ශ්‍රී ලාංකේය ප්රමුඛ පෙළේ ව්යාපාරිකයෙකවන ඩඩ්ලි සිරිසේන නවීනතම හෙලිකොප්ටර් යානයක් මෙරටට හඳුන්වා දීමට සූදානම් වන බවට කළ ඉඟියක් සමඟ මෙරට ගුවන් සේවා ක්ෂේත්රය කෙරෙහි නැවතත් දැඩි අවධානයක් යොමුව තිබේ.
2026 සිංගප්පූරු ගුවන් ප්‍රදර්ශනයට (Singapore Airshow 2026) සහභාගී වෙමින් සිරිසේන ප්‍රකාශ කළේ, නවීන පන්නයේ හෙලිකොප්ටර් යානයක් මෙරටට හඳුන්වා දීමේ සිය දිගුකාලීන සිහිනය නුදුරු අනාගතයේදී සැබෑ කර ගැනීමට තමන් බලාපොරොත්තු වන බවය.
ප්‍රදර්ශනය අතරතුර යූටියුබ් නාලිකාවක් සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. හෙලිකොප්ටර් තාක්ෂණය පිළිබඳව තමන් දැඩි ලෙස අධ්‍යයනය කරන බවත්, වසර ගණනාවක සිට තමන් සිංගප්පූරු ගුවන් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන බවත් ඔහු එහිදී පැවසීය.
ආසියාවේ විශාලතම ගුවන් සේවා ඉසව්ව වන මෙය පසුගිය අඟහරුවාදා (03) ආරම්භ වූ අතර, දෙවසරකට වරක් පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයේ 10 වන අදියර සඳහා සමාගම් 1,000කට අධික සංඛ්‍යාවක් එක්ව සිටියහ. එයාර්බස් (Airbus) සහ බෝයිං (Boeing) වැනි ලොව දැවැන්ත සමාගම් මෙන්ම, එස්.ටී. ඉංජිනියරින් (ST Engineering) වැනි කලාපීය සමාගම් සහ ඇන්ඩුරිල් (Anduril Industries), ෂීල්ඩ් ඒ.අයි (Shield AI) වැනි ඩ්‍රෝන තාක්ෂණය පදනම් කරගත් ආරක්ෂක සමාගම් ද මෙයට සහභාගී විය. සැපයුම් දාමයන්හි පවතින ප්‍රමාදයන් මධ්‍යයේ වුවද, ගුවන් සේවා කර්මාන්තය වේගවත් වර්ධනයක් කරා ගමන් කරන මොහොතක මෙම ප්‍රදර්ශනය පැවැත්වීම විශේෂත්වයකි.
මෙම සම්මුඛ සාකච්ඡාව ලබා දෙන අවස්ථාවේදී බෙල් ටෙක්ස්ට්‍රොන් (Bell Textron Inc.) සමාගමේ නවීනතම හෙලිකොප්ටර් මාදිලියක් සිරිසේනට පසුපසින් ප්‍රදර්ශනය වෙමින් තිබිණි. ඒ පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, සංචාරක කර්මාන්තයේ පිබිදීමත් සමඟ ශ්‍රී ලංකාව වේගයෙන් ඉදිරියට ගමන් කරමින් සිටින බවයි.
“මම විශාල කැපකිරීම් කරලා මගේ ජීවිතේ හීන ගොඩක් සැබෑ කරගෙන තියෙනවා. මගේ මීළඟ හීනය තමයි මේ මගේ පිටුපසින් පේන්න තියෙන්නේ. නමුත් මම මීටත් වඩා හොඳ, බෙල් (Bell) සමාගමේ අලුත්ම මාදිලියටත් වඩා දියුණු හෙලිකොප්ටර් යානයක් ගැන හීන දකිනවා. ඉතා ඉක්මනින් මම ඒ හීනය සැබෑ කරනවා,” යැයි ඩඩ්ලි සිරිසේන වැඩිදුරටත් පැවසීය.(Daily Mirror)







