ලොව පුරා දිනකට භූ කම්පන දස දහස් ගණනක් සිද්ධ වෙන බවත් ඒවා ප්‍රබල භූමි කම්පා නොවන බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ හා භූ පර්යේෂණ දෙපාර්තමේන්තුවේ මහාචාර්ය අතුල සේනාරත්න පවසයි.
තමන් මේ වන විට ක්‍රියාකාරී දත්ත විශ්ලේෂකයෙකු පර්යේෂකයෙකු ලෙස ලොව පුරා පර්යේෂණ කණ්ඩායම් කීපයක් සමගම කටයුතු කරන බවද ඔවුන් නිරතුරුවම තමන් වෙත දත්ත වාර්තා සපයන බව ද මහාචාර්යවරයා කීය.
පොළොව අභ්‍යන්තරයේ සිදුවන බොහෝ කම්පන තත්වයන් භූ තල මායිම්වල සිදුවන විභේදනයන් පොළොව මතුපිටට පැමිණෙන්නේ කම්පන ස්වභාවයකින් බවද කී මහාචාර්යවරයා 3.5 ක අගය පසුකරන කම්පන තත්වයන් ඇති වීම දුර්ලභ බව ද කීය.
මේ වන විට පරිසරයේ සිදුවන විවිධ විචල්‍යයන් භූමිය අභ්‍යන්තරයට බලපෑම් ඇති කරන බවත් කෘත්‍රිමව ඉදි කරන ගොඩනැගිලි ඒවාගේ විශාලත්වය බර පොළොව අභ්‍යන්තරයට බලපෑම් ඇති කරන බවත් කී මහාචාර්ය අතුල සේනාරත්න සොබාදහමේත් පරිසරයේත් අසමතුලිතතාවයන් මත පොළොව මතුපිටට දැනෙන භූ කම්පන තත්වයන් සංඛ්‍යාත්මකව වැඩි වී ඇති බවට සැක කළ හැකි බවද කීය.
දෛනිකව සැලකිය යුතු මට්ටමේ භූ කම්පන තත්වයන් බහුල ව සිදු වුවහොත් ඒ සම්බන්ධයෙන් කඩිනමින් පර්යේෂණ් ආරම්භ කොට ඊට හේතු සොයා බැලීමට ජාත්‍යන්තර භූ විද්‍යාඥයින් කටයුතු කරනු ඇතැයිද හෙතෙම කියා සිටියේය.







