බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“එජාප නායකත්වය ගන්න සූදානම් කීවේ සාමාජිකයන් බහුතරයකගෙ එකඟත්වයෙන්”

කරූ කරුණු පැහැදිලි කරයි

by Lanka Sara Editor
අගෝස්තු 27, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

එක්සත් ජාතික පක්ෂය මුහුණ දී ඇති අවාසනාවන්ත ඉරණමෙන් ගලවාගැනීම වෙනුවෙන් තමා එහි නායකත්වය භාරගැනීමට සූදානම් වූයේ පක්ෂ සාමාජිකයන් හා පක්ෂයට හිතවත් ප්‍රගතිශීලී පුරවැසියන් අතිමහත් බහුතරයකගේ එකඟත්වය මත බව හිටපු කථානායක කරු ජයසූරිය මහතා පවසයි.

එහෙත් එම ප්‍රකාශයත් සමඟ තමාට අභූත චෝදනා එල්ල වී ඇති අතර, තවදුරටත් සිදුවන දෙයින් පෙනීයන පරිදි නිදහසක් ලබා ගැනීමට පවා උරදුන් අභිමානවත් පක්ෂයක් විනාශ මුඛයට ඇදදමා ඉටුකරනුයේ කවර පාර්ශවයක දේශපාලන උවමනාවක් දැයි ජනතාවට මනාව පැහැදිළි වනු ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් කරු ජයසූරිය මහතා පෙන්වා දෙයි.

කරු ජයසූරිය මහතාගේ පාර්ශවයෙන් නිකුත් කරන ලද එම සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.

“එක්සත් ජාතික පක්ෂය මුහුණ දී ඇති අවාසනාවන්ත ඉරණමෙන් ගලවා ගැනීම සදහා පොදු ජනතා සිතුම් පැතුම් වලට සමගාමී වන ලෙස පක්ෂයේ කඩිනම් ප්‍රතිසංවිධානයක් උදෙසා නායකත්වය දීමට තමා සූදානම් බව හිටපු කථානායක කරු ජයසුරිය මහතා නිල වශයෙන් ප්‍රකාශ කිරීමත් සමගම ඒ පිළිබදව පළව ඇති ඇතැම් ප්‍රතිචාර පිළිබදව කරුණු පැහැදිලි කිරීම අපගේ වගකීමක් කොට සලකමු.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

පසුගිය මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ලද අන්ත පරාජයෙන් පසුව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉල්ලා අස් වන බවට පැහැදිළිව ප්‍රකාශයට පත්කෙරිණි. ඒ අනුව සමාජයේ විවිධ පාර්ශවයන්ගෙන් පක්ෂය නැවත ගොඩනැගීමේ කාර්යයට නායකත්වය දෙන ලෙස කරු ජයසූරිය මහතා වෙත ඉල්ලීම් ගලා එන්නට විය.

කිසිසේත් නොසළකා හල නොහැකි තරම් වූ අදාල ඉල්ලීම් සියල්ල සැළකිල්ලට ගනිමින් එම දුෂ්කර වගකීම උර මතට ගෙන පක්ෂයත් පාක්ෂිකයාත් වෙනුවෙන් යුතුකම් ඉටුකිරීමට තමා සූදානම් බව පක්ෂ නායකත්වයට වාචිකව දැණුම්දුන් කරු ජයසූරිය මහතා පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් ස්වකීය අදහස ප්‍රකාශයට පත්කරන ලදි.

මෙය පක්ෂ සාමාජිකයන් හා පක්ෂයට හිතවත් ප්‍රගතිශීලී පුරවැසියන් අතිමහත් බහුතරයකගේ එකගත්වය මත ගනු ලැබූ තීරණයක් බවද අවධාරණය කරමු.

නමුත්, කරු ජයසූරිය මහතා සිය මතය ප්‍රකාශයට පත් කළ පසුව එතුමා සම්බන්ධයෙන් විවිධ අභූත හා හාස්‍ය ජනක චෝදනා දිගින් දිගටම එල්ලකිරීමේ ප්‍රවණතාවයක් දක්න ලැබේ.

1. රනිල් වික්‍රමසිංහ මහතා ට ඉතාම සමීප ව කටයුතු කළ නීතීඥ එරන්ද වැලිඅංගේ මහතා පිළිබදව කරු ජයසූරිය මහතා කරන ලද ප්‍රකාශයක් සමගි ජන බලවේගයෙන් තරග කළ ඒ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට වාසි දායක වූ බැවින් කරු ජයසූරිය මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කළ යුතු බවට රනිල් වික්‍රමසිංහ මහතා විසින් යෝජනා කර තිබිණි. ( එහෙත්, මෙම ප්‍රකාශය සමගි ජන බලවේගය බිහිවීමට පෙර එනම්, 2019 වර්ශයේ දී දේශපාලන අරමුණක් නොමැතිව පුද්ගලයෙකු අරභයා කරන ලද්දක් බවට තහවුරු වීමෙන් පසුව විනය පරීක්ෂණ උත්සාහය හකුලාගනු ලැබීය.)

