සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංකාවේ ව්‍යාපාර මරණීය අවදානමක… “ෆිච් රේටින් “ අනතුරු අඟවයි…

by editor
ඔක්තෝබර් 20, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පවතින දැඩි ආර්ථික අර්බුදය මත නිර්මාණය වී ඇති  උද්ධමනය, ඉහළ  පොලී අනුපාත සහ ආනයන සීමා කිරීම් හමුවේ  දැනටමත් ශ්‍රි ලංකාවේ බොහෝ ව්‍යාපාරවල ආදායම දරුණු ලෙස පහළ වැටී ඇති බවත්  ඔවුන් ලබන ලාබය අඩු වීම  සහ ව්‍යාපාරයට එන මුදල් ප්‍රවාහය අවහිර වී ඇති බවත් පවසන ජාත්‍යන්තර ශ්‍රෙණිගත කිරීම් ආයතනයක් වන ෆිච් රේටින් ආයතනය අර්බුදය තවදුරටත්  ගැඹුරු වුවහොත් හෝ දීර්ඝ කාලයක් තිස්සේ පැවතුණහොත්, ශ්‍රී ලංකාවේ බොහෝ ව්‍යාපාරික අංශවලට දැඩි පහරක් එල්ල කළ හැකි බවට අනතුරු අඟවයි.

එම ආයතනය ඊයේ (19) මේ පිළිබඳව  කෙටි වාර්තාවක් නිකුත් කළ අතර  එය මෙරට කොටස් වෙළෙඳපොළේ ලයිස්තුගත සමාගම්වල ක්‍රියාකාරීත්වය මත පදනම්ව  වාර්තාව සකස් කොට ඇත.

ෆිච් රේටින්න්ග්ස් ආයතනය පවසන්නේ ආර්ථික අර්බුදය හේතුවෙන් පාරිභෝගික භාණ්ඩ සිල්ලර වෙළඳාම, විදුලිබල උත්පාදනය සහ නිවාස ගොඩනැඟීම දිගුකාලීනව වඩාත් පීඩාවට පත් වූ අංශ ලෙස  හඳුනාගෙන ඇති බවයි.

ඉදිරි මාස 12ත් 18ත් අතර කාලයක් සම්බන්ධයෙන් සිය පුරෝකථන ඉදිරිපත් කරන මෙම ආයතනය පවසන්නේ සමහර ව්‍යාපාරවලට ආර්ථික අර්බුදයේ සම්පූර්ණ ප්‍රතිවිපාක මෙතෙක් නොදැනී ඇත්තේ   2022 ජූනි මස අවසන් වූ දෙවන කාර්තුවේදී ඉහළ සහ පහළ රේඛා සහ ඒවායේ ආන්තිකය වර්ධනය කර ගැනීමට ඔවුන් සමත් වූ නිසා බවය.

එහෙත්  ඉහළ පිරිවැයේ බලපෑම්  හේතුවෙන් ඉදිරි කාර්තු වලද එම ප්‍රතිඵල නැවත ලබා ගැනීමට නොහැකි වනු ඇති බවත් එම තත්ත්වය තවදුරටත් මිල ඉහල දැමීම් සහ පාරිභෝගිකයන්ගේ ආදායම තවදුරටත් පහත වැටීමේ අවදානම හේතුවන බව පෙන්වා දුන්නේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ලෝක බැංකු ඇස්තමේන්තුවලට අනුව, ශ්‍රී ලංකා ආර්ථිකය 2022 සහ 2023 දී අඛණ්ඩව පහත වැටෙනු ඇතැයි පුරෝකථනය කර ඇත. මේ අතර, 2023 අවසන් වන තෙක්  උද්ධමනයේ අර්ථවත් අඩුවීමක් බලාපොරොත්තු නොවන ශ්‍රි ලංකා මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කිරීම  ප්‍රතික්ෂේප කර ඇත.

“ඉල්ලුම සහ ලාභදායිත්වයට බලපාන සැලකිය යුතු පිරිවැය උද්ධමනය, ආයතනික මෙහෙයුම් කඩාකප්පල් කරන ආනයන සීමා කිරීම් සහ ඉහළ පොලී අනුපාත ඉදිරි මාස 12-18 තුළ දේශීය ව්‍යාපාර මුහුණ දෙන ප්‍රධාන අවදානම් සාධක ලෙස සැලකිය හැකියි ” ෆිච් රේටින් ආයතනය  පවසයි.

ආර්ථික අර්බුදකාරී වාතාවරණය දිගටම පැවතුණහොත් දැනට ෆිච් රේටින් සමාගම විසින් ශ්‍රේණිගත කරන ලද කොළඹ  කොටස් වෙළෙඳපොළ ලයිස්තු ගත දෙශිය සමාගම්වලින් සියයට 50කට පමණම සිය ශ්‍රේණිගත කිරීම් රඳවා ගැනීම කෙරෙහි දැඩි පීඩනයක් එල්ල විය හැකි බවට ඔවුහු අනතුරු අඟවති.

“ඉදිරි මාස හයෙන් ඔබ්බට පවතින ආනයන තහනම දීර්ඝ කිරීම, පොලී අනුපාත තවදුරටත් ඉහළ යාම, විකුණුම් මිල ඉහළ නැංවීමේ දුෂ්කරතාවලට තුඩු දෙන දිගුකාලීන උද්ධමනය සහ රජයේ සගයන්ගෙන් ලැබෙන ලැබීම් ප්‍රමාද වීම සමහර සමාගම්වල ද්‍රවශීලතා තත්ත්වයන් වේගයෙන් පිරිහීමට හේතු විය හැක“.

ෆිච් රේටින්  සමාගම තවදුරටත් පවසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පැතුම් නිශ්ශංකත් අබාධයට ලක් වෙයි!

Next Post

 සී.අයි.ඩී ලෙස පෙනී සිට මුදල් කොල්ල කෑ ජනාධිපති ආරක්ෂ අංශයේ බේබදු කොස්තාපල් අත්අඩංගුවට….

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.