සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ලංකාවේ කොවිඩ් මඬින්න එන්නත 70% කට දෙන්න ඕනෑ”

WHO අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ විශේෂ උපදේශක විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් කියයි

by Lanka Sara Editor
ජනවාරි 12, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මෙරට කොරෝනා මර්දනය කිරීමට නම් කොවිඩ් එන්නත අඩුම තරමේ ජනගහනයෙන් 70% කටවත් ලබාදිය යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය විශ්වාස කරන බව, එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සය පුද්ගල උපදේශන මණ්ඩලයේ විශේෂ නියෝජිත විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් මහතා පවසයි.

“තෘත් විත් චමුදිත” යූටියුබ් නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම මේ අදහස් දැක්වීය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ඔහු වෙත උපදෙස් ලබාගැනීමට පත් කළ සය පුද්ගල උපදේශක මණ්ඩලයේ (WHO director general’s special envoys) සාමාජිකයකු ලෙස විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් මහතා පත් කර තිබුණි. ඔහු පත් කරනු ලබන්නේ රටවල් 11ක් නියෝජනය කරමින් අග්නිදිග ආසියාව වෙනුවෙනි. මෙම මණ්ඩලයේ මෙම කලාපයම නියෝජනය කරනු ලබන එකම ආසියානුවා ඔහු ය.

“කොවැක්ස් පහසුකම යටතේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොවිඩ් එන්නත ශ්‍රීලංකා ජනගහනයෙන් 20% කට නොමිලේ දෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දනය කරන්න නම් එන්නත අඩුම තරමේ ජනගහනයෙන් 70% කටවත් දෙන්න ඕනෙ. ප්‍රතිපලයක් අපේක්ෂා කරනව නම්.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ ලෝකෙටම මේ කොරෝනා ගැන තවම අන්තිම අවබෝධයක් නෑ. තවම මෙහි අධ්‍යයන කටයුතු සිදුවෙමින් තියෙන්නෙ. කොරෝනා පාලනය කරන කට්ටිය හැමදාම අලුත් දේවල් ඉගෙන ගන්නවා. නමුත් අද තියෙන තත්වය බැලුවොත් covid වෛරසය, රෝගය නෙවෙයි මෙම වෛරසය තව ටිකක් කල් තියෙන්න පුළුවන්.

covid රෝගයට මෙරට තුළ 80% ක් ආසාදිතයන් රෝග ලක්ෂණ පෙන්වන්නේ නැතැයි කියන දේ ලෝකෙම තියෙන තත්ත්වයක්. හැබැයි අද වෙනකන් ඕකට උත්තරයක් නෑ. උෂ්ණාධික රටවල මේ තත්ත්වය ටිකක් වැඩිපුර දකින්න තියෙනවා.

පසුගිය ජනවාරි වන විට මේ වෛරසය ඒ ගැන තිබුණු දැනුමට වඩා අද වෙනකොට දැනුම් සම්භාරයක් අප සතුව තිබෙනවා. නමුත් මේ වයිරස් එක ගැන හැමදාම අලුත් දෙයක් මතුවෙනවා. ඒකයි සත්‍ය.

ශ්‍රී ලංකාවේ මට වැඩිය වෛරසවේදය ගැන දක්ෂ අය ඕනතරම් ඉන්නවා. ඉතින් මට විශේෂ දෙයක් කියලා ඔවුන්ට කියන්න දෙයක් නැහැ. මට තියෙන්නේ ඇත්තටම සම්බන්ධීකරණය වගේ කටයුත්තක්. මම ලෝක සෞඛ්‍යය සංවිධානය හා සම්බන්ධව ශ්‍රී ලංකාව සමග නිරතුරුව සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගන්න බොහෝ තීරණ හරි.

දැන් තියෙන දත්ත අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ස්ථාවරය නියම ආරක්ෂක පියවර අරන් භූමදානය දීමේ වරදක් නැහැ කියන එක. නමුත් අවසාන තීරණය රටේ නීතිය අනුව විය යුතුයි. WHO එකට බෑ කිසිදු රටකට කියන්න අපි කියන දේ විතරක් කරන්න කියල. අපි උපදෙස් දෙනවා යෝජනා කරනවා පමණයි. තාක්ෂණික කරුණක් ලෙස පමණක් මම කියන්නම් භූමදානය කිරීම යම් කොන්දේසි ආරක්ෂක පියවර යටතේ වරදක් නැහැ කියලයි මගේ අදහස. හැබැයි හරි විදියට කෙරුවොත්. නමුත් සෑම දෙයක්ම රටේ නීතියට යට විය යුතුයි.