2. ඉන් පසු 2020.08.25 දින පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී කරු ජයසූරිය මහතා පිළිබදව තවත් පදනම් විරහිත හා හාස්‍යජනක ප්‍රකාශ දෙකක් සිදුකොට ඇති බව වාර්තා විය.

පළමුවැන්නනම්, කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයෙකු නොවන හිටපු කථානායකවරයාව පක්ෂ නායකත්වයට පත්කිරීමෙහි ලා නීතිමය බාධාවක් පවතින බවයි. පක්ෂ ව්‍යවස්ථාව අනුව හා සැබෑ අවශ්‍යතාවයක් ඇත්නම්, එයට කිසිදු නීතිමය බාධාවක් නොමැති බව නීතී විශාරදයින්ගේ මතයයි.

එමෙන්ම, 2015 සැප්තැම්බර් පළමු වනදින කථානායක ධුරයට පත් වූ කරු ජයසුරිය මහතා ඊට සමගාමීව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති පදවියද උසුලන ලදි. 2020 මාර්තු 02 දිනෙන් කථානායක ධුරය අවසන් වුවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති ධුරය අඛණ්ඩව 2020 අගෝස්තු 20 දින දක්වා බලපැවැත්විණි. එම උත්තරීතර ධුරයන්ගේ ස්වාධීනත්වය රැකගැනීම සදහා කිසිදු දේශපාලන පක්ෂයක සක්‍රීය තනතුරක් නොදැරීමේ ප්‍රතිපත්තිය මත පිහිටා එතුමන් කටයුතු කරන ලදි.

දෙවැනි චෝදනාව නම්, කරු ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකු නොවන බවයි. එයද පක්ෂ සාමාජිකත්ව ව්‍යුහය පිළිබදව හෝ අවබෝධයකින් තො‍රව කරන ලද පදනම් විරහිත හාස්‍යජනක ප්‍රකාශයකි.

මින් වසර 20 කට පෙර පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ කරු ජයසුරිය මහතා එක්ව ආරම්භ කළ 1000 M යාවජීව පක්ෂ සාමාජිකත්වය ලබාගෙන ඇති කරු ජයසුරිය මහතාගේ පක්ෂ සාමාජිකත්වය අඛණ්ඩව බලපැවැත් වේ. තවද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති ධරයට සමු දුන් වහාම නැවත 2020 අගෝස්තු 21 වන දින පක්ෂයේ සක්‍රීය සාමාජිකත්වය පිණිස වාර්ෂික පක්ෂ සාමාජිකත්වය සදහා ද අයදුම් කළ ඒ මහතා මේ වන විට 2020 වර්ෂය සදහා පක්ෂ සාමාජිකත්වයද ලබා තිබේ.

කෙසේ වෙතත්, 2010 වසරේ සහ 2015 වසරේ දී පක්ෂයට පරිබාහිර පුද්ගලයන් ජනාධිපති අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් කිරීමේ දී පවා සළකා නොබැලූ නිර්ණායක ඉදිරිපත් කරමින් මෙලෙස කටයුතු කිරීමෙන් තවදුරටත් විනාශය කරා ගමන් කරන්නේ පක්ෂය හා එයට දිවි දෙවැනි කොට ආදරය කරන පාක්ෂිකයන්මය.

තවද ශ්‍රී ලංකාවට නිදහස දිනාගැනීමෙහි ලා පුරෝගාමී වූ, එදා මෙදාතුර ශ්‍රී ලාංකික ජනතාවට අභිමානවත් ජීවිතයක් සදහා මග විවර කරන්නට කැප වූ දේශපාලන පක්ෂයක් මෙලෙස විනාශ මුඛයට ඇද දමා ඉතිහාසයට එක්කිරීමෙන් ඉටුකරනුයේ කවර පාර්ශවයක දේශපාලන උවමනාවක් දැයි ජනතාවට මනාව පැහැදිළි වනු ඇත.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

රුපියල් තුන්දාහේ පාර්ලිමේන්තු කෑම කතාවට නවක මන්ත්‍රීන්ගෙන් විරෝධයක්

Next Post

යාපනයට කොරෝනා ගෙනා පාස්ටර් වරයා යළි පැමිණෙයි

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.