අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රුපියල් තුන්දාහේ පාර්ලිමේන්තු කෑම කතාවට නවක මන්ත්‍රීන්ගෙන් විරෝධයක්

by Lanka Sara Editor
අගෝස්තු 27, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රුපියල් තුන් දහසක් වටිනා කෑම වේලක් රුපියල් දෙසීයට දෙන බවට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු විසින් නවක මන්ත්‍රීන් යෙනුවෙන් පැවති සම්මන්ත්‍රණයකදී කරන ලද ප්‍රකාශයට රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙපොල මහත්මිය ඇතුළු නවක මන්ත්‍රීවරුන් කිහිප දෙනකු දැඩි විරෝධයක් පළ කර ඇති බව දිවයින පුවත් පත අද වාර්තා කර ඇත.

මෙම ප්‍රකාශය සිදු කොට ඇත්තේ පසුගියදා නවක මන්ත්‍රීවරන් වෙනුවෙන් පැවති පාර්ලිමේන්තු වැඩමුළුවකදීය. එහිදී පාර්ලිමේන්තු මූල්‍ය අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කොට ඇත්තේ මන්ත්‍රීවරනු්ට රුපියල් තුන් දහසක පමණ ආහාර වේලක් රුපියල් දෙසීයකට ලබා දෙන බවය. එහිදී ක්ෂණිකව ඊට ප්‍රතිචාර දක්වා ඇත්තේ සීතා අරඹේපොළ මහත්මියයි.

මෙම ආහාර වේල රුපියල් තුන්දහසක් නොවටින බවත් තමන් දින දෙකක්ම මේ කෑම වේල ලබා ගත්තද එහි ඒ තරම් වටිනාකමක් පෙනෙන්ට නැති බවද ඇය විරෝධයක් දක්වමින් ප්‍රකශහ කළේ අපි රුපියල් තුන් දහසේ කෑම වේලක් දෙසීයකට ගන්නේ යයි කී විට සමාජය තුළ අප කෙරෙහි වෛරයක් ඇති වන බවය.

“මේ කෑම වේල රුපියල් තුන් දාහක් වෙනවාද? මම පළමු දවසේ ගිහිල්ලත් කල්පනා කළා මම කෑම ගත්තේ වැරදි තැනකින්වත්ද කියල.මම කල්පනා කළා තුන්දාහේ බුෆේ එක වෙන තැනකවත් කියනවද කියල. මේ වගේ වැරදි මත සමාජ ගත කරන්න එපා ඒ මත නිසා පාර්ලිමේන්තුවට මිනිස්සු වෛර කරනවා.යයිද රාජ්‍ය ඇමතිවරිය පවසා ඇත.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

මෙහිදී නවක මන්ත්‍රී ප්‍රේමනාත් සී දෝලේවත්ත ද මෙම කෑම වේල රුපියල් තුන්දහසකට කිසිසේත් නොවටින බවත් අවශ්‍ය නම් නවක මන්ත්‍රීවරුන්ට ගෙදරින් කෑම ගෙනත් ගත හැකි බව සඳහන් කර ඇති අතර ඊට තවත් නවක මන්ත්‍රිවරුන්ද සහය පළ කරමින් අදහස් දක්වා ඇත.

මේ අතරේ පාර්ලිමේන්තු නියෝජ්‍ය ලේකම්වරයා විගණන අංශයෙන් මෙම ආහාර වේලක සැබෑ පිරිවැය වහා දැනගෙන එය ප්‍රකශහයට පත් කර ඇත.

ඒ අනුව මාලු කෑම වේලක මිල රුපියල් 951ක් ලෙසත් එළවළු කෑම වේලක මිල රුපියල් 629ක් ලෙසත් බව දන්වා ඇත.එහිදී මූල්‍ය අධ්‍යක්ෂවරයා මන්ත්‍රිවරුන්ගෙන් මේ ප්‍රකාශය පිළිබඳව සමාව ගෙන ඇති බව වාර්තා වෙයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නුවරඑළිය පොලිසියේ නොසැලකිල්ලත් සහරාන්ලාට වාසියක් වෙලා

Next Post

“එජාප නායකත්වය ගන්න සූදානම් කීවේ සාමාජිකයන් බහුතරයකගෙ එකඟත්වයෙන්”

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.