සිය ඉතාලි සංචාරයේදී උතුම් වූ පාප් වහන්සේ බැහැදැකීම පිණිස වතිකානුව වෙත යාම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ විදේශ අමාත්‍ය මහාචාර්ය ජීඑල් පීරිස් ඉල්ලීමක් කොට හෝ එවැනි ආරාධනයක් ලැබී හෝ නොමැති බව විදේශ අමාත්‍යංශය සඳහන් කරයි.
ඔවුන් දෙදෙනා ඉතාලියේ අග්‍රාමාත්‍යවරයා සහ ඉතාලියේ හා අනෙකුත් යුරෝපා රටවල සම්භාවනීය අමුත්තන් සහභාගී වන ජාත්‍යන්තර උත්සව අංගයකට සහභාගී වීම සඳහා ඉතාලියේ බොලොඤ්ඤා නගරයෙහි සංචාරයක නිරත වීමට නියමිත අතර එය අවසන් වූ පසු ඉතාලියෙන් පිටත්ව එනු ඇති බවද නිවේදනයක් නිකුත් කරමින් විදදේශ අමාත්‍යාංශය පවසයි.
අගමැතිවරයා සහ විදේශ අමාත්‍යවරයා නොබෝ දිනකින් ඉතාලිය බලා යාමට නියමිත බවත් යුරෝපයේ පැරණිම අධ්‍යයන ආයතනයක් වන බොලොඤ්ඤා විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේ ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය අගමැති මහින්ද රාජපක්ෂ විසින් සිදුකිරීමට නියමිත බවද සඳහන් වේ.