ජනවාරි 05 සිට මාස 05ක් යාල්දේවිය යාපනයේ නොගොස් අනුරාධපුරයෙන් නවතින බව වාර්තා වේ.
දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ අනුරාධපුර – වව්නියාව දුම්රිය කොට්ඨාසයේ අලුත්වැඩියාවක් සඳහා එම කාල සීමාව තුළ දුම්රිය ධාවනයට වසා තබන බවය.
එදින සිට මාස පහක කාලයේ දුම්රිය ධාවනය වන්නේ කොළඹ කොටුව සහ අනුරාධපුරය අතර පමණි. අනුරාධපුරයේ සිට
අනුරාධපුරයේ සිට වව්නියාව දක්වා මගීන්ගේ ගමන් පහසුව සඳහා බස් රථ යොදවන බවත් කන්කසන්තුරය – මුරුක්කණ්ඩි දක්වා ධාවනය කරන ‘යාල්රාණි’ දුම්රිය එම මාස පහක කාලය තුළ වව්නියාව මුුරුක්කණ්ඩි අතර ධාවනය කරන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.