සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රේගුවෙන් පන්නාගෙන ඇවිත් මත්තල සඟවා තැබූ අධි සුඛෝපභෝගී මොන්ටෙරෝ රථයක් කොටුවෙයි..

by editor
සැප්තැම්බර් 18, 2022
in පුවත්
පොලිස් අත්අඩංගුවට ගත් මොන්ටොරෝ රථය...

පොලිස් අත්අඩංගුවට ගත් මොන්ටොරෝ රථය...

Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

හොර පාරෙන් මෙරටට ගෙන්වා මත්තල සඟවා තිබූ රුපියල් කෝටි දෙකක් පමණ වටිනා අධිසුඛෝපභෝගී මොන්ටෙරෝ රථයක අයිතිකරු සොයා අධිකරණ නියෝග මත මත්තල පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

රජයේ තීරුබදු හා රේගු බදු නොගෙවා වංචා සහගත ලෙස හොර පාරෙන් මෙම වාහනය මෙරටට ගෙන්වා මත්තල අලුත්ගම්ආර ප්‍රදේශයේ නිවසක සඟවා තිබිය දී මත්තල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රසාද් බංඩාරට ලැබුණු පුද්ගලික තොරතුරකට අනුව වැටලීමක් සිදුකර මෙම අධිසුඛෝපභෝගී මොන්ටෙරෝ රථය පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් අත්අඩංගුවට ගත් මොන්ටොරෝ රථය…

කොළඹ පානදුර ප්‍රදේශයේ පදිංචි තමන්ට දුරින් ඥාති වන පුද්ගලයෙකු කතරගම යාමට පැමිණි අවස්ථාවේ ඔවුන් පැමිණි වාහනය කාර්මික දෝෂයකට ලක්වීම නිසා එය සකස් කර රැගෙන යනතෙක් තම නිවසේ නවතා තබන බව පවසා මෙම මොන්ටෙරෝ ජිප් රථය සිය නිවසේ නවතා දමා ගිය බව පොලිස් ප්‍රශ්න කිරීමේදී වාහන නවතා තිබූ නිවෙසේ හිමිකරු පොලිසියට පවසා ඇත.

කෙසේ නමුත් පොලිස් ප්‍රශ්න කිරීමේදී අදාල වාහනයේ අයිතිකරු සම්බන්ධයෙන් නිසි අනන්‍යතාවයක් තහවුරු කිරිමට නිවෙස් හිමියාද අපොහොසත් විම නිසා අදාල ජිෆ් රථය පොලිස් භාරයට ගෙන සිදුකළ මුලික විමර්ශන වලදී අනාවරණය වි තිබුණේ මෙම ජීෆ් රථය තීරු බදු හෝ රේගු බදු කිසිවක් නොගෙවා වංචා සහගත ලෙස හොර පාරෙන් මෙරටට ගෙන්වා ඇති බවය.

වාහනය සඳහා අදාල ලිපිගොනු සකස් කරනතුරු වෙනත් වාහනයක අංක තහඩු යොදාගෙන මෙම රථය මත්තල ප්‍රදේශයට රැගෙනවිත් සඟවා තබා ඇති බව හෙළි වී ඇත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

වාහනය පොලිස් භාරයට ගන්නා අවස්ථාව වන විට වාහනයේ පැවති ලියාපදිංචි සහතිකද ව්‍යාජව සකස් කර තබූ එකක් බවට අනාවරණය වි තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මත්තල පොලිසිය තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර රේගුව නිළධාරීන් හා රජයේ රස පරීක්ෂක කාර්යාලයේ නිළධාරීන්ගේද සහාය ඇතිව විමර්ශන කටයුතු සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමට කටයුතු කරන ලෙසට එහිදී තිස්සමහාරාම මහේස්ත්‍රාත් සමීර තුෂාර මහතා මත්තල පොලිසියට නියෝග කර තිබේ.

තංගල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අමල් එදිරිමාන්න, හම්බන්තොට සහකාර පොලිස් අධිකාරී පෙරේරා ගේ උපදෙස් පරිදි මත්තල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රසාද් බංඩාර, උප පොලිස් පරික්ෂක සුමනසිරි, පොලිස් කොස්තාපල්වරුන් වන (87321)බංඩාර,(100042) දිනුක යන නිළධාරීන් එක්ව වැටලීම සිදුකර තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වතුරට ලක්ෂ 32ක් පොලු තබා මන්ත්‍රිවරු 15ක් මිය ගිහින්…

Next Post

මහරැජනගේ වියෝවෙන් අස්ගිරි මහා නායක හිමියෝ ශෝක වෙති… රැජනට නිවන් සුව පතති!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.