රුසියානු හමුදාවේ සේවය සඳහා ශ්‍රි ලාංකිකයින් යොමුකළ විදේශ රැකියා ආයතනයක හිමිකරු හා එහි කළමනාකරු ජූනි 13 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය අද (30) නියෝග කළේය.
රුසියානු හමුදාවේ සිවිල් සේවය සඳහා ශ්‍රී ලාංකිකයන් යොමු කරන බව කියමින් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 15ක් බැගින් අය කරගෙන සංචාරක වීසා මගින් විශ්‍රාමික හමුදා සෙබලුන් රුසියානු යුද්ධයේ ඉදිරි ආරක්ෂක වළල්ලට යොමු කිරීම සදහා කළ මිනිස් ජාවාරම සම්බන්ධව ලද පැමිණිලි 07ක් මත මෙම සැකකරුවන් දෙදෙනා මැයි 15 වනදා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
කාර්යාංශය වෙත ලද පැමිණිලි අනුව මෙම ආයතනය වංචාකර ඇති මුදල් ප්‍රමාණය රුපියල් කෝටියකට අධික වේ.







