අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලක්ෂ 05ට “ටොසී“ වික්ක සජබේ පරනිදරන් පොලිස් ඇප මත නිදහස්… නියම මිල වගේ 4 ගුණයක්..

by editor
සැප්තැම්බර් 8, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ටොසී නමින් වහරේ එන Tocilizumab නැමැති ඖෂධය රුපියල් එක් ලක්ෂ විසි පන්දහක මිලකට රැගෙනවිත් රුපියල්  ලක්ෂ පහකට අලෙවි කරමින් සිටිය දී පොලිස් බුද්ධි අංශය සහ ඖෂධ නියාමන අධිකාරියේ වැටලීම් ඒකකය විසින් අත්අඩංගුවට ගත් සමගි ජනබලවේගයේ කෑගල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් පසුගිය  මහ මැතිවරණයේ දී තරග වැදුණු  මුරුගේසු පරනිදරන් (46)  නැමැත්තා පොලිස් ඇප මත නිදහස් වූ බව ඖෂධ නියාමන අධිකාරි ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම ඖෂධය හමුවන්නේ බොරැල්ල සහසපුර නිවාස සංකීර්ණයේ නිවසක  ශිතකරණයක තිබිය දීය.

ප්‍රශ්න කිරීමේ දී   ඖෂධය රුපියල් ලක්ෂ පහකට අලෙවි කළ බවත් තමන්  නීත්‍යානුකූලව මෙම ඖෂධය ලංකාවට ගෙන්වා ගත් බවත් මුරුගේසු පරනිදරන්  ප්‍රකාශ  කර තිබේ.

ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන් ටොසී ඖෂධය සොයමින් සිටි මිත්‍රයෙකුට එය ලබා දුන් බවත් මිලක් නියම නොකර කැමති මිලක් දෙන ලෙස කී විට ඔහුට ලක්ෂ පහක්   දුන් බවත්ය.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

පොලිස් බුද්ධි අංශයේ නිලධාරීන්  මෙම පුද්ගලයා ඖෂධ ඉහළ මිලකට අලෙවි කරන බවට ලද තොරතුරක් අනුව උපාය දූතයින් යොදවා ලක්ෂ පහකට ඖෂධය මිල දී ගැනීමට ගොස් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.  අනතුරුව පොලිසිය විසින් මෙම තැනැත්තාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන නිදහස් කර තිබේ.

මෙම පුද්ගලයා ඖෂධ නියාමන අධිකාරියේ වැටලීම් අංශයට තර්ජනය කර ගොස් ඇත්තේ ඔහු නීත්‍යානුකූලව ගෙන්වූ මෙම ඖෂධය අවශ්‍ය අයට අලෙවි කළේ මිලක් නියම කර නොමැතිව බැවින් උසාවි ගොස් වන්දි මුදලක් අය කරගන්නා බවය.

ඖෂධ නියාමන අධිකාරිය පවසන්නේ වෛද්‍යවරයෙක් නිර්දේශ කළහොත් අත්‍යාවශ්‍ය ඖෂධයක් රෝගියෙක් සඳහා ගෙන්විය හැකි බවය.

වර්ෂ 1984 දී සොයාගත් රුමටොයිඩ් ආතරයිටීස් සඳහා භාවිත කළ   මෙම ඖෂධය කොවිඩ් නිවුමෝනියාවට  ප්‍රතිකාර සඳහා යොදා ගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන්නේ වර්ෂ 2020 ජූනි මාසයේ දී ය.

විශේෂඥ දැනුම සහිත වෘත්තිකයින් පවසන්නේ මෙම ඖෂධය ලබා දිය හැක්කේ අතිශය පාලිත තත්ව යටතේ නියමිත කාලය පරාසය හඳුනාගෙන ඒ සඳහා ලබා දිය යුතු මාත්‍රාව පිළිබඳ විශේෂඥ ඇගයීමකින් පමණක් බවත්ය.

දැඩි සත්කාර ඒකකයන් භාරව සිටින විශේෂඥ නිර්වින්දක වෛද්‍යවරුන් පවසන්නේ මෙම ඖෂධය සෑම රෝගියෙකුටම ලබා දිය  හැකි විශ්ව කර්ම ඖෂධයක් නොවන  බවත් අවශ්‍ය රෝගීන් සඳහා  ලබා දීමට හැකි  තරම් ඖෂධ දැඩි සත්කාර ඒකක සතුව තිබෙන බවත්ය.

මේ සඳහා මාධ්‍ය මගින් ඇති කළ අනවශ්‍ය ප්‍රචාරය නිසා මෙවැනි කළු කඩ කරුවන් නිර්මාණය වීම නොවැලැක්විය හැකි බව ඔවුන් පෙන්වා දෙන්නේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාප් වහන්සේ හමුවීමට අගමැති මහින්ද ඉල්ලීමක් කළේ නෑ… විදේශ අමාත්‍යංශය කියයි

Next Post

ඖෂධ දත්ත මැකීයාම ගැන සමාගම් CEO අත්අඩංගුවට

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.