ලලිත් චාමින්ද –
විද්‍යුත් උපකරණ , ඇපල්වර්ගයේ ජංගම දුරකථන, ඇතුළු නවින පන්නයේ තාක්ෂණික උපාංග අලෙවි කිරිමේ සමාගමකට අයත් ගාල්ල සමුද්‍රමාවතේ පිහිටි ප්රදර්ශනාගාරයක් ගලකින් ගසා බිදි එහි තිබු රුපියල් එක්කෝටි දශලක්ෂ අනුදෙදහස් තුන්සිය තිස්අටක් වටිනා ඇපල් වර්ගයේ ජංගම දුරකථන ඇතුළු වර්ග 40කට අයත් තාක්ෂණික මෙවලම් සොරකම් කිරිම් සම්බන්දයෙන් සැකකරුවෙකු අද (20) අත්අඩංගුවට ගත්බැව් ගාල්ල පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිගම ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදිවියේ පසුවන අයෙකි. මොහු මෙවැනි කොල්ලකෑම් ගණනාවක් සම්බන්ධයෙන් වැලිකඩ බන්ධනාගාරගතව සිට ඇත.
ඊයේ (19) දින මෙම සැකකරුට අධිකරණය මගින් ඇප ලැබි ඇත. මොහු කොළඹ නගරයේ සිට බස්රථයකින් පැමිණ ඇති අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ දී මෙකි ප්‍රදර්ශනාගාරයේ ඉදිරිපස වීදුරුව ගලකින් ගසා බිඳ තිබේ.
පසුව මොහු වෙනත් ඇඳුමකින් සැරසි පැමිණ ප්රදර්ශනාගරයේ තිබු ඇපල් වර්ගයේ ජංගම දුරකථන 22, ඇපල්වර්ගයේ අයි පෑඩ්, නවින පන්නයේ තාක්ෂණික මෙවලම් ඇතුළු උපකරණ සොරකම් කරගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.
සිද්ධිය වී පැය විසිහතරක් ඉක්මයන්නටත් මත්තෙන් සැකකරු සමග සොරකම් කරණු ලැබු ජංගම දුරකථන ඇතුළු උපකරණ සොයාගැනීමට පොලිසියට හැකිවි ඇත.
පොලිසිය විසින්. සී.සී.ටී.වී කැමරාවල සටහන්ව තිබු දර්ශන පරීක්ෂකොට ඒ ඔස්සේ විමර්ශනය සිදුකොට ඇත. සැකකරු වැලිගම ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණි.
ගාල්ල පොලිසියේ වැඩබලන මුලස්ථාන පොලිස් පරීක්ෂක පුලස්ති ද සොයිසා, අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩි.ජි ආනන්ද, පො සැ 7964 චන්ද්‍රසේන, පො සැ 6387 සරත්, පො සැ 58987 හසිත පො සැ 68093 කණිෂ්ක යන නිලධාරින් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබිය.







