පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රුපියල් තුන් දහසක් වටිනා කෑම වේලක් රුපියල් දෙසීයට දෙන බවට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු විසින් නවක මන්ත්‍රීන් යෙනුවෙන් පැවති සම්මන්ත්‍රණයකදී කරන ලද ප්‍රකාශයට රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙපොල මහත්මිය ඇතුළු නවක මන්ත්‍රීවරුන් කිහිප දෙනකු දැඩි විරෝධයක් පළ කර ඇති බව දිවයින පුවත් පත අද වාර්තා කර ඇත.
මෙම ප්‍රකාශය සිදු කොට ඇත්තේ පසුගියදා නවක මන්ත්‍රීවරන් වෙනුවෙන් පැවති පාර්ලිමේන්තු වැඩමුළුවකදීය. එහිදී පාර්ලිමේන්තු මූල්‍ය අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කොට ඇත්තේ මන්ත්‍රීවරනු්ට රුපියල් තුන් දහසක පමණ ආහාර වේලක් රුපියල් දෙසීයකට ලබා දෙන බවය. එහිදී ක්ෂණිකව ඊට ප්‍රතිචාර දක්වා ඇත්තේ සීතා අරඹේපොළ මහත්මියයි.
මෙම ආහාර වේල රුපියල් තුන්දහසක් නොවටින බවත් තමන් දින දෙකක්ම මේ කෑම වේල ලබා ගත්තද එහි ඒ තරම් වටිනාකමක් පෙනෙන්ට නැති බවද ඇය විරෝධයක් දක්වමින් ප්‍රකශහ කළේ අපි රුපියල් තුන් දහසේ කෑම වේලක් දෙසීයකට ගන්නේ යයි කී විට සමාජය තුළ අප කෙරෙහි වෛරයක් ඇති වන බවය.
“මේ කෑම වේල රුපියල් තුන් දාහක් වෙනවාද? මම පළමු දවසේ ගිහිල්ලත් කල්පනා කළා මම කෑම ගත්තේ වැරදි තැනකින්වත්ද කියල.මම කල්පනා කළා තුන්දාහේ බුෆේ එක වෙන තැනකවත් කියනවද කියල. මේ වගේ වැරදි මත සමාජ ගත කරන්න එපා ඒ මත නිසා පාර්ලිමේන්තුවට මිනිස්සු වෛර කරනවා.යයිද රාජ්‍ය ඇමතිවරිය පවසා ඇත.
මෙහිදී නවක මන්ත්‍රී ප්‍රේමනාත් සී දෝලේවත්ත ද මෙම කෑම වේල රුපියල් තුන්දහසකට කිසිසේත් නොවටින බවත් අවශ්‍ය නම් නවක මන්ත්‍රීවරුන්ට ගෙදරින් කෑම ගෙනත් ගත හැකි බව සඳහන් කර ඇති අතර ඊට තවත් නවක මන්ත්‍රිවරුන්ද සහය පළ කරමින් අදහස් දක්වා ඇත.
මේ අතරේ පාර්ලිමේන්තු නියෝජ්‍ය ලේකම්වරයා විගණන අංශයෙන් මෙම ආහාර වේලක සැබෑ පිරිවැය වහා දැනගෙන එය ප්‍රකශහයට පත් කර ඇත.
ඒ අනුව මාලු කෑම වේලක මිල රුපියල් 951ක් ලෙසත් එළවළු කෑම වේලක මිල රුපියල් 629ක් ලෙසත් බව දන්වා ඇත.එහිදී මූල්‍ය අධ්‍යක්ෂවරයා මන්ත්‍රිවරුන්ගෙන් මේ ප්‍රකාශය පිළිබඳව සමාව ගෙන ඇති බව වාර්තා වෙයි.