ඝාතනයට ලක්වූ දිනේෂ් ෂාෆ්ටර් මල්පාරේ පිහිටි සිය නිවසෙන් පිටත්ව කෙළින්ම බොරැල්ල පොදු සුසාන භූමියට පිවිස ඇති බවත්, ඒ එන අතරේ කෙටි කෑමක් මිලදී ගැනීම සඳහා බොරැල්ල සහ මල්පාර අතරමග ඇති ප්‍රධාන පෙළේ අලෙවිසලකට ගොස් ඇති බවත් මේ වනවිට සිදුවන විමර්ශනවල දී හෙළි වී තිබේ.
දැනට ඝාතනයට අදාළව පුද්ගලයන් 30කට වැඩි පිරිසකගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇත. විමර්ශන අංශවලට අනුව ඝාතනය සම්බන්ධ විමර්ශනයේ දී ෂාෆ්ටර්ගේ සමීපතමයින් කිහිපදෙනෙකු ද පිළිබඳ දැඩි අවධානයක් යොමුව තිබේ.
දිනේෂ් ෂාෆ්ටර්ගේ බිරිය වන ටානි ෂර්මින් ෂාෆ්ටර්ගෙන් ඊයේ පැය 04ක කටඋත්තරයක් ලබා ගත් බව මාධ්‍ය වාර්තා කළත් ඇයගෙන් කටඋත්තර ලබා ගෙන තිබුණේ අද (20) උදේ ය.
විමර්ශකයින් ඇයගෙන් දීර්ඝ ලෙස ප්‍රකාශයක් ලබාගෙන ඇති බව වාර්තා වේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය සිද්ධිය සම්බන්ධ සිදුකළ විද්‍යානුකූල විවර්ශනවල දී ඉතා වැදගත් තොරතුරු සමුච්ඡයක් හෙළිදරව් කරගෙන ඇති බව විමර්ශන ආරංචි මාර්ග කියයි.
මුලු ගමන් මාර්ගයම ආවරණය කරන සීසීටීවී පද්ධති 42ක දර්ශන මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධ්‍යයනය කරමින් ඇති බව වාර්තා වේ.