අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලබන මැයි ජූනි වෙනකොට ඉදිකිරීම් ක්ෂේත්‍රය වැටෙන අනතුර ගැන සජිත් කියයි

by Lankasara News
නොවැම්බර් 30, 2022
in පුවත්
Sajith Premadasa
Share on FacebookShare on Twitter

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ලක්ෂ 4කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විටත් සහමුලින්ම අනාථබාවයට පත්ව ඇති බවත් ලබන වසරේ මැයි ජූනි පමණ වන විට මේ වන විට කරගෙන යන ව්‍යාපෘති ද නතර වී බහුතරයකට සිය ජීවනෝපායන් අහිමි වෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුව අමතමින් පැවසීය.

ලක්ෂ 44ක් පමණ පෝෂණය වෙන මෙම ක්ෂේත්‍රය කාරක ප්‍රාග්ධනයේ බරපතල හිඟතාවයකට මුහුණ පාමින් සිටින අතරතුර සීයට 9කට පමණ තිබූ පොලී අනුපාතය එක්වරම සීයට 30ක් පමණ වීමෙන් එම ක්ෂේත්‍රයේ නියැලෙන්නන් අතිශය අසරණ තත්ත්වයකට පත්ව ඇතැයි ඔහු සඳහන් කළේය.

විදේශ රටවල, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියැලෙන්නන් සඳහා රැකියා අවස්ථා තිබුණත් වෘත්තීය සුදුසුකම් තහවුරු කිරීමට අවශ්‍ය වෘත්තීය පුහුණු සහතියක් ගැනීමට ස්ථානයක් නොමැති වීම නිසා විදේශගත වීම ද අපහසු වී තිබේ. මේ සම්බන්ධයෙන් සොයා බලන්න යැයිද, විශ්ව විද්‍යාලවලින් පිටවෙන සිසු සිසුවියන්ට පුහුණුවක් ලබා ගැනීමට අවස්ථාව සලසන්න යැයි ද ඔහු විෂය භාර අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.

“විවිධ මූල්‍ය ආයතන හා ආධාර ආයතන සමාජ ආරක්ෂණයට, බෙහෙත්වලට හා තවත් සහනවලට මෙච්චර මෙච්චර මුදල් දුන්නා කියනවා.. ඒත් ඇත්තටම ඒ සේරම රීපර්පස් ෆන්ඩ්ස්.. ඒ කියන්නේ දැනට මේ රටේ ක්‍රියාත්මක වෙන ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ව්‍යාපෘතිවලට වෙන්කළ මුදල් ඔවුන් ඒ කටයුතුවලට දෙනවා. එවිට සිද්ධ වෙන්නේ පාලම්, පාරවල් ඉදිකිරීම් නැවතෙන එකයි. රජය කළ යුත්තේ ලෝක බැංකුවෙන්, ආසියානු බැංකුවෙන් එක් අරමුණකට ලැබුණු මුදල් තවත් අරමුණකට ලබා ගැනීම නෙමෙයි… ඒ ඒ අරමුණුවලට අලුතෙන් මුදල් ලබා ගැනීමයි..

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ඒ විතරක් නෙමෙයි ඉදිකිරීම් ක්ෂේත්‍රයෙන්, රජයේ ව්‍යාපෘති කරනවනේ.. මේ ව්‍යාපෘති බැලන්ස් ෂීට් එකේ නෑ.. ඒත් ණයට ගත්තු කාරක ප්‍රාග්ධනය බැලන්ස් ෂීට් එකට එකතු වෙනවා.. එතකොට රජයේ ව්‍යාපෘතිවලට, අදාළ ගෙවීම් නොකළම සීයට 30ක චාර්ජ් එකක් එකතු වෙනවා.. මේ විදියට වෙද්දී ඉදිකිරීම් කර්මාන්තය සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා.. මේ සම්බන්ධයෙන් රජය ක්‍රියාත්මක වෙන්න ඕනේ…”

විපක්ෂ නායකවරයා සිය අදහස් දැක්වීමේදී පැවසූ අතර, වැඩිදුර තොරතුරු තමා සතු වෙන බවත්, ඒවා විෂය භාර අමාත්‍යවරයාට ලබා දීමට කැමැති බවත් පැවසීය. ආණ්ඩුව, විපක්ෂය ලෙස දෙකඩ නොවී එකට එකතු වී මේ ක්ෂේත්‍රයට උදව් කිරීමට තමන් කැමැති බව ද, මින් පෙර ආසියානු බැංකුවේ නේවාසික ප්‍රධානියා සමඟ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් අතර හමුවක් සංවිධානය කළ බව ද ඔහු සඳහන් කළේය.

එලෙසම ඉදිකිරීම් කර්මාන්තය මෙරට දළ දේශීය නිෂ්පාදිතයට දළ වශයෙන් 7%ක දායකත්වයක් දක්වනු ලබන අතර, මෙම ආණ්ඩුව විසින් නිර්මාණය කළ ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රය දැඩි ලෙස කඩා වැටීමට ලක්ව ඇතැයි පැවසූ විපක්ෂ නායකවරයා කඩා වැටී ඇති ඉදිකිරීම් කර්මාන්තය පිලිබදව ගැටලු රැසක් අද 27/2යටතේ ඉදිරිපත් කරනු ලැබීය.

Share69Tweet43
Previous Post

දේපල අයෝජන ක්ෂේත්‍රයේ චීන අභිබවා ඉන්දියාව පෙරමුණට

Next Post

යාන්ඔය ව්‍යාපෘතියේ දී චීන්නු ආණ්ඩුවට තැබූ පස් – වැලි “පොල්ල“

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.