳකින් යානය සමන්විතය.

එය වරක් මුහුදු මට්ටමින් මීටර 900ක් පහලට ලඟා වූ සබ්මැරීනයවන USS Dolphin යානයට වඩා බොහෝ වැඩිදියුණු කළ යානයකි.

ටයිටැනික් නෞකාවේ නටබුන් අත්ලාන්තික් සාගරයේ මහා අයිස් කඳු අතර මීටර 3800ක් ගැඹුරු මුහුදු පත්ලේ තැන්පත්ව ඇත්තේය.

ටයිටැනික් නැවේ නටබුන් මුහුදු පත්ලේ ඇති ආකාරය…

තවම ක්‍රියාත්මක මෙහෙයුම 

එක්සත් ජනපදය, කැනඩාව, ප්‍රංශය යන රටවලින් ගලවා ගැනීමේ කණ්ඩායම් සෙවීමට එක් වී තිබුණහ.

මේ වනවිට අතුරුදහන් වූ ටයිටන් සබ්මැරිනය ගැන ලොව විද්වත්හු විවිධ මත පලකරමින් සිටිති.

මරියානා ආගාධය (ලෝකයේ ගැඹුරුම අගාධය ) නැරඹීම සඳහා භාවිතා කරන ලද Deepsea Challenger සබ්මැරීනය  නිර්මාණයට දායක  වූ  විශේෂඥයෙක් වන   ජේම්ස් කැමරන් පවසා තිබුණේ  අතුරුදහන් වූ Titan සබ්මැරීනයේ    බලය අවසන් වී ඇති බවය.  එසේත් නොමැතිනම්  හෝ බඳේ පීඩන අවකාශයට ජලය පිරී ඇතැයි   ඔහු විශ්වාස කරන බවයි.

ගැඹුරු මුහුදේ ඉංජිනේරු කටයුතු සම්බන්ධ විශේෂඥ රොන් ඇලුම් “ද ගාඩියන් පුවත්පතට පැවසුවේ  තමන්ට සම්මැරීනයේ පීඩන බඳට ප්‍රශ්නයක් ඇති වී තිබෙන්නේ යැයි  නොහඟෙන බවය.

කෙසේ වෙතත්, ඔහු පැහැදිලි කළේ  යානය  යලි මතු වීමට උත්සාහ කිරීම සඳහා වූ උප කොටසේ බර පහත වැටී ඇති අතර, ඕනෑම ජල ධාරාවක් තුළ එය පහළට යන තත්ත්වයක් ඇති වී තිබෙන්නට හැකි බවය.

යානය දිය යට   නොවෙනස්ව පැවතියේ නම්,  දුරස්ථව ක්‍රියාත්මක වන යාත්‍රාවක්  එයට සම්බන්ධ කළ හැකි අතර අවම වශයෙන් එය නොගැඹුරු ජලයට ගෙන ඒමට හැකි වනු ඇත.   එහිදී එය ජලයෙන් එසවීම සඳහා ශක්තිමත් සෝපාන කේබලයක් යොදවන්න පුලුවන්… එම නැගීම  සඳහා පැයක් හෝ දෙකක් ගතවනු ඇති.” ඔහු කීවේය.

සෙවීම් කටයුතු සඳහා තවත් සබ්මැරීනයක් –

මේ වනවිට බ්‍රිතාන්‍ය සබ්මැරීනරයක් සහ එක්සත් රාජධානියේ සමාගමක වාණිජ උපකරණ පද්ධයක්  අතුරුදන් වූ ටයිටන් සබ්මැරීනයක් යොදවා ඇති ආකාරය Downing Street සේවය වාර්තා කරයි.

එක්සත් ජනපදයේ වෙරළාරක්ෂක බලකායේ ඉල්ලීම පරිදි එක්සත් රාජධානිය අතුරුදහන් වූ සබ්මැරීනය සෙවීමේ සහ ගලවා ගැනීමේ ප්‍රයත්නයන්ට සහාය වීම සඳහා    ලුතිනන් කමාන්ඩර් රිචඩ් කන්තරියා. යටතේ ” රාජකීය නාවික හමුදාවේ සබ්මැරීනය  යොදවා තිබේ.

ලුතිනන් කොමන්ඩර් රිචඩ් කන්තියා  “සබ්මැරීන් යුද්ධ සහ කිමිදුම් මෙහෙයුම් පිළිබඳ   දැනුමක් විශේෂඥයෙකි.   ඔහු පැහැදිලිවම එම අත්දැකීම සෙවීම් සහ ගලවා ගැනීමේ කණ්ඩායමට ගෙන එනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර  බ්‍රිතාන්‍ය C-17 ගුවන් යානයක්   “විශේෂිත වාණිජ උපකරණ පද්ධය”  සෙවුම් සහ ගලවා ගැනීමේ උත්සාහයට සහාය වීම සඳහා ශාන්ත ජෝන් වෙත ප්‍රවාහනය කිරීමට නියමිතව තිබේ..

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මහින්දට විශ්‍රාම යන්න කාලේ හරි… ලොහාන් රත්වත්තේ කියයි!

Next Post

පුරාවස්තු සංහාරකයෝ දිඹුලාග පුදබිම විනාශ කරති… කඳවුරු බැඳගෙන පුරාවස්තු හොයලා…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.