ලෝකයේ හැම තැනම බටහිර රටවල පවා දේශීය සහ එක් එක් රටට ආවේණික වෛද්‍ය ක්‍රම ගැන ලොකු උනන්දුවක් තිබෙනවා. ඉන්දියාව තායිලන්තය අපේ වගේ රටවල ලොකු ඉතිහාසයක් තියෙන රටවල නොයෙක් නොයෙක් දේවල් යෝජනා කරනවා කොවිඩ් ඖෂධයක් ලෙස. බටහිර හෝ දේශීය වෛද්‍ය ක්‍රමයේ පළමු කාරණය තමයි හානියක් නොවී ම, ආරක්ෂාව කියන කාරණය. අත්හදාබැලීම් කරාට කමක් නෑ නමුත් අපි මෙතනදි ටිකක් ප්‍රවේසම් වෙලා කළොත් හොඳයි. කවුරුහරි කිව්වොත් මේක හොඳයි මේකෙන් මුකුත් වෙන්නෑ හැදෙන්නෑ එහෙම කියලා, එතකොට අපි ඇත්ත වශයෙන් කළ යුතු දේවල් මග ඇරෙනවා එය නොවිය යුත්තක්. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා මේ දේශීය වෛද්‍ය ක්‍රම අත්හදා බලනවාට කැමතියි. යුනෙස්කෝ එකේ ක්‍රමයක් තියෙනවා දේශීය වෛද්‍ය ක්‍රම, පාරම්පරික වට්ටෝරු දේශීය දැනුම ලැයිස්තුගත කරන. Traditional Knowledge Database කියන එක. එය ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක්. යම් ප්‍රත්‍යක්ෂ ඖෂධයක් එළියට ආවොත් අද, හෙට වෙද්දී එක හැමෝම හදන්න පුළුවන්. ඕක පේටන්ට් කළ යුතුයි . නීතියෙන් අපේ පේටන්ට් ක්‍රමවේදයක් නෑ. ඒකයි ගැටලුව.

අග්නිදිග ආසියාවේ රටවල් එකොළහ තුළින් කොවිඩ් සම්බන්ධයෙන් මුලින් ඉන්නේ අපියි, තායිලන්තයයි. තායිලන්තයේ අපි මෙම කටයුත්තේදී උඩින් ඉන්නේ එක හේතුවක් නිසා. මේ රටවල් දෙක කාලයක් තිස්සේ ප්‍රජා සෞඛ්‍ය පද්ධතිය ඉතාම හොඳින් දියුණු කරගත්තා. ඒකට හේතුව අපේ ප්‍රජා සෞඛ්‍ය සේවාව හෙවත් මහජන සෞඛ්‍ය සේවාව හොඳින් දියුණු වී තිබීම. අමෙරිකාවේ ප්‍රජා සෞඛ්‍ය කියලා දෙයක් නෑ. එනිසා මේ වගේ වසංගතයක් ආවම ඔවුන්ට ඉතා අමාරුයි ඒක පාලනය කරන්න. දෙවැනි කරුණ වන්නේ මේ රටවල් දෙකේම නායකත්වය හොඳයි. තුන්වැනි කරුණ පරිපාලන දක්ෂතාව. ලංකාවේ අපේ මේක කළමනාකරණය ටිකක් තව දැනගත යුතුයි.

ශ්‍රී ලංකාවේ එන්නත් පිළිබඳ අද තියෙන තත්ත්වය ඉතාම සාර්ථකයි.” යැයිද විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් මහතා අවධාරණය කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රන්ජන් වසර 4ක් බරපතළ වැඩ ඇතුව හිරේට

Next Post

විදේශගත ශ්‍රි ලාංකිකයන් ගෙන්වන ගුවන් ගමන් වාර රජය කී ලෙස තවම වැඩි කොට නෑ

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.